|
කෙල්ලො අපිට පිස්සු වැටෙනවාමේ දිනවල නිතර අසන, පෙනෙන ගීතයක්
චරුද් ගුණරත්න
‘කෙල්ලො අපිට පිස්සු වැටෙනවා’ ඒ ගීතයේ නමය. අන්තර් ජාලයේ ද මෙම ගීතයේ ඩවුන්ලෝඩ් සංඛ්‍යානය වාර්තාගත අගයක් ගෙන ඇත. ඒ එය ඉතා ජනප්‍රිය බවට සාක්ෂියක්ය. අපි ඒ ගීයෙහි හිමිකරුවා සොයා ගියෙමු. ‘කෙල්ලො අපිට පිස්සු වැටෙනවා’ ගීතයේ හිමිකරුවා අද අපේ කතානායකයාය. ඔහු නමින් චරුද් ගුණරත්නය. මේ ඔහුගේ වතගොතය. චරුද් ඔබ ඔබවම තවදුරටත් හඳුන්වා දෙන ගමන්ම මේ කතාව අරඹමු? මගේ ගම මොරටුව. තවමත් මං කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ලබන අවුරුද්දේ තමයි අ.පො.ස. උසස් පෙළට මුහුණ දෙන්නේ. සංගීතයට පුදුම විදිහට ආසයි. කෙටියෙන්ම කිව්වොත් මං සංගීත උණකාරයෙක්. ඒක නිසාමයි, මෙහෙම ගීතයක් කළේ. ඇතැමෙක් කිව්වා පාසල් යන කාලයේ ගීත ගායනයට යොමු නොවී අධ්‍යාපන කටයුතුවලින් පසු සංගීතය කරන්නැයි කියලා. ඒත් මං ටිකක් හිතුවක්කාරයි. මට තවත් කාලය ගතවෙනකම් ඉන්න බැහැ. නියම කාලේ මං සිංදුව රිලීස් කළේ.
කොහෙත්ම නැහැ. මං ගීත කිව්වයි කියලා කිසිම වෙලාවක පාඩම් වැඩ අතපසුකර ගත්තේ නැහැ. හැකි සෑම විටකම ගීත නිර්මාණකරණයෙහි යෙදෙනවා. දැනටමත් මං මගේ ඊළඟ ගීතයේ වැඩ කටයුතුත් පටන් අරන් ඉවරයි. ඔබේ පළමු ගීතය බයිලා ආරට නිර්මාණය වූවක්? ඔව් මං විශ්වාස කරනවා බයිලා බීට් එකක් මිනිසුන් අතරට යෑමේ ප්‍රවණාතවය වැඩියි කියලා. උදාහරණයක් විදිහට මෑත කාලයේ නිර්මාණය වූ ලහිරු පෙරේරාගේ ‘රම්බරි’ මේ වන විට විනෝද චාරිකාවලදී ගැයෙන ගීතයක් වෙලා. මටත් ඕනෑ අන්න එහෙම නිර්මාණයක් කරන්න. බයිලා රිදම් එකට මිනිසුන් ආස නිසයි එම රිද්මයේ ගීත ජනප්‍රිය වන්නෙත්, මිනිස්සුන්ට මතක හිටින්නෙත්. ඔබේ ඒ උත්සාහය සාර්ථක ද? සත්තකින්ම. දැනට මං සිංදුව රිලීස් කරලා සති හතරයි. මේ වන විට එය තිස් දහසක් පමණ දෙනා ඩවුන්ලෝඩ් කරලා. පළමු සති දෙකට පමණක් දහතුන් දාහකට අධික ප්‍රමාණයක් රසිකයෝ ඒක අහලා තියනවා. එයම ප්‍රමාණවත් නේද. හොයලා බැලුවොත් ඒක වාර්තාවක් ද දන්නෙ නැහැ. මොකද මාව නොදැන එහෙම සිංදුව ඩවුන්ලෝඩ් වුණ නිසා. මේ වන විට ගීතය ගුවන් විදුලි රූපවාහිනී නාලිකාවල දකින්නට අසන්නට ලැබෙනවා සැලකිය යුතු මට්ටමක. ඉතින් මට ඒ හොඳටම ඇති. කෙල්ලො අපට ගීතයේ අර්ථය අතාත්ත්විකයි?
ගැහැනු ළමයි කොල්ලන්ගෙ පසුපස යන එක? ඔව්. හරි, ඒ ඔබේ මතයනේ. දැන් මට කියන්නකෝ මෙහි වීඩියෝව ගැන? එය නරඹපු මට නම් හිතුණේ පාසල් යන ළමයකුට එවැනි වීඩියෝවක් සැර වැඩියිදෝ කියලා? මට ඒක පිළිගන්න අමාරුයි. වීඩියෝව බලපු අය ගොඩක් හොඳ කිව්වා. එක අතකින් හිතෙනවා වෙනත් අයකු රඟපෑවා නම් හොඳයි කියලත්. ඒ රංගනය හොඳ නැති නිසා නෙවෙයි. ගායකයකු විදිහට වීඩියෝව තුළ ඉන්න තිබුණු හින්දා. ගීතය ජනප්‍රිය කර ගන්න හින්දමද වීඩියෝව කළේ? වර්තමානයේ මා දැක්ක දෙයක් තමයි වීඩියෝවක් නැති ගීත අඩු ජනප්‍රියත්වයක් ලැබීම. වීඩියෝවක් අත්යශ්යයයි ගීතයක් ජනප්‍රිය වන්න අද දවසේ.
මගේ පවුලේ සැම. ඒ වගේම මගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන්, යාළුවෝ, මේ අය තමයි මගේ ශක්තිය. සංගීතය හදාරනවාද? පාසලෙහි විෂයක් විදිහට හදාරනවා. චරුද්ගේ පෞද්ගලික අත්දැකීමක් නෙවෙයිනේ ගීතයට පදනම් වුණේ? අපොයි නැහැ. ඉඳලා ඉඳලා මාර ප්‍රශ්නයක් තමයි ඔයත් ඇහැව්වේ. ඇත්තටම ගැහැනු ළමයෙක් තවමත් පස්සෙන් ඇවිත් නැතිද? තවම නැහැ. අනාගතයේදී එහෙම තත්ත්වයකට මං මුහුණ දේවි. |