|
||||||||||||||||||||||
ශතකය සමරන හොළිවුඩ් විශ්වය
ඒ කෙසේ වෙතත් හොළිවුඩයේ අභිමානවත් චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලියට 2012 වසර අතිශය වැදගත් මෙන්ම ස්වර්ණමය එකක් වන බව නම් එකහෙළා ප්‍රකාශ කළ හැකිය. මන්ද හොළිවුඩයේ පළමුවැනි වාණිජ මට්ටමෙන් ස්ථාපිත චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වූ යුනිවර්සල් නමට මෙම වසරේ සිය වසක් පිරීමයි.
හෙතෙම කාල් ලෙමිල් නම් වූ විස්කොන්සිත් ප්‍රාන්තවාසී යුදෙව්වකි. වෘත්තියක් ලෙස ඔහු කළේ රෙදිපිළි වෙළඳාමය. මෙකී කාලය 1900 දශකය එනම් 20 වන සියවසේ ආරම්භය විය. චිත්‍රපටය නොඑසේ නම් චලන චිත්‍රය එතරම් ව්‍යාප්ත නොවූත්, දියුණු මට්ටමක නොතිබුණ නමුත් ප්‍රේක්ෂකයා පොරකමින් චලන චිත්‍ර සටහන් නැරැඹූ යුගයත් එයම විය. කාල් ලෙමිල් නම් ඒ විස්කොන්සික් ප්‍රාන්තවාසියා තම ඉරණම් ගමන වන චිකාගෝ වෙත ගියේ චලන චිත්‍රය පිළිබඳ ප්‍රේක්ෂක උනන්දුව වැඩී තිබූ ඒ වකවානුවේදීමය. ‘නිකොලොඩියන්’ නම් චිකාගෝ චලන චිත්‍රාගාරයට ගොඩ වැදුණු ලෙමිල් එය තමන්ගේ චලන චිත්‍රපටයේ පිස්සුවට නතු වේ යැයි කිසිදාක නොසිතන්නට ඇත. අවසානයේදී හවුල්කරුවන් ද සමඟ ඔහු නිකලොඩියන් තමන් සන්තකයට ගත්තේ චිත්‍රපට කිරිල්ලෙහි විශාල පිම්මක් පැනීමටය. ලෙමිල් නිකොලොඩියන් සියතට ගෙන නිකම් නොසිටියේ ඔහුට අලුත් දේ අත්හදා බැලීමට තිබූ උමතුව නිසාය. ඒ සඳහා ඔහු එක්කර ගත්තේ පේට්න්ට් බලපත්‍ර හිමියෙකි. ඔහු ලෝ පතළ විද්‍යාඥයකු වූ තෝමස් අල්වා එඩිසන්ය. එඩිසන් පේට්න්ට් බලපත්‍රයක් ලබාගෙන තිබුණේ සිනමා කැමරා හා ප්‍රක්ෂේපණ යන්ත්‍ර සඳහා නව නිෂ්පාදනයක් ලෙස බිහිවුණු මෝටරය සඳහාය. එඩිසන් ද ලෙමිල් ගේ නිකොලොඩියන් සකහකරුවෙක් වූයේ එහි තාක්ෂණය නිසාවෙනි. නමුත් වැඩි කලක් යන්නට මත්තෙන් කාල් ලෙමිල්, එඩිසන්ගෙන් ;වන් වුු අතර ඔහුගේ නව ගමන ඇරැඹූයේ ඇබේ ස්ටර්න් සහ ජුලියස් ස්ටර්න් සමඟය. ඔහුගේ නව සමාගම යාන්ති චිත්‍රපට සමාගම විය. නිකොලොඩියන් සමයේ එඩිසන් පවත්වාගෙන ආ බොහෝ සම්ප්‍රදායන් ලෙමිල් වෙනස් කළ අතර තරු සංකල්පය සඳහා මූලිකවම අඩිතාලම යෙදුවේ ඔහුය.
1909 දී ඇරැඹූ යාන්ති සමාගම ඉන්ඩිපෙන්ඩන්ට් මුවින්ග් පික්චර් කම්පනි ලෙසත් 1912 දී එය යුනිවර්සල් ෆිල්පි මනුෆැක්චරින් කම්පැනි ලෙසත් නිල වශයෙන් ඇරැඹුණු මෙය 1925 දී යුනිවර්සල් පික්චර්ස් ලෙස ස්ථාපිත වී අද දක්වා පැවත එයි. එතැන් පටන් චිත්‍රපට සමාගමේ නාමය ව්‍යාප්තිය වෙනුවෙන් නොව චිත්‍රපටය හා එහි ප්‍රවර්ධනය වෙනුවෙන් කර්මාන්තය ක්‍රියා කරන ආකාරයට පදනම සැකසූයේ යුනිවර්සල් පික්චර්ස් විසිනි. මේ වන විටත් එය ලෝකයේ දෙවැනි පැරැණිතම චිත්‍රපට නිෂ්පාදන සමාගම බවට පත් වී තිබෙන්නේ ප්‍රංශයේ පැරිසියේ 1895 දී ඇරැඹි ‘ගෝමොන්ට්’ සමාගමට පමණක් දෙවැනි වෙමිනි. යුනිවර්සල් සාමාන්‍ය චිත්‍රාගාරයක් ලෙස පැවතුණේ 1964 වසර තෙක් පමණි. ඔබ ඩිස්නිලන්තය පියවි ඇසෙන් හෝ රූපවාහිනියෙන් දැක ඇති බව නොඅනුමානය. ඒ ඩිස්නි චරිත උපයෝගි කොට ගෙන සැකසූ දැවැන්ත පසුතල සහ උද්‍යාන මෙන්ම දැවැන්ත ජල තටාක මවිත කරවන සුළුය.
