|
හොරණින් කැස්බෑවට
ඒ කලාකාරයන් අතර ජ්‍යෙෂ්ඨයෙක් වගේම, හොරණ කිව්වම මතක් වෙන අපේ ප්‍රවීණ නළුවෙක් පසුගියදා අලුත් ගෙදරක පදිංචියට ආවා. අලුතෙන් පදිංචියට ආවේ තවත් කලාකරුවන් රැසක් සිටින කැස්බෑවට. ලිපිනය 202/ 50 සී, බණ්ඩාරගම පාර, ඉසුරුපුර, කැස්බෑවයි. අලුත් දුරකතන අංකය 2260502. මේ අලුත් ආරංචිය හේමසිරි ලියනගේ ගැනයි.
සුනිල් ෆොන්සේකා ආපසු සිනමාවට
විශිෂ්ඨ ගණයේ සිනමා සම්මාන උළෙලක් වූ ‘ස්වර්ණ සංඛ’ සම්මාන උළෙලේ නිර්මාතෘ වූ සුනිල් ඉන්ග්මාර් බර්ග්මාන්, ප්‍රාංශුවා තෘෆෝ වැනි විශිෂ්ට සිනමාකරුවන්ගේ චිත්‍රපට උළෙල කිහිපයක්ම මෙරට සංවිධානය කළා. ඒ සමඟම මෙරට සිනමා සම්මන්ත්‍රණ රාශියක්ම සුනිල්ගේ දායකත්වයෙන් පැවැත්වූවා. සුනිල් මෙරට කලාකරුවන් රාශියකගේම පෞද්ගලික හිතවතෙක් වුණා. පණ්ඩිත් අමරදේවයන්, ජෝ අබේවික්‍රමයන් වැන්නවුන් සුනිල්ගේ කලා හිතවතුන් අතර ඉහළින්ම කියැවෙන නම්.අලුත් ප්‍රවෘත්තිය මේකයි. සුනිල් ආයෙත් සිනමාවට එක් වෙලා විධායක නිෂ්පාදකයකු ලෙස. ඒ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ විධායක නිෂ්පාදක ලෙසයි.
පුරුදුකාරයන් අර ගත්තා නම්
අපේ ජනප්‍රිය සිනමාකරු සුනිල් සෝම පීරිස් පසුගිය දවසක පරණ මතක ගබඩාව ඇවිස්සුවා.
මේ චිත්‍රපටයේ නිෂ්පාදක ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරියකු වුණත් චිත්‍රපට නිෂ්පාදනයට නම් අලුත්. කොටින්ම කියනවා නම් චිත්‍රපට බලනවා මිසක් හදන එක ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ. කොහොම හරි දවසක් ,චිත්‍රපටයේ සංගීතය පටිගත කරන්න යෙදුණා. සුනිල් උදේම නිෂ්පාදක නිවසට ගොස් වාදකයන්ට අවශ්‍ය සල්ලිත් ඉල්ලන් ආවා. ගීතයක් පටිගත කරනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නොවේ. ඒක පැය ගණනක් යන වැඩක්. පැමිණ සිටි සංගීතඥයත් සියයට සියයක්ම ගීතය පරිපූර්ණ වනතුරු කටයුතු කරන කෙනෙක්. දහවල් දෙක තුන වනතුරු ගීතය පටිගත වුණේ නැහැ. එහි වාදකයන් සියල්ලමත් අති දක්ෂයින්. දහවල් දෙකට විතර නිෂ්පාදකතුමා ආවා. ඒ වන විටත් ගීතය වාදකයන් පුහුණු වෙනවා. නිෂ්පාදක මේ දෙස ටික වේලාවක් බලාගෙන සිටියා. අන්තිමට අඬගැසුවා සුනිල්ට ‘මේ ළමයෝ සල්ලි වියදම් කරන එකේ එකපාර වාදනය කරන්න පුළුවන් පලපුරුදු අය ගේන්න තිබුණනේ. මොකටද මේ හරියට වාදනය කරගන්න බැරි අය ගේන්නේ?’ යි සුනිල්ට දෝස් මුරයක් දැම්මලු.
|