|
‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක්සංඛ – ගයනි – උදේශ් නෙතු මානයේ රැගෙන එතිමේ මාසයේ 28 දා ජනකලා කේන්ද්‍රයේ සංඛ දිනෙත් ගයනි මධූෂා උදේශ් නීලංග මේ තුන් දෙනා නව පරපුර නියෝජනය කරන සංගීතයෙන් පෙළහර පාන උදවිය. ඒ ත්‍රිත්ව තරු සංකලනය ලබන විසි අට වැනිදා සවස බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයට පායන්නේ ‘නෙතු මානයේ’ දිග හරින්න.
‘නෙතු මානයේ’ ගී ප්‍රසංගයක් ‘නෙතු මානයේ’ ට පෙර සංඛ, ගයනි, උදේශ්ගේ අලුත් තොරතුරු මොනවද කියලා දැනගන්නට මට හිතුණා. සංඛ - මේ දිනවල මං ටිකක් කාර්යබහුලයි. සිරස නාලිකාවේ පොඩ්ඩන්ට පුළුවන් සංගීත වැඩ සටහනේ විනිසුරු මඬුල්ලේ ඉන්නවා. ඒ වගේම සිරස සහ නෙත් ගුවන් විදුලියන්හි සති අන්ත තේමා වාදනයන් හදන්නේ මං. තවත් චිත්‍රපට කිහිපයකට සංගීත නිමවුම් සඳහා ආරාධනා ලැබිලා තියනවා. ඒ ගැනත් සිතා බලමින් කල්ගත කරනවා. ගයනි – මම එරංග සේනාරත්නගේ අලුත්ම චිත්‍රපටය ඇතුවත් බෑ නැතුවත් බෑ හි ගීතයක් සුරේෂ් ගමගේ සමඟ ගැයුවා. සිරි දළදාගමනය චිත්‍රපටයෙත් ගීයක් ගැයුවා. ඒක තමයි මගේ අලුත්ම ආරංචිය. ඊට අමතරව ප්‍රසංග වේදිකාව සඳහා ඇරැයුම් ලැබෙනවා. සංක, ගයනි සහ උදේශ්ට ගායන ලොවෙහි ඉදිරියට යන්න තල්ලුවක් ලැබුණේ සිරස සුපිරි තරු තරගාවලිය නිසා. ඒත් සංඛ ගයනි තරමට උදේශ් වැඩිපුර කළ එළියට ආවේ නැහැ. උදේශ් - මේ දවස්වල මගේ සහ ගයනිගේ එක්තරා යුග ගීතයක රූප රචනාවකට සැරසෙනවා. ඒ ගීය ගැන පසුවට කියන්නම්. මං දැනට ස්වතන්ත්‍ර ගීත පහළොවක් පමණ ගයා අවසන්. වියපත් බඹරා චිත්‍රපටයේ ගැයුවට පස්සේ මට හරවත් නිර්මාණයක් සඳහා ඇරැයුම් ලැබුණේ නැහැ. තව චමින්ද සමරනායක සංගීත අධ්‍යක්ෂණය කරපු තරු වැස්ස නම් වූ සංයුක්ත තැටියකට ගැයුවා. තව නොබෝ දිනකින් එය එළි දැක්වේවි. සංඛ ගැයූ ‘ඔබ හීනයක් හීනයක් වී හිඳින්න මාගේ නෙතු දැහැනේ’ ගීය ඉතාම ජනප්‍රියයි? අනේ ඔව්. මමවත් හිතපු නැති විදිහක ජනප්‍රියතාවයක් ගීතයට ලැබුණා. තිළිණ රුහුණගේ තමයි ඒකේ මියුසික් කළේ. නලින් ද සිල්වාගෙ පද ගෙත්තමක්. මං හිතනවා මගේ අනෙකුත් ගීතලට වඩා වේග රිද්මයට එය නිර්මාණය වූ හින්දා එය තදින් මිනිසුන් වැළඳ ගත්තා. සංඛට පුංචි චෝදනාවක් තියනවා. ඒ මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ‘කඳු පාර ඈත අයිනේ’ ගීතය විකෘති කොට ගැයූ බවට. මෙහෙමයි, එම ගීයේ සංගීත නිර්මාපක සරත් ද අල්විස්ගේ පුතු සුරංග ද අල්විස්ගේ ආරාධනාවකට එහෙම ගැයුවේ. ඒත් මම ඒක විකෘති කළේ නැහැ. රැප් කරලා විනාශ කළෙත් නැහැ. අලුත් සිංදුවටත් කැමැති අය නැතුවාම නෙවෙයි. ඒ ගීතය පද රචනා කළ උපාලි ධනවලවිතාන මහතාවත් මතක් කරන්න ඕන.
