|
|
බලනවා නම් චිත්රපටඅද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
‘ට්‍රබල් විත් ද කර්ව්’ චිත්‍රපටය මේ දිනවල හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය චිත්‍රපටයක්. රොබට් ලෝරන්ස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ක්ලින්ට් ඊස්ට්වුඩ්, ඇමි ඇඩම්ස්, ජස්ටින් ටිම්බ්ලේක්, මැතිව් ලිලාර්ඩ්, ජෝන් ගුඩ්මන් ප්‍රධාන චරිත නිරූපණය කරති. විශ්‍රාමික බේස්බෝල් ක්‍රීඩකයකු වටා ගෙතුණු කතාවක් ට්‍රබල් විත්ද කර්ව් හි ඇතුළත වේ.
මෙය ‘ඩයරි ඔෆ් අ විම්පි කිඩ්’ චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයයි. විනෝදාත්මක පවුලේ චිත්‍රපටයක් වන ‘ඩයරි ඔෆ් අ විම්පි කිඩ් 3. ඩෝග් ඩේස්’ ද ලාස්ට් ස්ට්‍රෝ සහ ඩෝග් ඩේස් කෘතිවල තෙවන සහ සිව්වන කෘති ඇසුරින් නිර්මාණය කර ඇත. ඩේවිඩ් බොවර්ස් ගේ අධ්‍යක්ෂණයක් වන මේ සඳහා සැචරි ජෝඩ්න්, ස්ටීව් සාග්, රොබට් කැපරින්, ඩෙවෝන් බොස්ටික්, රුචල් හැරිස්, දායකත්වය ලබා දෙති.
‘හියර් කම්ස් ද බූම්’ 42 හැවිරිදි විද්‍යා ගුරුවරයෙකු වටා ගෙතුණු විකට චිත්‍රපටයක්. ෆ‍්‍රෑන්ක් කොරාසි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ කෙවින් ජේම්ස්, සල්මා හයේක්, හෙන්රි වින්ක්ලර් ප්‍රධාන චරිත නිරූපණය කරති.
සූර්ය ශක්තිය තිබෙන නව ග්‍රහ ලෝකයක් පිළිබඳ කතා පුවතක් රැගත් බැට්ල්ෂිප් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය පීටර් බ්‍රෙග්ගේ අධ්‍යක්ෂණයකි. ඇලෙක්සැන්ඩර් ස්කාගාඩ්, රිහානා, බෲක්ලීන් ඩෙකර්, ලියම් නීසන් ඇතුළු පිරිසක් මෙහි චරිත නිරූපණය කරති. සිනමා ශාලා ඇතුළත ආදායමට වඩා විශාල ආදායමක් බැට්ල්ෂිප් ගෘහස්ථ සිනමාවෙන් උපයා ගත්තේය.
‘එන්ඩ් ඔෆ් වොච්’ හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටයක්. පොලිස් නිලධාරියෙකු වටා ගෙතුන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඩේවිඩ් ඒයර් විසිනි. ජේක් ග්ලේලින් හෝල් සහ මයිකල් පෙනා ප්‍රධාන චරිත නිරූපණය කරති.
‘හවුස් ඇට් ද එන්ඩ් ඔෆ් ද ස්ට්‍රීට්’ චිත්‍රපටය අද්භූත සිදුවීම් ඇතුළත් ත්‍රාසජනක චිත්‍රපටයකි. මාර්ක් ටොන්ඩ්‍රේ අධ්‍යක්ෂණය කරන මෙහි ජෙනිෆර් ලෝරන්ස්, මැක්ස් තියරියොට්, එළිසබෙත් ෂූ ප්‍රධාන චරිත නිරූපණය කරති. කාන්තාවකට තම දියණිය සමඟින් මුහුණ දෙන්නට වන සිදුවීම් දාමයකින් මෙහි කතාව ගෙතී ඇත.
ශ්‍රිස් කුන්දර් විසින් අධ්‍යක්ෂණය කළ ‘ජෝකර්’ විනෝදාත්මක හින්දි චිත්‍රපටයකි. ආක්ෂේ කුමාර් සහ සෝනක්ෂි සිං මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. මෙය ආක්ෂේගේ 100 වැනි චිත්‍රපටය වන අතර එහිදී ඔහු නිරූපණය කරන්නේ විකට චරිතයකි.
‘බෝල් බච්චන්’ තවත් ජනප්‍රිය විකට හින්දි චිත්‍රපටයකි. අභිෂේක් බච්චන්, අජේ දේව්ගන්, අසින්, ප්‍රාචි දේසායි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. බෝල් බච්චන් අධ්‍යක්ෂණය රෝහිත් ෂෙට්ටි විසිනි.
|



Trouble
With the Curve
Diary
of a Wimpy Kid 3. Dog
Days
Here
Comes the
Boom
Battleship
End
of Watch
House
at the
End of
the Street
Joker
Bol
Bachchan