|
ඩොමී ගේ මිණිබිරිය නවකතාකාරියක් වෙයි.
ඇගේ පියා ඩොමී ගේ වැඩිමහල් පුතා නිහාල් ය. නළුවකු මෙන්ම ගායකයකු ද වූ නිහාල් ද දැන් ජීවතුන් අතර නැත.රොනට ඇදෙන සමනළියක විලස අරුණසීතේ නම් ගීතය ගැයුවේ ද නිහාල්ය.ඒ පරම්පරාවේ තුන් වැනි පියවර සළකනු කරමින් බුද්ධිනි ද රඟපෑවාය.ඒ ගිම්හානේ ගී නාදේ චිත්‍රපටයෙනි. එකල දැරියක වූ බුද්ධිනි රගපෑවේ දරුවකුගේ චරිතයකි.එහෙත් කොළඹ යශෝධරා විදුහලෙන් පසු වැඩිපුර රගපෑමට නොගිය ඇය තෝරා ගත්තේ ලේඛන කලාවයි.මේ අතර වාරයේ ඇය හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ද නමක් දිනා ගත්තීය.
එය කර්තෘ ප්‍රකාශනයක් ලෙස අද දොරට වඩින්නේ සවස 4.30ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන ශාලාවේ දීය. එහි මහ දෙසුම පවත්වනුයේ උපුල් ශාන්ත සන්නස්ගලය. සන්නස්ගල බුද්ධිනිගේ සිංහල ගුරුවරයාය.එහි මුලසුන හොබවනුයේ ප්‍රවීන සාහිත්‍යධරයකු වූ බුද්ධදාස ගලප්පත්ති විසිනි. මේ අවස්ථාවේ බුද්ධිනී අපූරු මතකයක් ද ගෙන හැර පාන්නීය.ඒ බුද්ධිනී එනම ලද්දේ කෙලෙස ද යන්නය. බුද්ධිනී ට තම නමින් කොටසක් සකසා එලෙස නම් කරන ලද්දේ බුද්ධදාස ගලප්පත්ති බවය.මේ පොත දොරට වැඩීමේ දී ඒෂියා ඩිජිටල් කෝපරේෂන් අධිපති මනෝහන් නානායක්කාර ආදරයෙන් සිහිපත් කරන්නීය.
|