|
අර්ජුන් ගෙන් අහන්න
භාරතයේ සිනමා කර්මාන්තයේ පතාක යෝධයන් සේ සලකන ප්‍රීතිවිරාජ් කපූර්ගෙන් ආරම්භ කළ කපූර් පවුල මේ දක්වා අනුපිළිවෙලින් සඳහන් කරන්න. ගාමා ගාමිණී සුබසිංහ – හබරාදූව
ප්‍රීති විරාජ්ගේ වැඩිමහල් පුතු රාජ්, දෙවැනි පුතු ෂම්මි හා බාල පුතු ශෂී යන තිදෙනාම සිනමා නළුවන්. මේ අතරින් ලොව පුරා අවධානය දිනාගත් නිර්මාණශීලී සිනමාකරුවකු මෙන්ම නළුවකු වුයේ රාජ් කපූර්. ෂම්මි අතිශය ජනප්‍රිය නළුවෙක් වූ අතර ශෂී විශිෂ්ට නිෂ්පාදකයෙක් මෙන්ම අතිශය ජනප්‍රිය නළුවෙක්. මේ අතරින් ෂම්මි විවාහ වූයේ ගීතාබාලි නමැති සුප්‍රකට නිළිය සමඟ. ශෂී විවාහ වූයේ ජෙනිෆර් කැන්ඩෝල් නමැති විශිෂ්ට නිළිය සමඟ. රාජ් විවාහ වූ කි‍්‍රෂ්ණා සුප්‍රකට නළු ප්‍රේමනාත්ගේ සොයුරියයි. රාජ්ගේ දරුවන් අතරින් නළු රන්ධීර් විවාහ වූයේ නිළි බබීතා සමඟයි. ඔවුන්ගේ දියණියන් වන්නේද ජනප්‍රිය නිළියන් වන කරිෂ්මා හා කරීනායි. රාජ්ගේ දියණිය රිතු නන්දාගේ පුතු විවාහ වූයේ අමිතාබ් බච්චන්ගේ දියණිය ස්වේතා සමඟයි. රාජ්ගේ දෙවැනි පුතු ජනප්‍රිය නළු රිෂී විවාහ වූයේ නීතු සිංග් සමඟයි. ඔවුන්ගේ පුතු රන්බීර් නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම රාජ්ගේ බාල පුතු රජීව් නළුවෙක් වගේම සිනමාකරුවෙක්. ෂම්මිගේ දියණිය කාමන් දේශායි විවාහ වූයේ චිත්‍රපට නිෂ්පාදක කෙතන් දේශායි සමඟයි. කෙතන් ජනප්‍රිය සිනමාකරු මන්මෝහන් දේශායිගේ පුතනුවන්. ශෂී කපූර්ගේ දරුවන් වූ පුනාල්, කරන් හා සංජානා යන තිදෙනාම සිනමා නළු නිළියන්. පුනාල් කපූර් විවාහ වී සිටින ෂීනා සිප්පි අධ්‍යක්ෂ රමේෂ් සිප්පිගේ දියණියයි. මේ වන විට පරම්පරා පහක් කපූර් පවුල සිනමාවට බිහි කරලා ඉවරයි.
යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙණිය ගඟ අද්දර, පාර දිගේ, දොළොස් මහේ පහන, ඩොරින්ගේ සයනය, නොම්මර 17, ඇතුළු චිත්‍රපට රාශියක විජය ගී ගැයුවා.
ඉන්ද්‍රනාත් පී. ගමගේ – තල්පේ, ගිණිගල තියෙනවා ඉන්ද්‍රනාත්. සාමාන්‍ය ඩී. වී. ඩී. චිත්‍රපට වෙළෙඳපොළෙන් ගන්න පුළුවන්.
