|
සිනමාකරුවකුගේ කෘතියක් තවත් සිනමාකරුවකුට
දින කිහිපයක සිටම ගේ මව ඇඳුම් පැළඳුම් සහ වෙනත් නොයෙකුත් දේ අහුරන්නට වූවාය.අප නව ජීවිතයක් අරඹන්නට සූදානම් වන බැව් මම ඉවෙන් මෙන් පසක් කළෙමි.එවකට මම අවුරුදු හයක් වයසැති කුඩා දැරියක වීමි. ඒ සටහන ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කර ගත්තකුගේය. රූප සටහන මා උපුටා ගත්තේ උල්රිච් එඩෙල් නම් සුපතල ජර්මානු සිනමාකරුවාගේ කි‍්‍රස්ටියන් එෆ්. චිත්‍රපටයෙනි.ජීවන වෘතාන්තය උකහා ගත්තේ සුප්‍රකට සිනමා කරු රංජිත් කුරුප්පු විසින් පරිවර්තනය කරන ලදුව මෑතක එළි දුටු සාතන්ගේ දියණියෝ කෘතියෙනි. මේ කෘතිය වූ කලී 80 දශකයේ ජර්මන්් යුවතියක වටා ගෙතුණ ක්‍රිස්ටියන් එෆ්. නම් කෘතියයි.
රංජිත් කුරුප්පු සිය අට වැනි පරිවර්තනය සඳහා තෝරා ගන්නේ එම ජීවන අත්දැකීමයි.එය ජර්මනියේ සුප්‍රකට සඟරාවක් වූ ස්ටර්න් සඟරාවේ ලේඛක දෙපළක් වූ කයි හර්මන් සහ හෝස්ට් රියෝ විසින් ලියන ලද්දේ එවකට ජර්මනයේ ජීවත් වූ අධික මත් ද්‍රව්‍ය භාවිතයට ද එම නිසාම ගණිකා වෘත්තියට පිවිසි යොවුන් පරම්පරාව පිළිබඳ ගවේෂණාත්මක ලිපියක් හැටියටය.මේ අවදියේ යුරෝපය පුරා පැතිර ගිය තරුණ උන්මාදයේ එක් කෙළවරක් වූයේ මත් ද්‍රව්‍ය භාවිතයයි. අද පවා එය වසංගතයක් හා සමානය. මේ ගැටවරයන්ගේ ඉරණම පිළිබඳ ලිවීම පහසු කටයුත්තක් නොවීය.එය එක් අතකින් යුරෝපය පුරාම වසා ගත් පිළිලයක් එළි දරව් කිරීමක් වැනිය.මේ පිළිබඳ සොයා බලන්නට යෑම පහසු කටයුත්තක් නොවීය. අවසානයේ ඒ වන විට මත් ද්‍රව්‍ය භාවිතයේ උපරිම මෙන්ම ගණිකා වක ලෙස දුම්රිය පොළක ජීවත් වූ ක්‍රිස්ටියානා ගේ ජීවිත අත්දැකීම් ලියන්නට ඔවුහු සමත් වූහ.මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ කෙනකුට කළ නොහැකි දීන කටයුත්තක් නොවුන තරම්ය. මේ කතාව කියන්නට ක්‍රිස්ටියානා එකඟ වූයේ පැය දෙකක කාලයක් ඒ සඳහා හොඳටම ඇතියැයි පොරොන්දු වීමෙනි.
එහි ලේඛකයන් දෙදෙනා සැඟව ගත්හ.මේ ලිපි මාලාව මාස දෙකක කාලයක් එකී සඟරාවේ පළ විණ.එහි ක්‍රිස්ටියානාගේ ජීවන අන්දරය සාධක සහිතව ඔප්පු කරන්නට ඇයගේ මව ඇතුළු සමීප හිතවතුන් ද එක්වූහ. මේ කෘතිය 1979 වසරේ දී ග්‍රන්ථයක් ලෙස එළි දුටු අතර එය මහත් ආන්දෝලනයකට ලක්වූවා පමනක් නොව උණු කැවුම් මෙන් අලෙවි වන්නට විය.එමෙන්ම ඉතා ඉක්මනින් ජර්මානු බසට අමතරව ඉංග්‍රීසිය ඇතුළු යුරෝපයේ බොහෝ භාෂාවන් ට ද පරිවර්තනය වූයේ ය.එය යුරෝපයේ පොදු අත්දැකීමක් විය. මේ හැම විටම එහි කෘතියේ අයිතිය වෙනුවෙන් ක්‍රිස්ටියනාට මුදලක් ද ගෙවනු ලැබිණ.අනතුරුව එය සිනමාකෘතියකට පරිවර්තනය විය. එහි අධ්‍යක්ෂණය ජර්මානු සිනමාවේ පෙරළිකාර සිනමාකරුවකු වන උල්ර්ච් එඩෙල් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයේ ක්‍රිස්ටියානා රඟ නොපෑව ද එහි උපදේශිකාවක ලෙස කටයුතු කළාය.එම චිත්‍රපටය ද අතිශය සාර්ථක නිර්මාණයක් විය.එහෙත් මේ චිත්‍රපටය ද ග්‍රන්ථය ද උමතුවක් බවට පත් විය. ක්‍රිස්ටියානා ජීවත් වූ පෙදෙස බලන්නට සංචාරකයන් පැමිණියහ.කි‍්‍රස්ටියානා දැක ගන්නට නැතහොත් ඇය ආදේශකයක් ලෙස සිතන්නට සමහරුනට වුවමනාවූ තරම්ය. චිත්‍රපටය මෙන්ම ග්‍රන්ථය ද විලාසිතාවක් විය.
