|
සුදත් රෝහණ ගිරිකුළ ටෙලියට නඟයිශාන්ති දිසානායකගේ හරබර නවකතාවක්
සුදත් පුංචි තිරයට ගෙනෙන්න සුදානම් වෙන්නේ ශාන්ති දිසානායකගේ ‘ගිරිකුළ’ නවකතාව ඇසුරෙන් සරත් ධර්මසිරි රූපවාහිනියට ලියන ‘ගිරිකුළ’ ටෙලි සිතුවම. සුසන්තා චන්ද්‍රමාලි, අවන්ති අපොන්සු, ජනක් ප්‍රේමලාල්, නිල්මිණි තෙන්නකෝන්, කාංචනා මෙන්ඩිස්, ගාමිණී හෙට්ටිආරච්චි, නිරෝෂන් විජේසිංහ, සනත් විමලසිරි, උද්ධික ප්‍රේමරත්න, ගංගු රොෂානා, මධුෂාන් හත්ලහවත්ත, ලාල් කුලරත්න, ප්‍රියංකර රත්නායක, හේමසිරි ලියනගේ, රිචඩ් මානමුදලි, සුබුද්ධි ලක්මාලි, කෞෂල්‍යා සමරසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, සමන් හේමරත්න, ගීතා කුමාරි, නිරංජලා ජයසිංහ, ශිරන්ත ප්‍රේමවර්ධන සහ උදේනි චන්ද්‍රසිරි රංගනයෙන් සුදත් රෝහණගේ නවතම ඇසි දිසි රූප කාව්‍යය හැඩ වෙනවා. ‘ගිරිකුළ’ සාර්ථක ගමනකින් අවසන් කරන්න කැමරාකරණයෙන් ධම්මික දිසානායක, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත ප්‍රනාන්දු සමඟ චමල් ප්‍රබෝධ රත්නායකත්, කලා අධ්‍යක්ෂණයෙන් ක්‍රිශාන්ත රත්නසිරි, අංග රචනයෙන් ගිඋහාන් ඕවිට, ඇඳුම් හා කොණ්ඩ මෝස්තර නිර්මාණයෙන් සෑම් පෙරේරා, සංස්කරණයෙන් චානක ද සිල්වා, නිෂ්පාදන කළමණාකරනයෙන් රාජා රණසිංහ සහ නිෂ්පාදන සැලසුම් හා මුල්‍ය කළමණාකරනයෙන් අරවින්ද වික්‍රමසිංහ දායක වෙනවා. ‘ගිරිකුළ’ ෆාහිම් මව්ජුඩ් ගේ නිෂ්පාදනයක්.
ඉගිලෙන මාළුවාට රට රට බුහුමන්
එය මේ වන විට රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග්, දකුණු කොරියා පස්වන සින්ඩි අයිෆ් අකා, නෙදර්ලන්ඩ් හතළිස් වැනි රොටෑඩෑම්, අමෙරිකානු නිව්ජර්සි ඇතුළු ජාත්‍යන්තර සිනමා උළෙලයන් දහයකදී සම්මානයට පාත්‍ර විය. මීට අමතරව බෙල්ජියම, කැනඩාව, බ්‍රසීලය, අමෙරිකාව, ජපානය, එංගලන්තය ආදී රටවල් කිහිපයක සිනමා උළෙලයන් නියෝජනය කොට තිබීම විශේෂත්වයකි. ඉගිලෙන මාළුවෝ ඒෂියා ඩිජිටල් ආයතනය වෙනුවෙන් මනෝහන් නානායක්කාර නිෂ්පාදනය කර තිබේ.
අබිනික්මන දිල්ලි යයි
නෙට්පැක් ඉන්දියා දේවිකි පදනම මඟින් පළමුවරට පවත්වනු ලබන මෙය බෞද්ධ චිත්‍රපට වෙනුවෙන් පවත්වන ලද්දකි. අභිනික්මනට අමතරව උත්පලවන්නා සහ සංකාරා යන චිත්‍රපට ද මෙවර මෙය නියෝජනය කිරීමට නියමිතය. උලෙල හෙට සිට මැයි පළමු වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර අසාද් භවන් තියෙටර් හි පැවැත්වේ.
|