හානීමා ෂහීනා අන්වර් – ගිංතොට, ගාල්ල රොෂාන්ගේ ලිපියක් ළඟදී පළ වේවි. ඔහු වර්තමානයේ සිටින දක්ෂ නළුවෙක්. ඔහුගේ පෙනුමත් ආකර්ෂණීයයි. ආයාසයෙන් හෝ රංගනය අධ්‍යයනය කළහොත් ඔහුට විශිෂ්ට රංගන ශිල්පියකු වන්නට බැරි නැහැ
ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය විදේශීය අන්තර් ජාතික සිනමා උළෙල වෙත ඉදිරිපත් කිරීම මඟින් කුමන සම්මානයක් හිමි වූවා ද? තිලකරත්න විල්වල – කෑගල්ල එය මොස්කව් අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේදී මාලිනී ෆොන්සේකාගේ රංගනය වෙනුවෙන් ඩිප්ලෝමා සහතිතයක් හිමිකර ගත්තා.
* ජෝර්ජ් රොබිසන් ද සිල්වා මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න. දයාරත්න ගනේගොඩ – කැලණිය 0776974226 අංකයට අරන් බලන්න.
* ශ්‍රී ලංකාවේ චිත්‍රපට සමාගම් කීයක් තිබුණාද? එල්. ඒ. පී. ලියනාරච්චි – බණ්ඩාරවෙල මුල් යුගයේ පැවැතියේ සීමාසහිත සිලෝන් තියටර්ස්, සීමාසහිත සිනමාස් හා සීමාසහිත සිලෝන් එන්ටර්ටෙයින්මන්ට් විතරයි.
* එදා ලැඩී රණසිංහ ආරම්භ කළ, ගාමිණී ෆොන්සේකා නිර්භයව ඉදිරියට ගෙන ගිය නළු නිළි ආත්ම ගරුත්වය අද නළු නිළියන් දවසේ කුලියට රඟපා පාවා දෙනවා නේද? ලක්ෂ්මන් රණසිංහ, හේකිත්ත, වත්තල ඔව්, වර්තමානයේදී දවස් කුලියට රංගනයේ යෙදීමෙන් වෘත්තියත්, ඔවුන්ගේ හැකියාවත් යන දෙකම හෑල්ලුවට ලක් කෙරෙන බව පෞද්ගලිකව මගේ හැඟීමයි. එහෙත් රඟපෑමේ කර්මාන්තය (කලාව නොවේ) වර්තමානයේ පවතින්නේ එබඳු උපක්‍රම මඟින්. එම නිසා එය වැලැක්වීම අදාළ අයගේම යුතුකමක්.
* කුරුළු බැද්ද චිත්‍රපටයට ලතා හා ධර්මදාස වල්පොල ගායනය කළ ‘ඔය බැල්ම, ඔය කැල්ම’ යන ගීතය කාගේ තනුවක් ද? සිරිලාල් ද අල්මේදා, බ්‍රිජට් සිල්වා - මොරටුමුල්ල පී. එල්. ඒ. සෝමපාලයන්ගේ තනුවක්.
* එදා සිනමා ශාලාවල ගැලරියෙන් එන සැබෑ විසිල් පාර දැන් නැත්තේ ඇයි? ගැලරිය දැන් නැති නිසාද? ජාඇල - සරත් සේනාධීර ඔව් ඉතින් දැන් ගැලරියක් නැති වුණාම විසිලුත් නෑනේ.
* ගාමිණී ෆොන්සේකා සමඟ ජීවන් කුමාරතුංග රඟපෑ චිත්‍රපට හඳුන්වා දෙන්න. කේ. නුවන් ද සිල්වා - කොස්ගම උතුර දකුණ චිත්‍රපටයේ පමණයි.
* සැඩ සුළං චිත්‍රපටයේ ෆ්ලොරීඩා ජයලත්ගේ බාල අවධිය නිරූපණය කළ ළමා නිළිය නර්තන ශිල්පිනී පද්මිණී දහනායයකද? විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස් ඔව්. |