|
ඇමති රෙජිමෝල්ඩ් ගෙන් සැරද බඹර ගුරු
ඒ දේශපාලන වේදිකාවේදී අපිට හමුවෙන රෙජිනෝල්ඩ් කුරේ ඇමැතිතුමාත් එම අවස්ථාවට සහභාගි වෙලා සිටිය නිසා. හැබැයි මෙම ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කටයුතු කරන්නේ ඇමැතිතුමා කියලා අපිට පසුව දැනගන්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි ඇමැතිතුමා ‘සැරද බඹර ගුරු’ ටෙලි සිතුවමෙන් රංගන ශිල්පියෙකු ලෙසත් ඔබ හදෙහි නොමැකෙන මතක සටහන් තබන්නත් බලාපොරොත්තු වෙනවා.ශ්‍රියන්ත මෙන්ඩිස්, සන්ධ්‍යා වනිගසේකර, ජනක් ප්‍රේමලාල්, දමිතා අබේරත්න, දමිතා සළුවඩන, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, චමින්ද වික්‍රමසිංහ, දයාසිරි හෙට්ටිආරච්චි, ගාමිණී ජයලත්, අනුර බණ්ඩාර රාජගුරු, ලක්ෂිකා ෆොන්සේකා, නිමල් යටිඇල්ල, නෙතලි නානායක්කාර, පර්සි සුසිරිපාල, ප්‍රදීප් හෙට්ටිආරච්චි, මාර්කස් ප්‍රනාන්දු, ඩිලක්ෂි ප්‍රනාන්දු සහ ප්‍රමිලා කටුනායක රංගනයෙන් දායක වෙන ‘සැරද බඹර ගුරු’ ගාමිණී චමින්ද ගේ කැමරාකරණයක්. සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රගීත් සිල්වා, වේශ නිරූපණයෙන් ගාමිණී කොස්තා, කලා අධ්‍යක්ෂණයෙන් හේමාල් සහ විධායක නිෂ්පාදනයෙන් චමින්ද වික්‍රමසිංහත් දායක වෙනවා.
පුංචි තියටර්හිදී රුවල් පාරු මුහුරත්දා
සහය අධ්‍යක්ෂණයෙන් දුමින්ද විදානගමාච්චිගේ, සමිත් බෝධිපක්ෂ, ලලීන් ධනංජය. කැමරාකරණයෙන් සුරේෂ් ධම්මික, කලා අධ්‍යක්ෂණයෙන් හර්ෂණ ලාල් කුමාර සහ වේශ නිරූපණයෙන් තරංග රුක්මල්වල දායක වන ‘රුවල් පාරු’ තුසිත ජයවර්ධනගේ රූපවාහිනී රචනයක්. පාලිත ගමගේ සමඟ චන්ද්‍රා මාරසිංහ නිෂ්පාදනය කරන මෙම ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරු ඩිලාන් නිලංක. සංගීතය ආනන්ද ගමගේ ගෙන් වන අතර තේමා ගී ගායනයෙන් එඩ්වඩ් ජයකොඩි සමඟ සංජීවනී ඇඹුල්දෙණිය එක් වෙනවා.
‘චංචල රේඛා’ ටෙලියට නැඟේ‘කීන දං මිටක් කඩන් ආවා
කාටවත් නෙවෙයි නඟාටයි මේ ආ . . . නංගෝ’ පරිසරයේ නිහඬතාව මියුරු ගීයකින් බිඳ දැම්මේ අපේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනෙත් මාලිංග, කාටද මේ දං කඩන්න යන්නේ? නෑ . . . නෑ මම ‘චංචල රේඛා’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරනවා ළඟදීම. ටෙලි නාට්‍යයේ පිටපත ලියන්නෙත් චිත්‍රපටයේ පිටපත ලියූ සෝමපාල ලීලානන්ද මහත්මයායි. රෙක්ස් කොඩිප්පිලි, රොජර් සෙනෙවිරත්න, කාංචනා මෙන්ඩිස් සහ උද්දික ප්‍රේමරත්න ඇතුළු රංගන ශිල්පීන් එයට දායක වෙනවා. දං චූටිට රඟපාන්නේ ඩිනක්ෂි ප්‍රියසාද්. සහාය අධ්‍යක්ෂණයෙන් දනුෂ්ක ජයවර්ධන, කැමරාකරණයෙන් ප්‍රභාත් රෝෂන් වේෂ නිරූපණයෙන් තාරක අධිකාරි ඇතුළු කණ්ඩායම ගම්පහදී රූගත කිරීම් අරඹන තුරු නොයිවසිල්ලෙන් ඉන්නෙ මට සහයෝගය ලබා දෙන්න.
