|
සයිෆ්ගේ අලුත් නිෂ්පාදනයෙන් කරීනාගේ බාල මස්සිනා තිරයට
විවාහය කරීනාගේ සිතට මහා මෙරකටත් වැඩි බරක් වී තිබූ බව කාටත් වැටහුණේ, ‘මං විවාහ වීමට තිබුණේ මීට වසර තුනකට පෙරයි’ කියා ඇයගේ මුවින්ම මාධ්‍යයට ප්‍රකාශ වුණු පසුවයි. අද වන විට ඇය ඒ සිතේ බර බිමට තබා අවසන්ය. මේ බොලිවුඩයේ තවත් සුපිරිතම ‘මංගල්‍යයක්’ වන බව නම් ඒකාන්තයි. මංගල්‍යය පැවැත්වෙන්නේ දිල්ලි නුවරදී, දෙපාර්ශ්වයේම නෑයන්ගේ එකතුවෙනි. බොලිවුඩ් නගරයේ හිත මිතුරන් වෙනුවෙන් සාදයක් පසුව මූම්බායිහිදී පැවැත්වේ. කරීනා පෙළවහට ගැනීමට සායිෆ් ලහි ලහියේ සූදානම් වෙද්දී කපූර් පවුලේ තවත් නවමු සාමාජිකයෙක් විවාහය වගේම සුබම සුබ පෙරැළියකට සූදානමින් සිටියි. ඔහු කරීනාගේ ඥාති සොයුරා වන විසි හැවිරිදි අර්මන් ජේන්ය. සායිෆ්, කපූර් පවුල සමඟ නෑකමක් කරීනා සමඟ ගොඩ නඟා ගනිද්දී, ඒ නෑකම වැඩි නෑමක්, තවදුරටත් පැවසුවොත් ඕනෑකමක් බවට පත්කර ගැනීමට දෝ සිය නිෂ්පාදන සමාගමෙන්ම අර්මන් දොරට වඩවයි. ප්‍රීති විරාජ් කපූර්, රාජ් කපූර් පරපුරේ ලේ උරුමය ගෙන යන අලුත්ම පුරුකවන්නේ අර්මන්ය. ඔහු රාජ් කපූර්ගේ බාල දියණිය රීමාගේ පුත්‍රයායි. කරීනා හා කරිෂ්්මා රාජ් කපූර්ගේ වැඩිමල් පුතු රන්ධීර්ගේ දියණිවරුන්ය. නව පරපුරේ සුපිරි තරුව රන්බීර්, රාජ්ගේ බාල පුතු රිෂි කපූර්ගේ පුතණුවන්ය. පරපුරේ උරුමය නිසාදෝ අර්මන් ද බාල වියේ සිට සිනමා උමතුවෙන් පෙළෙන්නෙකි. ඔහු කරීනා, කරිෂ්මා නෑනාවරුන්ගේ සුරතල් පොඩි මස්සිනායි.
එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ කරීනායි. ඔහු කරන් ජොහාර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ හී සහාය අධ්‍යක්ෂවරයා ද වෙයි. අර්මන්ට බාල සොයුරකු ද සිටියි. ඔහු ඩ්‍රම්ස් වාදකයෙකි. චිත්‍රපටයේ අර්මන්ගේ පෙම්වතිය වන්නේ ද නවක තාරකාවකි. ඇයට ද සිනමාව ආගන්තුක නැත. ඇය සුනිල් ෂෙට්ටිගේ දියණිය අතියා ෂෙට්ටියි. අතියා දැනටමත් අමෙරිකාවේ සිනමා පාසලක අධ්‍යාපනය ලබන්නීය. මෙහි දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කරන්නේ ද තවත් සිනමාවට නෑකම් කියන්නෙකි. ඔහු ජැකී ෂෙරෝෆ්ගේ ආදරණීය පුතු, ටයිගර් ෂෙරෝෆ්ය.විවාහ මංගල්‍යයක්, නවක තරු මංගල්‍යයක් උදාවෙද්දී කරීනාගේ සිතෙහි සතුට දෙගුණ තෙගුණ කරන තවත් කරුණකි. ඇය රැඟූ ආන්දෝලනාත්මක සිනමාපටය ‘හෙරොයින්’ සැප්තැම්බර් 21 වැනි දින තිරගත වීමට නියමිතයි. පුරුෂාධිපත්‍ය රජ කරන බොලිවුඩ් සිනමාවේ ‘ඩර්ටි පික්චර්’ මෙන් කාන්තාවක වටා ගෙතුණු ‘හෙරොයින්’ ද විජයග්‍රාහී මතක සටහනක් වනු ඇති බව කරීනාගේ අදහසයි. ඇය එදා මෙදාතුර රැඟූ සිනමාපට අතරින් හොඳම රඟපෑම ඇත්තේ ‘හෙරොයින්’හී බව ඇය නිතර පවසන්නීය. සිනමාපටය තිරගත කරන සැප්තැම්බර් 21 වැනි දිනට කරීනාගේ තිස් දෙවැනි උපන් දිනය යෙදී තිබේ.
|