|
අලුත් ගෙදරටෝනි අනුලා වසර හතළිස් දෙකකට පසු එක් කළමෙගාවලට බැනපු අයත් දැන් මෙගා කරනවා
රවීගේ අලුත්ම අධ්‍යක්ෂණය අලුත් ගෙදරයි. එය සතියේ දිනවල රාත්‍රී 9 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ. අලුත් කතා සංග්‍රහයක් වන අලුත් ගෙදර ඇතුළු තවත් අලුත් නිර්මාණ කාර්යයන් කිහිපයකටම මුලපුරා ඇති රවී සරසවියට ගොඩ වූ මොහොතයි මේ. රවී, අපි මුලින්ම අලුත් ගෙදරට ගිහින් එමුද? අලුත් ගෙදර, අලුත් ආරක කතාවක්. එය ජීවිතයේ සැඳෑ සමය ගෙවන වැඩිහිටියන් සත් දෙනෙකු පදනම් කර ගනිමින් දිවෙන්නක්. ජී. ආර්. පෙරේරා, ටෝණි රණසිංහ, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා, විජේරත්න වරකාගොඩ, අනුලා කරුණාතිලක, අයිරංගනී සේරසිංහ සහ රම්‍යා වනිගසේකරයි ඒ චරිත රඟන්නේ. සාමාන්‍යයෙන් මෑත කාලයේ බිහි වු ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත වුණේ යොවුන් නළු නිළියන්. ඒත් මම අත්හදා බැලීමක් විදිහට ප්‍රවීණයන් ප්‍රධාන කොට ගත්තා. ඇත්තටම ඒක සාර්ථකයි. ඔවුන් අතර නව පරපුරේ සිටින ශලනි, සම්පත් ශ්‍රී රෝෂන්, හර්ෂණ බෙත්මගේ ඇතුළු කණ්ඩායමකුත් මෙහි ඉන්නවා. ඇත්තටම කිව්වොත් මේක යොවුන් වැඩිහිටි සම්මිශ්‍රණයක්. ටෝනි – අනුලා වසර හතළිස් දෙකකට පසුව එකට රඟපාන්නේ අලුත් ගෙදර නාට්‍යයේ. තාරුණ්‍යයේ අධ්‍යක්ෂවරයකු විදිහට මේ ප්‍රවීණයින් රැස මෙහෙයවන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ? ඒ අයත් එක්ක වැඩ කරද්දී අමතක නොවන සිදුවීම් එහෙමත් වෙන්න ඇති නේද? ඒක නම් හරිම ආස්වාදජනක අත්දැකීමක්. හැමෝගෙම වගේ ඒ අය මගෙත් වීරයින්. හැබැයි කැමරාව ඉදිරියට ආවට පස්සේ ඔවුන් මගේ ඇක්ෂන් හඬට අවනත වුණේ හරිම පුදුම විදිහට. මට ඔවුන්ව මෙහෙයවන්න දෙයක් තිබුණේ නැහැ. ඔබ මගෙන් ඇහැව්වා හොඳ අත්දැකීමක්. ඒකට මං මෙහෙම දෙයක් කියන්න ඕනේ. අපි හිතනවා වයසට යන්න යන්න මිනිස්සු කම්මැලි වෙනවා කියලා. ඒත් මේ හත් දෙනා කියපු වේලාවට හරියටම වැඩ කළා. පාන්දර හතරට වැඩ පටන් ගනිමු කිව්වත් ඒකටත් රෙඩි. විශේෂයෙන් ටෝනි අයියා. මේක නව පරපුරේ අයට ආදර්ශයක්. එමෙන්ම මේ අය අතරේ කිසිම කෙනෙක් හිටියේ නැහැ දර්ශන තලයේ මොබයිල් ෆෝන් පාවිච්චි කරපු. ඒක නිසා මං අලුත් ගෙදර අධ්‍යක්ෂණය කළේ හිසරදයකින් තොරව.
ඇත්තටම ඒ ගැන නම් කණගාටුයි. මෙගා වුණත් නොවුණත් එහි තියෙන චරිත චරිතම තමයි. එත් මොන හේතුවක් නිසා ද මන්දා මෙගා ටෙලි නාට්‍ය සම්මාන උළෙලවල් නියෝජනය නොකරන්නේ. කොහොමත් මං කරපු මෙගා නාට්‍ය මෙගාම තමයි. එහෙම කියන්නේ නාට්‍ය පටන් ගත්තු දවසේ ඉඳලා නිමාවන තෙක්ම එකම රංගන ශිල්පියෙක් එකම චරිතයක් නිරූපණය කරපු හින්දා. අනිත් බොහෝ මෙගාවල එහෙම වුණේ නැහැ. මඟදි නළු නිළියන් මාරු වුණා. සූරසේනගෙන් පසුව ශ්‍රියන්ත මෙන්ඩිස් මගේ රුවන් මාළිගා හි කළ රණරාජාගේ චරිතය ඔහු රඟපෑ හොඳම චරිතයක් බව පොදු විශ්වාසයක්. එත් ඒක කිසිම උළෙලකින් ඇගයුවේ නැහැ. එම නාට්‍යයේම ජගත් චමිලගේ චරිතය ගැනත් කියන්න තියෙන්නේ ඒ කතාවමයි. මේ බව දැන දැන ඇයි ඔබ මෙගාම බදාගෙන ඉන්නේ?
අලුත් ගෙදරින් පසුව? මං ‘සඳ පිනි බිඳක’ නම් වූ ටෙලි නාට්‍යක් නිර්මාණය කළා. ඒක ත්‍රීවිල් පදවන තරුණියකගේ කතාවක්. එහි වැඩ කටයුතු නිමයි. ළඟදීම ඒක තිරගත වේවි. ඊට අමතරව තවත් වැඩක් පටන් ගත්තා. ඒ මොකක්ද? වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ඕනය කියලා හිතුණා. ඒකේ නම මම, මම සහ මම. ගිවන්ත අර්ථසාත්, හර්ෂණ බෙත්මගේ, වාසනා බණ්ඩාර, ලෝචනා ඉමාෂි ඇතුළු පිරිස එහි රඟපානවා. මගේ කලාවේ පිවිසුම සිදු වුණේ වේදිකාවෙන්. මුලින්ම රඟපෑවා, ඊට පස්සෙයි අධ්‍යක්ෂණයට පිවිසුණේ. ඒකයි යළිත් වේදිකාවට පියවර තබන්න හිතුවේ. නැතුව ටෙලි නාට්‍ය කලාව එපා වෙලා එහෙම නෙවෙයිනේ? අපෝ නැහැ. පහුගිය කාලයේ ඔබ විදෙස් සංචාරයක නියැලුණා. ඒ ගැනත් කියමු? ‘මෙගා වරයිට් ෂෝ’ නම් වූ ප්‍රසංගයක් සඳහායි මං විදෙස් ගත වුණේ. ශෙහාන් මිහිරංග, ශලනි තාරකා, තරංග දිසානායක, හර්ෂණ බෙත්මගේ යන අයත් මාත් එක්ක ගියා. අපි ලන්ඩන්වල ෂෝ හතරක් කළා. මේක ගීතමය ප්‍රසංගයක්. එයින් ලැබෙන මුදල් එහෙ සිටින අසරණ ළමයින් වෙනුවෙන් අරමුදලකට පරිත්‍යාග කළා. එම ප්‍රසංග මාලාවේ අදියරයන් කිහිපයක් ලංකාවේ පැවැත්වීමට නියමිතයි. ඒ ඉහත අරමුණ යටතේ.
|