|
||
ටාසන් රචකයාගේ තවත් කතාවක්වැඩිම වියදමක් දැරූ ලොකුම පාඩුව ජෝන් කාටර්
විද්‍යා ප්‍රබන්ධ කතාවක්, හොඳ අධ්යක්ෂවරයෙක්, ලොමු ඩැහැ ගන්වන දෘෂ්‍ය ප්‍රයෝග සහ සාර්ථකත්වයෙන් අග තැන්පත් චිත්රාගාරයක් යන මේ සියල්ලෙන්ම සපිරි වූ ජෝන් කාටර්ට මේ ඉරණම අත් වුණේ කෙසේද? ඩොලර් මිලියන 300 ක්, රුපියල් නම් කෝටි 3750 ක්. දශක 6 කට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික සිනමාවේ මෙතෙක් කල් බිහිවුණු සියලුම චිත්‍රපටවල වියදම ගත්තත් මේ තනි චිත්‍රපටය ඊටත් වඩා කීප ගුණයකින් වැඩියි. මේ චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්ෂක ඔබට නැගෙන ප්‍රශ්නයක් වනුයේ, මෙතරම් දියුණු තාක්ෂණයකින් හෙබි ලෝකයක වීරයා තාම කඩුවෙන් අතින් පයින් සටන් කරන්නේ ඇයි කියාදැයි. පෘතුවියේ සිට අඟහරු ලෝකයට ඇසිපිය හෙලන සැනින් සැපත් වන්නට පුළුවන් ලෝකයක සටන් කිරීම සඳහා කොතරම් ගැජට් ඇද්දැයි ඔබට සිතෙන්නට පුළුවන්.
ඉතින් එම හේතුවෙන්ම මෙම දැවැන්ත
චිත්‍රපටයේ විශ්වාසනීයත්වය බිඳී යාමත්, කටින් කට එය පැතිර යාම එඩ්ගාර් රයිස් බරෝස් විසින් පල්ප් සඟරාවලට ලියූ කතා පෙළක් ඇසුරෙන් නිමවා ඇති මෙම චිත්‍රපටයේ කතාව ඔහුගේම වඩාත්ම ලොව පුරා ප්‍රචලිත වූ වානරයන්ගේ ටාසන් ගේ කතා තරම් රසවත් නැහැ.
ටාසන් නිසා චිත්‍රපට අසූ ගණනක් බිහි වුණත් ජෝන් කාටර් නම් මෙම දැවැන්ත පසුබෑමෙන් පසු තවත් චිත්‍රපට බිහි කරයි ද යන්න සැක සහිතයි. මෙහි අධ්යක්ෂවරයා ගැන යමක් පැවසිය යුතුමයි. පික්සාර් චිත්‍රාගාරය ගෙන ආ අති සාර්ථක සජීවිකරණ චිත්‍රපට තුනක් වූ අ බග්ස් ලයිෆ්, ෆයින්ඩින් නීමෝ සහ වොලී යන ත්‍රිත්වයම පසුපස සිටි නිර්මාණශීලී හස්තය ඔහුගේයි. නමුත් එම කතාවල ඇති ඉතා පිරිපුන් හොඳින් ව්‍යුහගත කළ කතාවක් මෙම චිත්‍රපටයටත් ඇතුළත් වුණා නම් එහි ඉරණම මිට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා. මෙම කතාවේ වීරයා ඇමරිකානු සිවිල් යුද්ධයේ සටන් කළ සොල්දාදුවෙක්. ඔහු ඌටාහ් ජනපදයේ මොනියුමෙන්ට් නිම්නයේ සිටියදී හදිසියේම ඇතිවන ගැටුමකින් අඟහරු ලෝකයට සංක්‍රමණය වෙනවා. නමුත් මතක තියාගන්න මේ විසි එක් වෙනි සියවසේ නාසා ඔබට මවන අඟහරු ලෝකය නම් නොවෙයි. එය දහනව සියවසේ එඩ්ගාර් රයිස් බරෝස් විසින් පරිකල්පනය කරන ලද අඟහරු ලෝකයක්. එහි ජීවීන් සිටී ද? ජෝන් කාටර්ට ඔවුන් සමඟ කුමන අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වේද? නැවත පෘතුවියට පැමිණීමට ඔහුට හැකි වේද? එය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරැඹිය යුතු වෙනවා. මෙය ක්‍රියාදාමයන් ප්‍රිය කරන සති අන්ත ප්‍රේක්ෂක සමූහයක් පින විය හැකි චිත්‍රපටයක් ද? ඇත්තෙන්ම ඔව්. ඉතින් ක්‍රියාදාම චිත්‍රපට ලෝලීන්ට මෙය නරඹා (සුපුරුදු පරිදි යථාර්තය අමතක කොට) උපරිම වින්දනයක් ලැබිය හැකියි. |
||