|
ඔෂින් ඉවරයි දැන් ඉතිං . . .අතුල රන්සිරිලාල්ගෙන් අසමු
විවිධ හැලහැප්පීම් මධ්‍යයේ හෙද පුහුණුව ලබා ගැනීමට ද සමත් වෙයි. ජෝසෝන් රාජ පරම්පරාවේ රාජකීය සේවයට කැපවන චංගුමිගේ අනාගතය කුමන ආකාරයෙන් විසඳේද? මේ ළඟදීම ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ හමුවට එන අලුත්ම ටෙලි නාට්‍ය මාලාවයි. ‘Jewel in the Palace’ නම් වැඩසටහන් පෙළ සිංහල දෙබසින් ඔපවත්කර ‘සුජාත දියණි’ නමින් ඔබ වෙත ගෙන එන කර්තව්‍යයේ නියමුවා වන ජාතික රූපවාහිනි සේවයේ හඬ කැවීම් ඒකකයේ අංශ ප්‍රධානි අතුල රන්සිරිලාල් මහතාගෙන් ඒ පිළිබඳ කළ විමසීමයි මේ. කවුද මේ ‘සුජාත දියණි’? ඇය නමින් චංගුමී. කොරියානු සමාජයේ කාන්තාවන්ට පිළිගැනීමක් නොවූ යුගයෙක, කුල භේදය වැනි අදහස් රාමුවල රැඳී සිටි පිරිමින් වගේම කාන්තාවන් ද අභිබවා අධිෂ්ඨානය හා සත්‍යවාදය පෙරටු කර තම ජීවිතය ජය ගත් තරුණියක්. ඇයගේ කතාව තමයි ‘සුජාත දියණි’. මේ ගැන තවත් විස්තර කළොත්?
මෙය කොරියාවේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණු නාට්‍යයක්. එරට රූපවාහිනී
වැඩසටහන් අතර ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගන්නටත් මෙය සමත් වුණා. කොරියානු තානාපති
කාර්යාලයේ තිළිණයක් ලෙස ලැබුණු ‘Jewel in the
Palace’ වැඩසටහන් පෙළ තමයි මෙසේ
සිංහල දෙබසින් ඔපවත්කර සුජාත දියණිය නමින් ඔබ වෙත ගෙන එන්නේ. මෙහි චංගුමි නම් දැරිය
කුඩාම අවදියේදී දෙමාපියන් නැතුව විශාල
මෙවැනි ටෙලි නාට්‍ය මාලාවක් ජනතාවට ලබාදීමට ඔබ තීරණය කරන්නේ? ඔෂින් තුළින් ඇති වූ සමාජ පෙරළිය තමයි මෙයට ප්‍රධාන වුණේ. අද අනෙකුත් ටෙලි නාට්‍ය දිහා බැලුවම මීට වසර ගණනාවකට පෙර විකාශය වූ ඔෂීන් ටෙලි නාට්‍ය මාලාව අදටත් ඉතාම ජනප්‍රියයි. ඒ වගේම සුජාත දියණි නම් මෙම ටෙලි නාට්‍ය මාලාව තමයි අපි මෙවර තෝරා ගත්තේ. ලංකා සමාජයේ කාන්තා චරිතය විශේෂයි. වැඩිපුර සාර්ධර්ම හා පෝෂණය ලබා දිය යුත්තේ ද කාන්තාවටයි. එය ටෙලිවිෂනයක් කළ යුතුª සේවයක්. ඒ වගේම මෙය සාර්ථක වෙයි කියල හිතනවා. සුජාත දියණි අපේ අලින්දයට එන්නේ කවදා ද? දෙවන වරටත් විකාශනය වන ඔෂින් කතා මාලාව අවසන් වීමෙන් අනතුරුව හෙට (19 වැනිදා) සිට සෑම සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම පස්්වරු 6.30 සිට 7.30 දක්වා විකාශය වෙන්නට නියමිතයි. මේ වෙලාව ගොඩක් ජනප්‍රිය වෙලාවක්. රාජකාරි කටයුතු කරන අය ගෙදර ඉන්න වේලාව. ඒ වගේම බෙහෙතෙක් ගන්න රෝහලට ගියත් එහි ටෙලිවිෂනය වටා ජනතාව රැස් වෙලා ඉන්නවා මම දැකලා තියෙනවා. ඒ නිසා මෙම කාල සීමාව මෙම කතා මාලාවට නියම කළා. දශක ගණනාවක් පුරා ජනප්‍රියත්වයට පත් ‘ඔෂින්’ ගැනත් සඳහන් කරමු?
