|
මංගල ගමනට යන්න අවසරයි ...
අභිෂේකා විමලවීර යුග දිවියට ‘මට ජීවිතයේ හොඳම කෙනා හමු වුණා’
පුංචි දවස්වල නින්දට යද්දී
එදා පුංචි දියණියගේ අත අල්ලාගෙන ගිය මේ තාත්තා අද තම ආදරණීය දියණියගේ අත තරුණයකුට භාර දෙනවා. මේ සොඳුරු යෞවනිය අභිෂේකා විමලවීර සිය සැමියා සමඟ යුග දිවියේ සුන්දරත්වය සොයා යන ගමන අද අරඹනවා. ජීවිතයේ මේ සොඳුරුතම කඩඉම පසු කරන වෙලාවේ අභිෂේකාට සුබ පතන්න සරසවිය අමතක කළේ නැහැ. සුබම සුබ අනාගතයකට සුබපැතුම් සමඟින් මුලින්ම අහන්න කැමැතියි මේ වෙලාවේ ඔබට දැනෙන සතුට ගැන? හැම තරුණියකගේම වගේ මෙය මගේ හිතෙත් තිබුණ ලස්සන හීනයක්. සුන්දර ප්‍ර‍්‍රාර්ථනාවක්. එය අද සැබෑ වෙනවා. ගොඩක් සතුටුයි. දෙමාපිය ආශිර්වාදය මැද්දේ මම අද ඔහුගේ අත ගන්නවා. අත ගන්නට සැරසෙන ඔහු ගැන කියමු? ඔහු නිරාන් අලහකෝන්. ගම නුවර. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෙක් විදියට සේවය කරනවා. විවාහයෙන් පසුව කොළඹ පදිංචි වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔහු නුවර. ඔබ කොළඹ. කොහොමද දෙන්නා හමුවුණේ කියල, ඒ ආදර කතාවත් කියමු නේද? කොළඹ කැම්පස් එකේ සංගීත සංදර්ශනයක් තිබුණා. ඒකෙදි මමත් සිංදු කිව්වා. එදා රූපවාහිනියේ වැඩ කරන මගේ යෙහෙළියක් මාත් එක්ක ෆොටෝ එකක් ගත්තා. එයා ඒක එයාගේ ෆෝන් එකේ වෝල් ෆොටෝ එක විදියට දාගෙන තියෙනවා. නිරාන් අයියා එයාගේ යහළුවෙක්. එයා ඒක දැකල මගේ යෙහෙළියගෙන් මම ගැන අහල තියෙනවා. ඉතිං එයා මං ගැන විස්තර කියල මගෙනුත් ඇහුවා. මම බලාපොරොත්තු වුණේ මගේ දෙමාපියන් හොඳයි කියන කෙනෙකුට. ඒ නිසා මං ගෙදරින් අහන්න කියන්න කියල ගෙදර ෆෝන් නම්බර් එක යෙහෙළියට දුන්නා. මං හිතුවේ නැහැ කතා කරයි කියල. ඒත් අයියාම කතා කරල තිබුණා. ඊට පස්සේ අයියා ගෙදර අයත් එක්ක අපේ ගෙදර ආවා. අම්මයි තාත්තායි එයාට කැමැති වුණා. මාව එයා කලින් දැකලා තිබුණට එදා තමයි මං එයාව මුලින්ම දැක්කේ. මම උසස් පෙළ ලියල ඉන්න කාලෙත් අපේ ගෙදරින් මට මනමාලයෙක් හෙව්වා. ඒක දැනගෙන අයියත් ඒ කාලෙත් ලියුමක් එවල තියෙනවා. ඉතිං එයාටම ඔයාගෙ කැමැත්ත දෙන්න විශේෂ හේතුවක් එහෙම තිබුණද?
විවාහයෙන් පසුව කලා ජීවිතයේ වෙනසක් සිදු වේවිද? මගේ පළමු ගීතය ‘සීමා නෑ’. ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. නිවේදනයෙන් නම් දැනටමත් ටිකක් ඈත්වෙලා ඉන්නේ. නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නේ නැහැ කියන්නෙ නැහැ. මං ක්ෂේත්‍රයට ආවේ ළමා නිවේදිකාවක් විදියට. එයට මං හැමදාම ආදරෙයි. නමුත් මා ගායිකාවක් ලෙස ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රංගනයටත් ගොඩක් ආරාධනා ලැබුණා. ඒත් මේ වන තෙක් මම රංගනයට යොමු වුණේ නැහැ. කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමන ගායන අංශයෙන් සාර්ථක කර ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ සඳහා නිරාන් අයියාගේ ආශිර්වාදය මට හැමදාම ලැබෙනවා. උසස් අධ්‍යාපන කටයුතුවලින් පසු ඒ අංශයෙන් යමක් කරන්න අදහසක් නැද්ද? මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව, ජනමාධ්‍ය හා ජාත්‍යන්තර සබඳතා යන විෂයන්ගෙන් උපාධිය අවසන් කළා. මේ දිනවල ආර්ථික විද්‍යා අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් අධ්‍යයන කටයුතුවල යෙදෙනවා. ඉදිරියේදී ඒ අංශයෙන් යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වනවිටත් මම අම්මාගේ ව්‍යාපාර කටයුතුවලට සහයෝගය දෙනවා. මේ දැනුම ඉදිරියේදී ඒ සඳහා වැදගත් වේවි. අභිෂේකා ඔයාගේ අලුත් නිර්මාණ ගැනත් කියමු නේද? රූපාන්තරණ චිත්‍රපටය වෙනුවෙන් ‘හවසක මා’ ගීතය ගායනා කළා. මිල්රෝයි සල්ගාදු අංකල්ගේ සත්‍ය ටෙලි නාට්‍යයෙත්, සිත්තරාවි ටෙලි නාට්‍යයේත් ගීත ගායනා කළා. වෙඩින් එකෙන් පසුව තවත් මගේ අලුත් ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
|