|
|
වසන්තගේ ‘මවුස්’ හෙට තිරයට
රොබින් ප්‍රනාන්දු, රොෂාන් රවීන්ද්‍ර, ශ්‍රීමාල් වෙඩිසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, ජයනි සේනානායක, චතුර ප්‍රනාන්දු, චන්දි රණතුංග, තිසර කුලනිත්, අදීශ හෙට්ටිආරච්චි සමඟ ලිත්මාල් ලොකිත් රංගන දායකත්වය සපයති. සුරෙන් රාජපක්ෂ සහ සහන් බෙල්ලන් ගමගේ ගේ කලා අධ්‍යක්ෂණයකි. හේමන්ත ගමගේ අංග රචනයෙන් එක්වෙයි. සහය අධ්‍යක්ෂණය ධනුෂ්ක එන්. පෙරේරා විසින් සිදු කොට ඇත. නුවන් චාමර සමරවික්‍රම නිෂ්පාදන කළමනාකරුය. මේනකා මොරගොඩගේ මූල්‍ය කළමනාකරණයකි. චින්තක ජයකොඩි පසුබිම් සංගීතයෙන් ද, සුනිල් දයානන්ද කෝනාර පද රචනයෙන්ද, චන්දන ඩිල්ශාන් සංස්කරණයෙන් ද, ක්‍රිෂාන්ත ජිනේද්‍රසිංහ කැමරා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා දායක වෙති.
වසන්ත මීට ප්‍රථම කළුවර එළිය, සඳ සාක්කි වැනි ටෙලි සිතුවම් අධ්‍යක්ෂණය කොට ඇත. දින පහේම ‘වැඩ බැරි දාස’ දෙරණේ
රොඩ්නි වර්ණකුල වැඩ බැරි දාසගේ චරිතයට පණ පොවනු ලබයි. ප්‍රියන්ත සෙනෙවිරත්න, මිහිර සිරිතිලක සෝමසිරි කොළඹගේ, දෙනුවන් සේනාධි, චින්තක පීරිස්, තිළිණි රණසිංහ මධුශාන් නානායක්කාර, අංජලී ලියනගේ, මනෝජ් යාලගේ, ලසන්ත උඩුකුඹුර, නිම්මි ප්‍රියදර්ශනී කුසුම් පුරයේ ජීවත්වන වැඩ බැරි දාස ටෙලි නිර්මාණයේ සෙසු පිරිවරයි. මෙය කුෂාන් ටෙලි ෆිල්ම්ස් හි නිෂ්පාදනයකි. අසංග සායක්කාර වැඩ බැරි දාසහි තිර පිටපත සකසයි. චරිත් කොතලාවලගේ රේඛීය නිෂ්පාදනයකි. ජී. නන්දසේන කැමරාව මෙහෙයවයි. තිසර සමන්ත බණ්ඩාරගේ සංස්කරණයකි. ෂෙහාන් ඉද්දමල්ගොඩ සහාය අධ්‍යක්ෂණය කරනු ලබයි. වැඩ බැරි දාස හි කලා අධ්‍යක්ෂවරු දෙදෙනෙකි. ඒ සමන් අඹගහවත්ත සහ කුරුවිට තුෂාරයි. සනීර දිනේෂ්ගේ අංග රචනයකි. පද රචනා සිසිර කොතලාවල විසින් සිදු කර ඇති අතර කපිල පූගලආරච්චිගේ සංගීතයට රොඩ්නි වර්ණකුල ගායනයේ යෙදෙයි. |



හෙට සිට රිත්මා ප්‍රමුඛ සෙල් මණ්ඩලය වෙන් වනුයේ මවුස් සඳහායි. වසන්ත මොරගොඩගේ
කුලුඳුල් සිනමා නිමැවුම වන මවුස් නව නිපැයුම් සොයා යන කුඩා දරුවකු වටා නිර්මාණය
වූවකි.
මවුස් වසන්තගේම තිර රචනයක් සහ අධ්‍යක්ෂණයකි.
ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම ටෙලි සිතුවම වූ ‘වැඩ බැරි දාස’ පසුගියදා සිට සතියේ
දිනවල රාත්‍රී 7 ට දෙරණ නාලිකාවේ විකාශය ඇරැඹිණ. නෝනාවරුනි මහත්වරුනි සහ එතුමා යන
නාට්‍යවලින් අනතුරුව ඉතා දිගු කලකට පසු සිවා අතින් අධ්‍යක්ෂණය වන හස්‍යෝත්පාදක කතා
පවුතක් වන මෙය කුසුම්පුරය නමැති කොට මිනිසුන් සහ ගැහැණුන් සිටින පරිසරයක ජීවත් වන
වැඩ බැරි දාස නම් අපූරු පුද්ගලයකු වටා දිග හැරෙන්නකි.