|
පිය පුතු දෙදෙනාගේ කළගුණ සැලකීම
කළගුණ සැලකිම, වැඩිහිටියන්ට ගරු කිරීම උතුම් මානුෂිය ගුණාංගයක්. පසුගිය දා මේ මානුෂීය ගුණාංගය මනාව පිළිබිඹු කළේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණියගේ පුත් සමීර රන්දෙණියයි. අපිට සිටින ප්‍රවීණතම සහ ජ්‍යෙෂ්ඨතම සිනමාවේදියා වන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්. එතුමන්ගේ ජීවිතයේ නවවැනි දශකයටත් එළැඹිලා. නමුත් ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් මෙරට අලුතින් නිර්මාණය වන තරුණ දක්ෂ සිනමාකරුවන්ගේ සිනමාපට නරඹන්න දක්වන්නේ පුදුමකාර කැමැත්තක්. මෑතකදී තිරගතවීම ඇරැඹූ ප්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත්‍රපටය නරඹන්නත් ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ට ආශාවක් ඇතිවෙලා කියා හඳුනා ගත්තේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනිය. පසුගියදා රීගල් සිනමාහලට හිටි හැටියේම ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ව අතින් අල්ලා ගෙන ඇතුල් වුණේ රවීන්ද්‍රගේ පුත් සමීර. සංවේදී මිනිසකු වන ලෙස්ටර් ශූරීන්, සමීරගේ අතේ එල්ලී සිනමා ශාලාවට පැමිණෙන අයුරු දුටු කාටත් කියැවුණේ මෙහෙම. ‘රවීන්ද්‍රව ‘දෑස නිසා’ චිත්‍රපටයට එක්කර ගනිමින් අතින් රැගෙන ආ ලෙස්ටර් මහත්තයාව අද රවීන්ද්‍රයි පුතයි එක්වෙලා තරුණ කලාකරුවෙකුගේ චිත්‍රපටයක් බලන්න එක්කන් එනවා.’ මේ සංවේදී සිදුවීම දිහා බලා සිටි මට සිතුණේ ලෝකයේ දැනට ජීවත්වන ජ්‍යෙෂ්ඨතම සිනමාකරුවා වූ මැනුවෙල් ඩි ඔලිවෙරාට වයස අවු: 103 යි. නමුත් මෑතකදීත් ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එසේ නම් අනූ විය සපුරන අපේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ටත් එවැනිම වැඩක් කළ හැකියි කියායි. කළ ගුණ සලකන රවීන්ද්‍ර වැනි රංගධරයන්ටත් අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න අමතක කරන්නේ නැහැ.
මගේ මීළඟ චිත්‍රපටය සනත්ට සුනිල් ටී. පවසයිසිනහව අතරින් ළඟදී වැඩ අරඹයි
සුනිල් ටී. සහ සනත් සුසංයෝගය එකමුතුවෙන් තැනෙන එම චිත්‍රපටය නම් කොට ඇැත්තේ සිනහව අතරින් යනුවෙන්.
එකමත් එක රටක චිත්‍රපටයෙන් අනතුරුව සනත්ගේ දෙවැනි අධ්‍යක්ෂණය වන මෙය ඊට හාත්පසින්ම
වෙනස් වූ සිනමා කෘතියක් වනු ඇත. සිනහව අතරින් හි නළු නිළියන් තේරීම මේ දිනවල සිදුවන අතර තව නොබෝ දිනකින් එය රූගත වනු ඇත. එහි අලුත්ම තොරතුරු ඉදිරි ‘සරසවිය’ කළාපයන්හි බලාපොරොත්තු වන්න. |