|
උතුම් පින්කමකට මුල පුරමු
පුංචි භූමි භාගයක හිරවෙලා ඉන්න මේ පිරිස ගැන චන්දික නානායක්කාරට හෝඩුවාවක් ලැබුණේ හිතවතෙකුගේ මාර්ගයෙන්. ඔහු මෙතැන ගැන තවත් විස්තර හොයලා බැලුවා. නිළි රැජන මාලිනිය, කංචන කොඩිතුවක්කු, ගිහාන් ප්‍රනාන්දු, මධුමාධව අරවින්ද, දමයන්ත පෙරේරා වැනි ක්ෂේත්රයේ සහෘදයින්ට මේ ගැන කිව්වා. සියල්ලෝම එක සිතින් මෙතැන බලන්නත් ඔවුන්ට උදවු පදවු කොට කෙටි කාලයකට හෝ ඔවුන්ට විනෝදාස්වාදය සපයන්නත් පසුගිය දිනෙක එතැනට ගියා. තෑගි බෝග හුවමාරු කර ගත්තා. ගී සිංදු කිව්වා රෑ වෙනකම්ම. එදින තමයිලු මෙතැන සිටින රෝගීන් බොහොම දෙනෙක් සමහරක් කෑම ජාති මුල් වරට රස බැලුවේ. පිරිස අප කලාකරුවන්ට නොසෑහෙන්න පින් දුන්නාලු. මේ ප්‍රජා සත්කාරය නිසා මෙම රෝහල ගැන නොදත් බොහෝ දෙනෙක් දැනගෙන. චන්දිකලාටත් වුවමනා වෙලා තියෙන්නේ ඒක. ‘ලාදුරු රෝහලක්’ කිව්වම ටිකක් බය හිතෙනවා. ඒත් මේ රෝගය දැන් සදහටම තුරන් වූවක් නිසා එතැනට යන්න බයවෙන්න ඕන නැහැ කියලා චන්දික අවසන් වශයෙන් කිව්වා.
එදා – රක්තා, සාරංගා, තැනූ ගාමිණී හේවාවිතාරණ උපහාර 24 දා
රක්තා, හරියන කොට ඔහොම තමයි, සාරංගා, මැණික් මාළිගා සහ දූ දරුවෝ වැනි චිත්‍රපට අප රිදී තිරයට දායාද කළ ගාමිණී වසර තිස් පහක් පුරා සිනමාවෙහි රැඳී සිටි අධ්‍යක්ෂවරයකි. ඔහුගේ සිනමා නිර්මාණ තුළින් රංගන ශිල්පීන්, ගායක ගායිකාවන්, සහාය අධ්යක්ෂවරුන්, තිර රචකයන්, අංග රචනා ශිල්පීන් ආදී බොහෝ දෙනෙකු හඳුන්වා දෙන ලදී.
ඒ අය වෙතොත් 07/5/ජ්, සමන් මාවත, ගඟබඩ පාර, සුවාරපොල, පිළියන්දල යන ලිපිනයට දැන්විය හැකිය. මෙම උපහාර උළෙල SAME මානව සංවර්ධන ව්‍යාපෘතියෙහි සංවිධානයකි.
ජීවන් වීදිය බණ්ඩාර වෙයි
අද සිට රූගත කිරීම් ඇරැඹෙන මෙම ටෙලි සිතුවමෙහි වීදිය බණ්ඩාර චරිතය ජීවන් කුමාරණතුංග විසින් නිරූපණය කරනු ලබයි. බුද්ධදාස විතානච්චි, දිල්හානි ඒකනායක, උපේක්ෂා ස්වර්ණමාලි, ගාමිණී හෙට්ටිආරච්චි, ශ්‍රියාණි අමරසේන, සනෝජා බිබිලේ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, පුබුදු ගමගේ, ගයාන් වික්‍රමතිලක, මලින්ද පෙරේරා, සරත් දික්කුඹුර ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙයි. වීදිය බණ්ඩාර සරත් ධර්මසිරිගේ තිර රචනයකි.
ඩ්‍රෙඩ් අද දින සිට වැල්ලවත්තට
මෙය ඇලෙක්ස් ගාර්ලන්ඩ්ගේ තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වූ, විද්‍යාත්මක ප්‍රබන්ධයක් වටා ගෙතුණ සටන් දර්ශනයන්ගෙන් යුතු ආකර්ශණීය චිත්‍රපටයකි. චිත්‍රපටය සඳහා පාදක වනුයේ අනාගතයේදී අමෙරිකාව මඩබිමක් බවට පත්ව උතුරු අමෙරිකාවට නැගෙනහිරින් පිහිටි සාපලත් භූමිය නමින් ප්‍රසිද්ධ වූ තැනක මිලියන 800 ක ජනතාවක් වෙසෙන දිනකට අපරාධ 17000 ක් සිදුවන දරුණු මත් ද්‍රව්‍යයක් හඳුන්වා දෙන සිද්ධීන් රාශියකි. මා-මා නම් දරුණු අපරාධකාරිය මරා දැමීමට ඩ්‍රේඩ් නම් විනිශ්චකරුවා සහ ඔහුගේ සහායක ඇන්ඩර්සන් විසින් සිදුකරුනු ලබයි. ප්‍රේක්ෂකයා බිහිසුණු ලොවකට ගෙනියන මෙම චිත්රපටයෙහි ඩ්‍රෙඩ් ලෙස කාල් අර්බන්ද, ඔලිවියා කර්ල්ව් ඇන්ඩර්සන් ලෙස ද, ලීනා හීඩේ මා-මා ලෙස ද ඇයගේ සහකරු වන ‘කේ’ ලෙස වුඩ් හැරිස් ද රඟපායි.මෙහි සංගීතය පෝල් ලෙනාඩ් මෝර්ගන්ගෙනි. මාක් එකර්ස්ලිගේ සංස්කරණයකි.
සුන්දර බිරිඳ නැවතත් ඇවිත්
අශෝක පොන්නම්පෙරුම, රීටා රත්නායක, රවීන්ද්‍ර රූපසේන, ලීනා ද සිල්වා, එල්. එම්. පෙරේරා, ඩොමී ජයවර්ධන ඇතුළු රංගන ශිල්පීන් රැසක් රඟපෑ මෙය පී. නීලකන්ටන්ගේ අධ්‍යක්ෂණයකි. සිලෝන් එන්ටර්ටේන්මන් වෙනුවෙන් ජබීර් ඒ. කාදර්ගේ නිෂ්පාදනයකි. විල්ෆ්රඩ් සිල්වා ගී පද රචනයෙන් ද, ටී. ආර්. පාපා සංගීත අධ්යයක්ෂණයෙන් ද මෙයට දායක වී ඇත. මෙහි වර්තමානහි පිටපත තිස්ස නාගොඩවිතානයන් සතුය.
|