|
භද්‍රජීගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය අට වැනිදා ගම්පහදී
මෙයින් ලැබෙන සියලුම ආදායම කෝට්ටේ සුහද පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ලබාදෙන අතර මෙම ගී සැඳෑව භද්‍රජී කළණ මිතුරු සංසදයේ ඉදිරිපත් කිරීමකි. ගම්පහ කාන්ති වික්‍රමනායකගේ සංවිධානයෙන් ඉන්ද්‍රසිරි සුරවීර සහ තිළිණි අතුකෝරාලගේ නිවේදනයෙන් ඔප් නැංවෙන ප්‍රසංගයේ සහය ගායනා චන්න කස්තුරිසිංහ, විමානි කපුරු බණ්ඩාර, සඳුනි රශ්මිකා, ධනුෂ කුලරත්න සහ සජිත් කපුරු බණ්ඩාරගෙනි. රුක්ෂාන් කරුණානායක ප්‍රමුඛ චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස් සංගීත කණ්ඩායමේ සත්සර රටාවෙන් හැඩවන ප්‍රසංගය අතරතුර භද්‍රජීගේ නවතම සංයුක්ත තැටිය වන ගමෙන් ආ කෙල්ලේ එළිදැක්වීමට නියමිතය.
‘ ඔස්කා රිද්ම රැයක්’ 07 වෙනිදා
ආනන්ද විද්‍යාලයේදී
සංගීත් නිපුන් සනත් නන්දසිරි විශාරද නන්දා මාලනී, විශාරද අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, විශාරද සමිතා මුදුන්කොටුව සහ විශාරද නෙළු අධිකාරි යන ගායක ගායිකාවන්ගේ ගැයුමින් එදින ප්‍රසංගය වර්ණවත් වනු ඇත. සමන්ත පෙරේරා සංගීතය මෙහෙයවනු ලබයි. නර්ථන වින්‍යාසය ජාතික තරුණ සේවා සභාවේ නර්ථන කණ්ඩායමෙනි.
‘මාරම්බරී’ ත්‍රිකුණාමලයට
නාවුක හමුදාපති රියර් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා සහ එම මැතිණිය ප්‍රධාන ආරාධිත අමුත්තන් වන මෙම ප්‍රසංගයේ යුග ගායනා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද ශ්‍රියා කාරියවසම් සහ ශාරණ්‍යා ජයකොඩි යන අයගෙනි. වසන්ත රෝහණ ප්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවනු ලබයි.
‘රන්ගාරා’ රංග අභිෂේකය අට වැනිදා කැනඩාවේවිශේෂ අමුත්තා රවිබන්දු විද්‍යාපති නර්ථන ශිල්පිනී රෂාන්ති හෙට්ටිආරච්චි කැනඩාවේ පවත්වාගෙන යනු ලබන රන්ගාරා කලා ආයතනයේ සිවු වසරක් බෙර වාදනය සහ නර්තනය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලඑළි මංගල්‍යය ‘රන්ගාරා රංග අභිෂේකය’ මේ මස 08 වැනිදා සවස කැනඩාවේ දොන් බොස්කෝ රංග ශාලාවේදී පැවැත්වේ. ජ්‍යෙෂ්ඨ නර්ථනවේදී රවිබන්දු විද්‍යාපති සහ බෙර වාදන ශිල්පී ප්‍රසන්න රූපතිලක එම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස සහභාගිවීමට නියමිතය. මෙයට සමගාමීව රවිබන්දු විද්‍යාපතිගේ කලා නිර්මාණ ඇතුළත් කෙටි වැඩසටහනක් ද දිග හැරෙනු ඇත.
පුංචි එවුන් සූරයෝ රූගත කිරීම් පාදුක්කේරුවන් හේවගේ අධ්‍යක්ෂණයක්
ප්‍රදේශයන්හි මේ දිනවල රූගත වෙමින් පවතියි. මෙය අයුක්තියට විරුද්ධව නැඟී සිටින කුඩා දරුවන් සිවු දෙනෙකු වටා ගෙතී ඇති කතාවකි. රංගන ප්‍රේමරත්න, සඳුන් විජේසිරි, අජිත් ලොකුගේ, ප්‍රසන්න ෆොන්සේකා, සුමිත් මුදන්නායක, රුවන් හේවගේ, චලිනි ප්‍රතිභා, නිහාල් ප්‍රේමචන්ද්‍ර, ගාමිණී කොස්තා, සරත් පීරිස්, කුමාරි එක්නැලිගොඩ, සම්මි හේමචන්ද්‍ර, කුමාරි සංජීව දහනායක, කැළුම් නිරෝශන්, ශානිකා පද්මකාන්ති, දම්මි රත්නාවලී, මධු නිසංසලා, නන්ද පින්නවල, ක්‍රිෂාන්ත ද සිල්වා, සුදේශ් මධුසංඛ, සනත් කුමාර, රිද්මා තරංගනී සෙහානි ප්‍රේෂිකලා, උපුල් රාහුබද්ධ, නුවන් විජේසිරි සහ ළමා නළුවන් වන වෙහාන් ලංකජ, සහන් ගිමන්ත, සජිත් රන්සිරි, තීක්ෂණ සඳරු සසංක, කනිෂ්ක ජයරුවන් සහ ගීත්මා ලියනආරච්චි රඟන පුංචි එවුන් සූරයෝ හි සහය අධ්‍යක්ෂණය නිහාල් ප්‍රේමචන්ද්‍රගෙනි. කැමරාව මංජුල කුමාරගේ මෙහෙයවයි. සරත් රන්වැල්ල කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් පෙරේරා නිශ්චල ඡායාරූපකරණයෙන් සහ අශෝක පීරිස් පසුබිම් සංගීතයෙන් මේ සඳහා එක්වෙති. ගාමිණී කොස්තාගේ අංග රචනාවකි. ඩී. එල්. නිහාල් පුංචි එවුන් සූරයෝ නිෂ්පාදනය කොට තිබේ. |