|
||||||
අධිෂ්ඨානයෙන් ජීවිතය දිනූ වීර්යාසුනිල් අරුණ වීරසිරිගේ චිත්‍රපටයක් * ඇන්ටන් ජූඩ්ගේ අවසාන රංගනය
* ජගත් චමිලට වෙනස්ම චරිතයක් * ශේෂාද්‍රි තිළිණි වෙයි
පද්මා හා තිළිණි අතර තිබූ උතුරා පිටාර ගලන ආදරය දෙදරා යන්නට ගත වූයේ කෙටි කලකි. ලෙනාර්ඩ්ගේ වැඩිමහල් සහෝදරිය ලැටීෂියා , තිළිණි තමාගේ කූට උපක්‍රමයකට හසු කොට ගෙන තිබුණි. තම පැලැන්තියට නොගැළපෙන විවාහයක් කරගත් ලැටීෂියා ලෙනාර්ඩ් මිය යන තුරුම එම පවුල සමඟ තිබුණේ දැඩි වෛරයකි. තම සහෝදරයාගේ දේපළ තමා සතු කර ගැනීමට මාන බලන ලැටීෂියා තම ඉලක්කය සපුරා ගනු වස් ඉත්තකු බවට පත්කර ගන්නේ තිළිණිය. තමාගේ මව ගැන බොරු කේලාම් පවසමින් තිළිණි මවගෙන් ඈත් කිරීමට කපටි ලැටීෂියාට ගත වන්නේ කෙටි කලකි. නොමේරු අත්දැකීම් නොමැති සියුමැලි තිළිණි ලැටීෂියාගේ උගුලට හසු වන්නේ තම මව ප්‍රතික්ෂේප කරලමිණි. ලැටීෂියාගේ බොරු ආදරයට රැවටෙන තිළිණි මුහුකුරා වැඩෙත්ම තම මවට අවනත නොවන මුරණ්ඩු ප්‍රචණ්ඩකාරී චරිතයක් බවට පත් වෙයි. මෙම විපර්යාසය අදහාගත නොහැකිව පද්මා අසරණ බවට පත්වෙයි. ලැටීෂියාගේ උපක්‍රමය පිළිබඳ තේරුම් නොගන්නා තිළිණි තව තවත් පවුලෙන් ඈත් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස සුරූපී තිළිණි රොජර් නම් සල්ලාල තරුණයකුª සමඟ පෙමින් වෙලෙයි. නිවෙසින් ඈත්වන තිළිණි රොජර්ට තව තවත් ළං වෙයි. මේ අතරතුරදී ලෙනාර්ඩ්ගේ පැරැණි මිතුරකු වන ඩොනල්ඩ් ජයසූරිය ලංකාවට පැමිණෙයි. තමාගේ මිතුරාගේ මළමට සහභාගිවීමට නොහැකි වූ නිසා ලංකාවට පැමිණෙන මේ මිතුරා හෝටලයක ලැගුම් ගනී. හෝටලයේ අධිපති මිතුරා සමඟ සුහද කතාබහකට වැටෙන ඩොනල්ඩ්, ලෙනාර්ඩ්ගේ දියණිය සල්ලාල තරුණයකුට හසු වී ඇති බව දැන ගනී. ඉන් කලබලයට මෙන්ම දුකට පත්වන ඩොනල්ඩ් වහාම පද්මා සොයා යයි. තිළිණි පැටලී ඇති කරදරය ගැන පද්මාට වටහා දෙන ඩොනල්ඩ් ඉන් තම දියණිය මුදා ගන්නා ලෙස දන්වයි. කිසිවකුත් නොමැතිව අසරණ වී ඇති පද්මා තමා වෙනුවෙන් මේ කටයුත්ත බාර ගන්නා ලෙස ඩොනල්ඩ්ට ආයාචනා කරයි.
කාර්යශූර තරුණයකු වන වීර්යා රොජර් සහ තිළිණි අතර තිබෙන සබඳතාව සොයමින් රහස් මෙහෙයුමක් අරඹයි. ටිටෝ, බචෝ සහ චූටි මල්ලි නම් වන මිතුරන් සමඟ එක්ව වීර්යා රොජර් සහ තිළිණිගේ සම්බන්ධයේ අග මුල සොයා ගනී. ඒ සියල්ල නිවැරැදිව සොයා ගන්නා වීර්යා, රොජර් හට තිළිණි විවාහ කර දෙන ලෙස පද්මාට දන්වයි. සියලු කටයුතු අතරේ දෙදෙනාගේ විවාහය සූදානම් වෙයි. සති, දින ගෙවී විවාහ උත්සව දිනය පැමිණේ. විවාහ උත්සවය එකවර නිශ්ශබ්ද වන්නේ වීර්යාගේ පැමිණීමෙනි. රොජර් අතින් අනාථ වූ තරුණියක් උත්සව සභාවට ඉදිරිපත් කරන වීර්යා, රොජර්ගේ සැබෑ තතු උත්සව සභාවේ සියල්ලන්ටම දන්වයි. ඒ අනුව තැති ගන්නා පිරිස රොජර් පන්නා දමයි. ඉන් පසුව සිදු වන්නේ කුමක්ද? මේ කතාන්දරය ඔබට නැරැඹිය හැක්කේ මෑත දිනකදී ඔබට හමුවන වීර්යා හරහාය. අධිෂ්ඨානය, ඉවසීම මත ජීවිතය දිනන තරුණයකු වටා ගෙතුණු වීර්යා අති සුන්දර පවුලේ චිත්‍රපටයකි. මේ කතාන්දරයේ ඉතිරිය රැගෙන ළඟදීම වීර්යා ඔබ හමුවේවි.
|
||||||