පුංචි වතේ රංචු ගැහෙන
හොරෙන් හොරෙන් අඩි තිය ගයනි එහෙම ගැයවේ සංඛත් එක්ක. ආයෙත් ඒ වගේ ප්‍රේමණීය ගීතයක් ගයන්න. ම් ම් ම් . . . සංඛත් එක්ක යුග ගීත කිහිපයක්ම කිව්වා. වැඩිපුර ජනප්‍රිය වුණේ මේක. ඒ වගේම නැතත් හොඳ ඩුවට් එකක් කියන්න අපි දෙන්නා සැලසුම් සකස් කරගෙන ඉන්නවා. උදේශ් ඇයි සද්ද නැතිව ඉන්නේ? කියන්න නම් දෙයක් තියනවා. ඒ මා මුලින්ම නොකීව අර යුග ගීතය පිළිබඳව. එය ‘නෙතු මානයේ’. නෙතු මානයේ කියන්නේ මගෙයි ගයනිගෙයි ගීතය. එය ගුවන් විදුලි මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. ප්‍රතිචාරත් හොඳයි. මේ වෙලාවේ ‘නෙතු මානයේ’ ප්‍රසංගය සඳහා ශක්තියක් වන ඉත්තෑකන්ද සද්ධාතිස්ස හාමුදුරුවෝ, කර්නල් ධම්මික ගුණසේකර, රිස්ලි ඉල්ලියාස්, ලයනල් එදිරිසිංහ, ශාකීර්, බ්‍රයන් සහ ශිරෝමිකා ප්‍රියදර්ශනී යන අයවත් මතක් කිරීම අපගේ යුතුකමක්.
රත්මලේ බන්දුල ගුණවර්ධනගේ ‘මිටින් මුදා හැර’ ගී ප්‍රසංගය29 දා තංගල්ල පුරහලේවසන් කරන්නට බෑ මගේ සිත අද’, ‘මිටින් මුදා හැර බැලුවෙමි’, ‘සිනා මල් ගොඩක්’, ‘කොළොම් තොටින් නැව් නැග්ගා’ වැනි ගීත අප කා අතරත් ජනප්‍රියයි. මේ වගේ හරවත් ගීත අපේ ගීත සාහිත්‍යයට තිළිණ කළ රත්මලේ බන්දුල ගුණවර්ධනගේ නිර්මාණ දිවියට දශක තුනක් ගත වෙලා. මෙතෙක් ඔහු රචනා කළ ගී සමුච්චයට උපහාර පිදීමක් ලෙස ගී ප්‍රසංගයක් තබන්නයි මේ සූදානම. ‘මිටින් මුදා හැර’ නමින් නම් කරලා තිබෙන මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සුබසාධක සංගමය වීමත් විශේෂත්වයක්. මේ මාසයේ 29 වැනිදා ඉරිදා පස්වරු 3.00 ට සහ 6.30 ට තංගල්ල පුරහලේදී පැවැත්වෙන මේ ගී ප්රසංගයේදී ඔබගේ ආදරය දිනාගත් ගායන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් සහභාගි වන බවත් ආරංචියි. අමරසිරි පීරිස්, දීපිකා ප්‍රියදර්ශනී, එඩ්වඩ් ජයකොඩි, ප්‍රදීපා ධර්මදාස, නිර්මලා රණතුංග, කරුණාරත්න විජේවර්ධන, සෙව්වන්දි රණතුංග, සුනිල් පලිහවඩන, අනෝෂා නිරංජලා කියන ශිල්පීන් හා ශිල්පිනියන් ඒ අතර වෙනවා. සංගීතය මෙහෙය වන්නේ සංගීතඥ නවරත්න ගමගේයි. වසන්ත රෝහණ නම් අපේ නිවේදකයාගේ හඬ ඒ මුළු ශාලාව පුරා විහිද යාවි. ගී ප්‍රසංගයට අමතරව තවත් අපූරු කටයුත්තකටත් එදින දොරටු විවර වෙනවා. ඒ ගී ප්රසංගයේදී ගැයෙන ගීත අතරින් තෝරා ගත්ත ගීත 16 ක් අඩංගු ‘වසන් කරන්නට බෑ මගෙ සිත අද’ කියන ගීත ඇල්බමයත් ‘වී කරල් ඔටුනු’ කියන ළමා ගීත ඇල්බමයත් මෙදින දොරට වැඩීමයි. |