කෙසේ වෙතත් හොළිවුඩයට සීමා නොවූ යුනිවර්සල් 2001 දී ජපානයේ ඔසාකා වෙතත් 2010 දී සිංගප්පූරුවේ සෙන්තෝසා වෙතත් තමන්ගේ අතිශය ආකර්ශණිය පසුතල නගර සංකේන්ද්‍රණය කළ අතර පුරාණ ඊජිප්තුව, ලොස්ට් වර්ල්ඩ්, ටාමගස්තර් වැනි ආකර්ශණීය සිනමාපටවල එන පසුතල උද්‍යාන ඒ සඳහා ඇතුළත කරන ලද්දේ ‘හෙලෝ කිට්’ වැනි ආසියානු ආරේ රූපයන් ද හඳුන්වා දෙමිනි.
වයසින් පරිණත වත්ම යුනිවර්සල් තවත් සිනමා මානයක් සොයා ගියේය. එහි ප්‍රතිඵලයක් වූයේ ‘යුනිවර්සල් කාටුන් පික්චර්ස්’ය. 1990 දශකයේ ත්‍රිමාණ සජීවිකරණය මුල් වරට රූපවාහිනී කතා නාටක තුළට ඇතුළත් කරමින් ඔවුන් ’ද ලෑන්ඩ් බිෆෝ ටයිම්’ නිපද වූයේය. ‘ඇන් ඇමෙරිකන් ටේල්’, ‘බොල්ටෝ’ මෙන්ම මෑතකදී ඉහළම ආදායම් ලැබූ ‘ඩිස්පිකබල් මී’ සජීවිකරණ චිත්‍රපටය දක්වාම යුනිවර්සල් ඉතා සාර්ථක ගමනක් සජීවිකරණයෙන් ගොස් හමාරය. කොයි කෙසේ වෙතත් යුනිවර්සල් සිය ස්වර්ණමය ශතකය සැමරීමට සියලු කටයුතු යොදා ඇත. ඒ එක් අතකින් තමන්ගේ සාඩම්බර සිනමා ඉතිහාසය තුළ බිහි වූ ගුණාත්මක කෘති කිහිපයක් වර්තමාන පරම්පරාවට දායාද කිරීමට මෙය අවස්ථාවක් කර ගෙන ඇත. ඒ ඔවුන්ගේ සිනමා කෘති 13 ක් ඩී. වී. ඩී හා බ්ලූ රේ පද්ධති සඳහා පරිවර්තනය කොට මේ වසරේ එළි දැක්වීමයි. ‘ටු කිල් අ මොකිංබර්ඩ්’ පළමුවන ප්‍රති සම්පාදිත චිත්‍රපටය ලෙස එළි දැක ඇති අතර ස්පිල්බර්ග් ගේ ෂින්ඩලර්න් ලිස්ට්, ඩ‍්‍රැකියුලා, ෆ්‍රැන්තස්ටීන්, ඕල් ක්වයට් ඔන් ද වෙස්ටර්න් ෆ‍්‍රන්ට් ආදී චිත්‍රපට කිහිපයක් එසේ එළි දැකීමට නියමිතය. එමෙන්ම සියවන ශත සංවත්සරය වෙනුවෙන් සිය ලාංඡනය ද ප්‍රති නිර්මාණය කර ඇති අතර මාර්තු මාසයේ තිරගත කිරීම ඇරැඹූ ‘ද ලොරැක්ස්’ චිත්‍රපටයේ සිට ඒ ලාංඡනය ඇතුළත් කර ඇත. මේ වසර තුළ ද ‘මනුතාපය’ ඇතුලු දැවැන්ත චිත්‍රපට කිහිපයක් එළි දකින්නට නියමිත යුනිවර්සල් ඉදිරි වසරවලදී ද සිය සිනමා ගමන විප්ලවකාරී ලෙස හැසිරිවීමට වර්තමාන හිමිකරුවන් වන කොමිකාස්ට් හා ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම් දැනටමත් සැලසුම් කර හමාරය.
|
||||||||||||||||||||||