|
බලනවා නම් චිත්‍රපට
කලෙක්ෂන් මිනිත්තු 82 ක ධාවන කාලයකින් යුක්ත වේ.
Hichcock ස්ටෙපන් රිබෙලොස්ගේ ‘ඇල්ෆ්‍රඩ් හිච්කොක් ඇන්ඩ් ද මේකින් ඔෆ් සයිකො’ කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කළ චිත්‍රපටයකි ‘හිච්කොක්’. සාෂා ජේවාඩි විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඇන්තනි හොප්කින්ස්, හෙලන් මිරෙන්, ඩිකාලට් ජොෂැන්සන්, ටෝනි කොලේට්, ඩැනි හස්ටන්, ජෙසිකා බියෙල්, ජේම්ස් ඩැකි චරිත නිරූපණය කරති.
The Expendables 2 2010 වසරේ තිරගත වූ ‘ද එක්ස්පෙන්ඩබල්ස්’ චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය වන ‘ද එක්ස්පෙන්ඩබල්ස් 2’ ක්‍රියාදාම චිත්‍රපටයක්. රිචඩ් වෙනක් සහ සිල්වෙස්ටර් ස්ටෙලෝන් විසින් රචනය කළ මෙහි අධ්‍යක්ෂණය සිමොන් වෙස්ට් විසිනි. මිනිත්තු 103 ක ධාවන කාලයක් සහිත ‘ද එක්ස්පෙන්ඩබල්ස් 2’ හි සිල්වෙස්ටර් ස්ටැලෝන්, ජේසන් ස්ටැතම්, ජෙට් ලී, ඩොල්ප් ලොන්ඩ්ග්‍රන්, ටෙරි කිව්ස්, රැන්ඩි කොටර්, ලියමි හෙමිස්වෝත්, බෲස් විලිස්, ආනෝල්ඩ් ස්වාසනේගර් චරිත නිරූපණය කරති.
ඩෑන් ෆොගෙල්මන් රචනා කරන ලද ‘ද ගිල්ට් ට්‍රිප්’ ඈන් ෆෙලෙවර් ගේ අධ්‍යක්ෂණයකි. මිනිත්තු 95 ක ධාවන කාලයකකින් යුතු විකට චිත්‍රපටයක් වන ද ගිල්ටි ට්‍රිප් හි බාබ්රා ස්ට්‍රෙසැන්ඩ් සහ සීන් රෝගන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරති.
Zreo Dark Thirty හොඳම චිත්‍රපට අධ්‍යක්ෂිකාව ලෙස ඇකඩමි සම්මාන දිනූ එකම සිනමාවේදිනිය වන කැත්රින් බිගෙලෝ විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක සිදුවීම් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි. මෙහි ජෙසිකා ක්‍රිස්ටීන්, ක්‍රිස් පැට්, කේන් වැන්ඩ්ලර්, එඩිගර් රමීස්, ජොඑල් එඩ්ගර්ටන්, මාර්ක් ස්ට්‍රොන්ග්, ස්ටොක් ඇඩිකින්ස් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.
‘ධෙරාදුන් ඩයරි’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් කතා පුවතකින් යුතු හින්දි චිත්‍රපටයකි.
මිලින්ද් යුකේ විසින් අධ්‍යක්ෂණය කළ ධෙරාදුන් ඩයරි චිත්‍රපටයේ ආධ්‍යන්
සුමන්, රෝහිත් භක්ෂි, රාගිනි නන්ද්වානි, අශ්විනි කල්සේකර්, රාති අග්නිහෝර්ත්
ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
10 ml Love ‘10 ml Love’ චිත්‍රපටය ප්‍රේමණීය කතා පුවතක් රැගත් හාස්‍යමය චිත්‍රපටයකි. ෂරන් කතාරියා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ පුරබි කෝහිල්, කෝයල් පූරි, රාජටි කපූර්, නිස්කා චොප්රා, තාරා ශර්මා, නීල් භූපාලම් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.
Khiladi 786
|