|
|
මෙරට තැනූ මැදියම රෑ දරුවෝ ටොරන්ටෝ උළෙලේ ආරම්භයට
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ රාජකීය ගොල්ෆ් පිටිය, කතානායක නිල නිවස, මරදාන දුම්රියපොළ ඇතුළු ශ්‍රී ලංකාවේ දර්ශන තල හැට පහකදී මෙම චිත්‍රපටය රූගන්වා ඇත.
විධායක අධීක්ෂණය, නිෂ්පාදන සැලසුම්, උපදේශනය, දර්ශන තල ඉදි කිරීම සහ අයවැය සැළසුම්කරණය සිදු කරනු ලැබුවේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන එරල් කෙලී, ඒන්ස්ලි ද සිල්වා, ගෝපී ධර්මරත්නම් විසිනි. Mid Nights Children චිත්‍රපටයේ නිෂ්පාදක ඩේවිඩ් හැමිල්ටන් එම උත්කර්ෂවත් මංගල දර්ශනයට සහභාගි වන ලෙසට Film Team ආයතනයට ආරාධනා කර තිබේ. මෙම චිත්‍රපටයට පදනම්ව ඇත්තේ බුකර් සම්මානයෙන් පිදුම් ලද සල්මන් රුෂ්ඩිගේ ලෝ ප්‍රකට නවකතාවයි. සොනාලි ඛාන්, ශබානා ආස්මී, ශ්‍රියා සරන්, සීමා බිස්වානි, රාහුල් බෝස්, සභානා ගෝස්වාමී සහ අනුපම් කේර් මෙහි චරිත නිරූපණය කර තිබේ.
රොකට් රජා පොකට් රජා වැඩ ඇරැඹෙයිදිනුෂ ප්‍රදීප් කුමාර අධ්‍යක්ෂණයට රොකට් රජා පොකට් රජා නම් වූ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් තවත් නවක අධ්‍යක්ෂවරයකු හෙළ සිනමාවට එක් වෙයි. ඔහු දිනුෂ ප්‍රදීප් කුමාරයි. මොහාන් නියාස්ගේ මායාවි සිනමාපටය ඇතුළු චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්ෂණයෙන් හැඩ කළ දිනූෂගේ කුලුඳුල් සිනමා පටයෙන් දිග හැරෙනුයේ රොකට්, පොකට් නමැති රැකියා විරහිත තරුණයන් දෙපොළකගේ කතාවකි.
අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය ද දිනූෂගෙන්ය. නිරෝෂි දිසානායක සහ සුපුන් දිනූෂ සෙනෙවිරත්නගේ සහාය අධ්‍යක්ෂණයකි. ස්ටැනී ද සිල්වා කලා අධ්‍යක්ෂවරයාවේ. කැමරාකරණයෙන් නිෂාන් හසිත එක්වෙයි. රොඩ්නි වෙන්ට්‍රවෙස්ට් අංග රචනා ශිල්පියාය. ප්‍රියනාත් රත්නායක සත්සර මුසු කෙරෙනු ඇත. ශාන් අල්විස් සංස්කරණයට සූදානම් වන මෙහි නිෂ්පාදන කළමනාකරු වශයෙන් බන්දුල රූපසිංහ කටයුතු කරයි. නුගේගොඩ සංහිඳ හෝටල් පරිශ්‍රයේ පැවති රොකට් රජා පොකට් රජා හි මුහුරත්උළෙල දා එහි පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි මේ. |



විශ්ව කීර්තියට පත්
Water චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ
දීපා මෙහෙතාගේ නවතම
සිනමා නිර්මාණය Mid Nights Children කැනඩාවේ
37 වැනි ටොරොන්ටෝ චිත්‍රපට උළෙලේ
ආරම්භක චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා තෝරා
ගෙන තිබේ.
ජාත්‍යන්තර චිත්‍රපට සඳහා පහසුකම් සපයන
The Film Team සමාගම මගින් මෙහි ශ්‍රී ලංකා
නිෂ්පාදන කටයුතු සිදු කරන ලද අතර එම ආයතනයේ සභාපති ධූරය දරනුයේ ප්‍රවීණ නළු
රවීන්ද්‍ර රන්දෙණියයි.
සුරස ෆිල්මස් වෙනුවෙන් සජිත රුක්මන්තගේ නිෂ්පාදනයක් වන මෙහි රංගන දායකත්වය රොනී
ලීච්, සනෝජා බිබිලේ, විශාකා සිරිවර්ධන, උදයන්ති කුලතුංග,සජිත් රුක්මන්ත, නිලාන්
සඳරුවන්, උපාලි කීර්තිසේන, ප්‍රේමදාස විතානගේ, අනූෂා රාජපක්ෂ, ප්‍රියනාත් රත්නායක,
භාග්‍යා ගුරුසිංහ, මල්කි නිමල්කා ඇතුළු පිරිසගෙනි.