ඉතා මෑතක ද ඇය යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ වග සාක්ෂි ඇත්තේය..එහෙත් ජීවන අත්දැකීමක් ලෙස ඇගේ කතාව බිහිසුණු එකකි. ඇය සිය ළමා වියේ ම එබඳු ජීවිතයකට යොමුවනුයේ ඈ ගැන සොයා බලන්නට කිසිවකු නැති සමයකය.එය ලොව බොහෝ ගැටවරයන්ගේ ඉරණමයි.
ක්‍රිස්ටියානා එෆ්. සිංහලට පරිවර්තනය කළ රංජිත් කුරුප්පු සිය මුල්ම චිත්‍රපටය වූ
පවන රළු විය උදෙසා හොඳම තිරනාටක රචකයාට හිමි සරසවිය සම්මානය ඇතුළු සම්මාන රැසක්
දිනා ගත්තේය. වර්තමානයේ ඔහු ඉතා විශිෂ්ට ගනයේ පරිවර්තකයකුගේ තැනට පත්ව ඇත්තේය.ඔහු විසින් පර්වර්තනය කරන ලද මරණයේ දොරටුව,කාන්තාරයේ කුසුම,ගිනි මැද සක්මන වැනි කෘතින් මෙරට පරිවර්තන කෙෂත්‍රයේ අලුත් මාවතක් ගොඩ නැංවූයේය.ක්‍රිස්ටියානා එෆ් කියවන්නකුට තවත් මතකයට නැගෙන කෘතියක් වෙයි. ඒ අද ලොව ජනප්‍රිය නිළියක ලෙස ගැනෙන ඩෘ බැරිමෝර් විසින් සිය ජීවිතය අළලා ලියන ලද ලොස්ට් චයිල්හුඩ් කෘතියයි. ඊ.ටී.චිත්‍රපටයේ සිඟිති සුරතලිය ලෙස අසමාන ජනප්‍රියත්වයක් ලද ඇය දොළොස් හැවිරිදි විය වන විට මත්පැනටත් දහතුන් වැනි වියට පත් වන විට මත් ද්‍රව්‍ය භාවිතයට ද යොමු වූවාය. ඉන්දියාවේ රංගන කෙෂත්‍රයේ කපූර් පවුල මෙන් හොලිවුඩ් හි සුපතල බැරිමෝර් පවුලේ මේ සුරූපිය ප්ලේබෝයි සඟරාවේ නිරුවත් ඡායාරූප වලට ද පෙනී සිටියාය.පසු කලක එයින් මිදී යළි චිත්‍රපට කේෂත්‍රයට අවතීරණය වූ ඇය විශිෂ්ට නිළියක හා නිෂ්පාදිකාවක වූවාය. උත්පත්තියේ දී ඇයගේ ආගමික සිරිත අනුව කැපකරු මාපියන් වූයේ සුප්‍රකට සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් සහ නිළි සොපියා ලොරේන් ය.ඇයගේ නිරුවත් ඡායාරූප පෙළකට දක්ෂ විලාසිතා ශිල්පියකු ලවා ඇඳුම් ඇන්දවූ ස්පිල්බර්ග් මා ඔබ දකින්නට කැමැති මේ විදියට යැයි දන්වා යැවූ වග එකල සදහන් විය. ක්‍රිස්ටියානා එෆ් පරිවර්තනයේ වඩාත් තවත් අපූර්වත්වයක් නම් රංජිත් එය පුද කොට ඇත්තේ සිය ගුරුවර ඩී.බී.නිහාල්සිංහයන් වෙතට වීමයි. |