බලනවා නම් චිත්‍රපට
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට
අත්වැලක් වෙන්නයි මේ වෑයම.
Killing
Them Softly
‘කිලින්ග් දෙම් සොෆ්ට්ලි’ හොලිවුඩ් චිත්‍රපටය ඇන්ඩෘ ඩොමිනික්ගේ අධ්‍යක්ෂණයකි.
අපරාධයක් පිළිබඳ කතා පුවතක් රැගත් කිලින්ග් දෙම් සොෆ්ට්ලි හි බ්‍රැඩ් පීට්, ස්කොට්
මැක්නයිරි, බෙන් මෙන් ඩෙල්සන්, රිචඩ් ජෙන්කින්ස්, ජේමිස් ගැන්ඩොල්ෆිනි, ලියොටා සහ
සැමී ෂෙපර්ඩ් චරිත නිරූපණය කරති. මෙය ජෝර්ස් හිගින්ස්ගේ ‘කේෂන්ස් ට්‍රේඩ් කෘතිය
ඇසුරින් නිර්මාණය කර තිබේ.
Smiley
‘ස්මයිලි’ සාහසික අබිරහස් මරණයක් පිළිබඳ කතා පුවතක් ඇතුළත් චිත්‍රපටයකි. මයිකල්
ගාල්හර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම මනෝ විද්‍යාත්මක චිත්‍රපටයේ කැත්ලින් ජෙරාඩ්,
මෙලනි පපාලියා, ෂේන් ඩෝසන්, ඇන්ඩ්‍රෘ ජේම්ස්, ලීසා වෙයිල්, රොජර් බර්ට් සහ කිත්
ඩේවිඩ් චරිත නිරූපණය කරති.
Student
of the Year
‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ කරන් ජොහාර්ගේ නවතම නිර්මාණයයි. ආදරය හාස්‍ය සපිරි මෙම
චිත්‍රපටයේ නවක බොලිවුඩ් රංගන තරු ත්‍රිත්වයක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා බට්
සමඟ වරුන් ධවන් ප්‍රධාන චරිත නිරූපණය කරති. රිෂි කපූර්, රොනිිට් රෝයි, රාම් කපූර්,
ෆරිඩා ජලාල්, සුෂ්මා සෙන් ද සෙසු චරිත සඳහා පණ පොවති.
Premium
Rush
ඩේවිඩ් කෝප් විසින් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රිමියම් රෂ්’ හොලිවුඩ් ක්‍රියාදාම
චිත්‍රපටයක්. බයිසිකල් පණිවිඩකරුවකු වටා ගෙතුණ මෙම චිත්‍රපටයේ ජෝෂප් ගෝඩ්න්, මයිකල්
ෂැනෝන්, ආරෝන් ට්විට්, ඩාහියා රමීර්ස් ප්‍රදාන චරිත නිරූපණය කරති.
The
Campain
‘ද කැම්පේන්’ හොලිවුඩ් හාස්‍යමය චිත්‍රපටයකි. එකිනෙකා පිළිබඳ අමනාපයෙන් පසුවන එකම
පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වටා ගෙතුන කතා පුවතක් මෙහි ඇතුළත්වේ. ජේ. රොච්ගේ
අධ්‍යක්ෂණයක් වන මෙහි විල් ෆෙරල්, සෑම් ගලිෆිනකිස්, ජේසන් සුඩිකිස්, කැතරින් ලානසා,
ඩිලන් මැක්ෙඩ්‍රිමොට්, ජෝන් ලිත්ග්‍රෝ, ඩැන් ආකොයිඩ් සහ බ්‍රයන් කොක්ස් ප්‍රධාන
චරිත නිරූපණය කරති.
Total
Recall
‘ටෝටල් රිකෝල්’ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයකි. 1990 වසරේදී
තිරගත වූ ‘ටෝටල් රිකෝල්’ හි නැවත නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කළ මෙය ලෙන් වයිස්මන්ගේ
අධ්‍යක්ෂණයකි. කොලින් ෆැරෙල්, කේට් බෙකින් සෙල්, ජෙසිකා බියෙල්, බ්‍රයන්
ක්‍රැන්ස්ටන්, ජෝන් වෝ සහ බිල් නයිගි රංගන දායකත්වය ලබා දෙති.
Bhoot
Returns
2003 වසරේදී තිරගත වූ ‘භුත්’ චිත්‍රපටයේ තවත් කොටසක් ලෙස ‘භූත් රිටර්න්ස්’ නිර්මාණය
කර ඇත. ත්‍රාසය, භීතිය රැගත් මෙම චිත්‍රපටය රාම් ගෝපාල් වර්මාගේ අධ්‍යක්ෂණයකි. දිගු
කලක් සිනමාවෙන් ඉවත්ව සිටි මනීෂා කොයිරාල භූත් රිටර්න්ස් සමඟ නැවත ක්ෂේත්‍රයට
පිවිසි අතර මනීෂා සමග ජේ. ඩී. චක්‍රවර්ති, මධු ෂලිනි, අල්යානා ෂර්මා මෙහි රංගනයෙන්
දායක වෙති.
Delhi
Safari
නිඛිල් අද්වානි විසින් අධ්‍යක්ෂණය කළ ‘දිල්ලි සෆාරි’ ත්‍රිමාණ සජීවිකරණ පවුලේ
චිත්‍රපටයක්. මූම්බායි නගරයේ සිට දිල්ලි නගරය දක්වා ගමනක යෙදෙන සතුන් පිරිසක් වටා
ගෙතුණ අපූරු කතා පුවතක් මෙහි ඇතුළත් වේ. ආක්ෂේ ඛන්නා, ගෝවින්දා, සුනිල් ෂෙට්ටි,
බෝමන් ඉරානි සහ උර්මිලා මාටොන්ඩිකා විසින් මේ සඳහා හඬ දායකත්වය ලබා දෙති.
යතේජා ඥානරත්න
|