ඇත්තටම ඔෂින්
මෙවර ඔෂින් දෙවන වරට විකාශය වීමේදී චෝදනාවක් එල්ල වූ කතාව සත්‍යයක් ද? සමාගමක් විසින් අපට චෝදනා කරලා තියෙනවා අපි ඔෂින් පෙන්වන්නේ දුම් හා මත්පැන් බොන්න පුරුදු කරන්න කියලා. එය සම්පූර්ණ අසත්‍ය කතාවක්. එවැනි දර්ශන ඔෂින් හි තියෙනවා. එම අවස්ථාවලදී අපි ‘දුම් හා මත්පැන් බීම ශරීරයට අහිත කරයි’ කියන පණිවිඩය දන්වනවා. මෙහි ආදීීනව පිළිබඳ දැන්වීමටයි මෙය සිදු කළේ. මෙම ආයතනය විසින් මේ සඳහා වැරැදි අර්ථකථනයක් ලබා දී තියෙනවා. ඔවුන් නිර්මාණය කළ පත්‍රිකා සඳහා මෙහි ඡායාරූප පවා අවසරයක් නොමැතිව ලබාගෙන තියෙනවා. අපි ඉල්ලා සිටිනවා මෙවැනි වැරැදි චෝදනා සමාජගත කරන්න එපා කියලා. අපි ආයෙමත් සුජාත දියණිය හි හඬකැවීම් ගැනත් සඳහන් කරමු? මෙය දැවැන්ත ටෙලි නාට්‍ය මාලාවක්. රූගත කිරීම්වලට පවා දහසකට අධික රංගන ශිල්පීන් පිරිසක් සහභාගි වෙලා තියෙනවා. ග්‍රේස් තෙන්නකෝන්, පරාක්‍රම පෙරේරා, මර්සි එදිරිසිංහ, කමල් දේශප්‍රිය, රසාදරී පීරිස්, විජේරත්න වරකාගොඩ, සඳුන් විජේසිරි, රම්‍යා වනිගසේකර, නෙතලි නානායක්කාර, කුමාරි පෙරේරා, අනුර බණ්ඩාර රාජගුරු, නිමල් ජයසිංහ, රෝහණ සිරිවර්ධන, උලපනේ ගුණසේකර, ප්‍රේමදාස විතානගේ, විනෝලා මාලියද්දේ, සිතාරා පවිත්‍රානි, සන්ධ්‍යා රඹුක්කනගේ ඇතුළු ශිල්පීන් දෙසීයකට අධික පිරිසක් හඬ දායකත්වය ලබා දෙනවා. සුජාත දියණියගෙන් අපේ සමාජයට හොඳ පණිවිඩයක් ලබා දෙන්නට හැකි වෙයි කියල බලාපොරොත්තු වෙනවා. ‘සුජාත දියණි’ තේමා ගී පද, නිපැයුම් මෙහෙයුම, උපදෙස් - අතුල රන්සිරිලාල් නිපැයුම් මෙහෙයුම් සහාය – අනුර ධර්මසේන හඬ කැවීම් සහ නිපැයුම – පී. කුලරත්න / වජිර කුමාරි විතානගේ දෙබස් පිටපත – නන්දා ජයමාන්න / බන්දුල විතානගේ, බුද්ධිමා කරුණාරත්න හඬ සටහන හා මුසුව - බුද්ධික සම්පත් ගී තනු - නුවන් සමරසිංහ තේමා ගී ගායනය – ඇන්ජලින් ගුණතිලක සම්බන්ධීකරණය – මහේන්ද්‍ර ස්තෙම්බු
|