|
|
|||
මෙත්තසේනගේ පස්වන ඡායාරූප දැක්ම
19 දා කලා භවනේදී
|
|
|
![]() |
![]() |
නීල්ට වයඹ කලා පුත්‍ර සම්මානය

චිත්‍රපට නිෂ්පාදක, රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී කලා භූෂණ නීල් බී. පෙරේරා වයඹ කලා පුත්‍ර සම්මානයෙන් පිදුම් ලබයි. රංගනයෙන්, නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන්, අංග රචනයෙන්, කැමරාකරණයෙන්, කලා අධ්‍යක්ෂණයෙන් දෙබස් සහ ගීත රචනයෙන් ඔහු කළ මෙහෙය අගයා මෙම සම්මානය ලබාදෙන ලදී. මෙරට ප්‍රථම සහ එකම සඳැස් නළුව වූ නැකත වේදිකා නාට්‍යයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයා වූ හෙතෙම සාජන්ට් නල්ලතම්බි චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වේ. හෙළ සිනමාව හැඩගැන් වූ ළමා නිළි කුසලා බී. පෙරේරා ඔහුගේ දියණියයි.
නීල්, වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුල විජේසිංහ මහතා අතින් සම්මානය ලබාගත් මොහොතයි මේ.
කතෝලික කලාකරුවන් හමුව

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කාලීන අදහසක් අනුව උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය සහ මූලිකතත්වය යටතේ ජාතික කතෝලික ජනසන්නිවේදන සහ සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝශප් පියතුමාගේ පූර්ණ සංවිධානයෙන් යුතු කිතුනු කලාකරුවන්ගේ වාර්ෂික නත්තල් සුහද හමුව තුන්වන වරටත් පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ කොළඹ අගරදගුරු නිල නිවාස පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙහිදී වයෝවෘධ සහ අසරණභාවයට පත් වූ කලාකරුවන් පස් දෙනෙකුට අගරදගුරුතුමන් සුරතින් මූල්‍යමය ආධාර ලබාදෙන ලදී. බොනිපස් ප්‍රනාන්දු, ඇන්ටන් ග්‍රෙගරි, ඇන්ටන් මිහිඳුකුල, සමන්ති ලැනරෝල් සහ ඇන්ටන් සිල්වා එයට හිමිකම් කියූ කලාකරුවන් වේ.




සරසවිය පවුලට නෑකම් කියන අපේ හිතවතෙක් වන ප්‍රවීණ ඡායාරූප ශිල්පී පද්මකුමාර
මෙත්තසේන ඡායාරූප කලාවේ ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ඡායාරූප ශිල්පියෙක්
ලෙස ප්‍රකටයි.