රවීන්ද්‍ර විජේරත්න ‘අලුත් ගෙදර’ හදයි . . .
‘අලුත් ගෙදර’ කියන්නේ මගේ අලුත්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. ටෝනි රණසිංහ, අයිරාංගනී සේරසිංහ, අනුලා කරුණාතිලක, විජේරත්න වරකාගොඩ, නාමෙල් වීරමුණි, මාලිනී වීරමුණි, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා, ජී. ආර්. පෙරේරා, චිත්‍රා වරකාගොඩ, කුසුම් රේණු, ජගත් චමිල, සුජානි මේනකා, නිරෝෂන් විජේසිංහ, සම්පත් ශ්‍රී රෝෂන්, මංජුල මොරගහ, ශලනි තාරකා, අයෝමි ශානිකා, හර්ෂන බෙත්මගේ, ඉරේෂා රණසිංහ හා නදීශා අලහප්පෙරුම තමයි අපේ ‘අලුත් ගෙදර’ සඳහා රංගනයෙන් දායක වෙන සාමාජිකයෝ. ‘අලුත් ගෙදර’ හදන්න සහය අධ්‍යක්ෂණයෙන් එරන්ද මධුශාන් සහ දිනේෂ් හග්ගල්ල, කැමරාකරණයෙන් ජයන්ත රණසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත රණසිංහ, වේශ නිරූපණයෙන් පුෂ්පකුමාර බණ්ඩාරගම, සංගීතයෙන් කපිල පූගලආරච්චි, සංස්කරණයෙන් සමන් ආරියරත්න දායක වුණා. ‘දුරුතු ක්‍රියේෂන්’ අලුත් ගෙදර නිෂ්පාදනය කළේ, නිෂ්පාදන කළමනාකරු තරංග දිසනායකගේ පිටපත අනුව.
සිනමාවේ අර්බුදවලට පිළියම් සොයා වෘත්තිකයන් එක් වෙති
චිත්‍රපට නිෂ්පාදනයේදී සහ ප්‍රදර්ශනයේදී ඇතිවන ගැටලු අවම කිරීමේ අරමුණින් වෘත්තීමය සිනමා කර්මාන්තයේ යෙදෙන්නන් පිහිටුවා ගත් ලාංකේය සිනමා කර්මාන්තය සුරැකීමේ සන්ධානයේ මහ සභා රැස්වීම පසුගියදා බොරැල්ල සුදර්ශී ශාලාවේදී පැවැත්විණ.
චිත්‍රපට ප්‍රදර්ශනයේදී බෙදා හරින පිටපත් ගණන 35 කට සීමා කිරීම, නියමිත දිනට පෙර චිත්‍රපට ප්‍රදර්ශනය අවම කිරීම ආදී වත්මනේ පවතින අර්බුද රැසකට පිළියම් යෙදිමට ද මෙහිදී තීරණය කෙරිණ. ඊට අමතරව නව නිලධාරීන් පත් කිරීම ද මෙදින සිදු විය. ඒ පිරිස මෙසේය. ප්‍රධාන අනුශාසක – මාලිනී ෆොන්සේකා සභාපති – පද්මසිරි කොඩිකාර උප සභාපතිවරු - රොහාන් වැලිවිට, අනුරුද්ධ ජයසිංහ ලේකම් – එරංග සේනාරත්න භාණ්ඩාගාරික - සුසැන් ප්‍රනාන්දු ප්‍රධාන සංවිධායක – ලලිත් පන්නිපිටිය මුදල් පරීක්ෂක - ඩෙන්සිල් ජයවීර කාරක සභිකයින්: තිස්ස නාගොඩවිතාන දිනේෂ් ප්‍රියසාද් මාක් ප්‍රනාන්දු සුනිල්සෝම පීරිස් රාජ් රණසිංහ සුගත් සමරකෝන් ඩැනී ඩබ්ලිව්. පතිරණ ඒ. ඒ. ජුනයිදීන් පී. යූ. ඩී. පෙරේරා සංජය ලීලාරත්න කුසුම් චන්ද්‍ර ගමගේ සන්ධානයේ ඊළඟ සභා රැස්වීම මෙම මස 21 වැනිදා නාරාහේන්පිට පොල්හේන්ගොඩ ෆයින් විෂන් පික්චර්ස් ආයතනයේදී පැවැත්වේ. |