|
බීබර් – ලේඩි ගාගා රසිකයෝ ටිවිටර් යුද්ධයක
මෙවර ජනප්‍රියත්වය උරගා බැලුවේ ‘ට්විටර්’ වෙබ් අඩවිය තුළයි. ඒ අනුව බීබර් පාර්ශවය ‘බෙලීබර්ස්’ ලෙසත්, ලේඩි ගාගා පාර්ශවය ‘ලිට්ල් මොන්ස්ටර්ස්’ ලෙසත් පෙනී සිටියා. ද නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත වඩාත් උල්පන්දම් දුන් මේ යුද්ධයට රසික පාර්ශව දෙකින්ම වෙන් වෙන් වශයෙන් ප්රචාරක කටයුතු ගෙන ගියා. ඒ අනුව වර්තමාන රසික ප්‍රතිශත වාර්තා අනුව ජස්ටින් බීබර් හට අනුගාමිකයන් මිලියන 19 කුත්, ලේඩි ගාගා හට අනුගාමිකයන් මිලියන 21 ක් ඉක්මවාත් තිබෙනවා. එ අනුව කලකට පසු යෞවනයේ ඒ සිහින කුමරා ජස්ටින් බීබර්ට පසුබැස්මක් උරුම වී ඇති බවකුයි බැලූ බැල්මට පෙනෙන්නේ. ජෝර්ජ් ක්ලූනි නැවතත් ප්‍රසිද්ධියේ
‘ඔවුන් අහිංසක මිනිසුන්ව ඇන්ටනොවි යානාවල සිට බෝම්බ හෙළා මරා දැම්මා. ඒ වගේම ඔවුන් මිනිසුන්ව ගල් ගුහා තුළ හිර කළා. ඒ අය ගොවියන්. ඔවුන්ට වගා කරන්න ඉඩ දුන්නේ නැහැ. දැන් ඔවුන්ගේ වගා කාලයත් පහු වෙලා. ඒ නිසා ඔවුන්ට දිවි ගෙවන්න බැහැ. හැමදාම ස්වයංපෝෂිතව ජීවත් වූ ඔවුන්ට ඉදිරි මාස කිහිපය දිවි ගෙවන්න විදිහක් නැහැ’ ඔහු ඔමාර් අල් බෂීර්ගේ පාලනය විවේචනය කළේ එසේය. ඔහුට සුඩානය ගැන මෙතරම් කැක්කුමක් පහළ වුයේ ඇයි? ‘මගේ පවුලේ පසුබිම අනෙකාට උදව් කරන මනුෂ්‍යත්වය වෙනුවෙන් කිනම් හෝ පැත්තක් ගන්න ජාතියේ එකක්.’ ක්ලූනි අවසානයේදී එසේ පැවසුවා.
කිමි කාර්ඩෂියන් අලුත්ම තාලේ සොරකමක?
ඊවාගේ සැමියා වූ එඩුවාර්ඩෝ කෲස් සමඟ මෙසේ හාද වූවායි කියනා මේ කිමි ගිය වසරේදී ජනප්‍රිය පැසි පන්දු ක්‍රීඩකයකු වූ ක්‍රිස් හම්ෆ්රිස් සමඟ තිබූ විවාහ දිවිය ද අත හැරියා. එසේ තනිකඩව සිටින කිමි ඊවාගේ සැමියාට ඇගේ සරාගී ඡායාරූප යැවූ බවත්, කොමළ වදන්වලින් ආමන්ත්‍රණය කර ඇති බවත් අප්‍රේල් මාසයේදී කාටත් හොරා මෙක්සිකෝවට ප්‍රේම සවාරියක් සැලසුම් කළ බවත් ‘ඉන් ටච්’ සඟරාව මුල් පිටුවේ පොල් ගෙඩි අකුරෙන් පළ කළා. මෙසේ පළ කිරිම ප්‍රසිද්ධියේ විවේචනය කළ කිමි එය ඊවා සහ ඇගේ සබඳකම්වලට කළ අයුතු මැදිහත්වීමක් බවත් තමා ‘සැමියන් සොරකමේ’ නොයෙදෙන්නකු බවත් ‘ටිවිටර්’ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කළා.
|