වින්ද්‍යා ආයෙත් ඇවිත්

අ ප ඉදිරියේ කෙනෙක් ඉන්නවා පුංචි පැටියෙකුත් එක්ක. ඇය ඔබත් අපත් හොඳින් දන්නා හඳුනන ආදරය කරන කෙනෙක්. පුංචි තිරයෙන් ඇය අපේ ආලින්දයට ගොඩ වැදුණත්, වසර පහක කාලයක් ඇය එයින් නොපෙනීම ගියා. ඒ අන් කවුරුවත් නොව ඔබ ආදරය කළ වින්ද්‍යා රාජගුරුයි. ඇය අප සමඟ කතාබහට එක් වූයේ ළෙංගතු සිනහවෙන් මුවඟ සරසාගෙනයි.

ඉතින් වින්ද්‍යා අක්කේ කොහොමද?

හොඳින් ඉන්නවා. මේ දවස්වල නම් පුතාල දෙන්නවත් බලාගෙන, මහත්තයගේ වැඩවලට උදව් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

එත් දැන් ගෙදරට වෙලා හිටියා ඇති කියලා හිතුණා.

ඔබ ක්ෂේත්‍රයේ කාලයක් දකින්න ලැබුණේ නෑ නේද?

මම ටිකක් රංගනයෙන් ඈත් වෙලා හිටියා. ඒ මගේ දරුවො නිසා. ලොකු පුතා ලහිදු තත්සර. එයා තුන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.කතාව චුට්ටකට නවත්තලා වින්ද්‍යාගේ පොඩි පුතා ගැන අපි ඇහුවේ පොඩිත්තගෙන්ම.

මොකක්ද පුතේ නම?

දෙව්සර.

ඒ අපිට ලැබුණු උත්තරේ. ආයෙත් කටහඬ අවධි කළේ පුංචි දෙව්සරගේ අම්මා.

පුතා නිසා තමා රංගනයෙන් ටිකක් ඈත් වුණේ. දැන් එයත් ලොකුයිනේ. ඒ කාලේදී මහත්තයාගේ වැඩවලට උදව් කරගෙන දරුවො දෙන්නගේ වැඩ කටයුතුª කරගෙන හිටියා. එත් මට ආයෙත් රඟපාන්න හිතුණා. රංගනය ජීවිතයේ ආත්මය කර ගත්තු ශිල්පිනියක් කොහොමද එහෙම ඉන්නෙ. අපිට ඊළඟ ආවේ ඒ ප්‍රශ්නේ. ඇත්ත රඟපාල පුරුදු කෙනෙක්ට ගෙදර ඉන්න බෑ. මැරෙනකම්ම ඒ ආශාව අයින් වෙන්නෙත් නෑ.

ඔබ රංගනයෙන් ලබන්නේ ආර්ථික තෘප්තියක් ද, ආත්ම තෘප්තියක් ද?

ඇත්තටම මම රංගනයෙන් ලබන්නේ ආත්ම තෘප්තියක්. මම රඟපාන්න ආසයි. ඒ නිසාමයි මම නැවතත් රඟපාන්න හිතුවේ. නැත්නම් මගේ මහත්තයා අපට කිසිම අඩුවක් කරන්නේ නැහැ. මම රඟපාපු චරිත හැම එකක්ම මම ගොඩාක් ආශාවෙන් කළේ. මට හැකි අයුරින් මම මගේ දක්ෂතා පෙන්වන්න උත්සාහ කරනවා. මම තෘප්තියක් ලබන්නේ ඒකෙන්.

ඔබ රංගනයේදී චරිත තෝරා බේරා ගන්නේ කොහොමද?

ඇත්තටම මම දන්නවා මට රඟපෑමේ හැකියාව උපරිම මට්ටමේම තියනවා කියලා. ඒත් මගේ දක්ෂතාව පෙන්නන්න පුළුවන් චරිත මට හම්බ වුණේ නෑ. මට ලැබෙන චරිතය ලොකු ද පොඩි ද කියලා නෑ. මට ඒ චරිතෙ ඇතුළෙ දෙයක් කරන්න පුළුවන් නම් මම ඒ චරිතෙ බාර ගන්නවා.

ඒ වාගේම මට නිර්මාණයකට ආරාධනාවක් ලැබුණාම කොහොමද ඒ චරිතෙ හොඳ ද නරක ද කියලා මගේ මහත්තයත් මට කියල දෙනවා. ඕනෙම චරිතයක ගුණ දොස් කියන්නේ ඔහු තමයි. මගේ රංගන ජීවිතයේ මට සමීප රසිකයා, විචාරකයා දෙන්නම ඔහු. මට හොඳයි ගැළපෙනවා කියලා හිතෙන චරිතයක් මම කරනවා. හැබැයි නිරුවත් චරිත හැර.

ඔබ රංගන ශිල්පිනියක් වගේම මවක්. කොහොමද ක්ෂේත්‍රයේදී ඒ වගකීම දරන්නේ?

මොන දේ තිබුණත් මගේ ජීවිතේ පළවෙනි දේ මගේ මහත්තයයි, දරුවො දෙන්නයි. ඒ හැම දෙයක්ම සමබර කරගෙන යන්න මට ශක්තිය තියනවා.

මෙතරම් කාලයක් රංගනයෙන් ඈත් උනෙත් දරුවන් නිසා. දරුවන්ට අම්මගේ ආදරය තියෙන්න ඕනේ. මම ඒ වගකීමත්, රංගන ශිල්පිනියක් කියන වගකීමත් දෙකටම සාධාරණය ඉෂ්ට කරනවා. මොන දේ කළත් මම අම්මා කෙනෙක් කියන දේ කිසිම වෙලාවක අමතක කරන්නේ නෑ.

වින්ද්‍යා අපිත් සමඟ කළ පිළිසඳර හමාර කිරීමට දැන් මොහොත එළඹිලා. නමුත් තමාගේ ජීවිතේ තේරුම් ගත් කෙනෙකුට කවදාවත් ජීවිතේ මුල අමතක වෙන්නේ නෑ. ඒක ඇයටත් පොදුයි. මේතාක් දුර එන්න ඇයට උදව් කළ සියලු දෙනාට ඇය අනේක වාරයක් ස්තුති කළේ ඒ නිසාමයි.

අම්මි අපි යමුද? පුංචි දෙව්සර අම්මාගේ අතිනුත් අල්ලාගෙන සරසවියෙන් නික්ම යන්නයි ලෑස්තිය. නමුත් ඇය සරසවියෙන් අද ගියාට නැවත සරසවියට මෙන්ම ඔබේ ආලින්දයටත්, රිදී තිරයටත් නුදුරුම දිනක ඒවි. ඔබටත් පුළුවන් ඇයට කතා කරන්න.

420,

පරණ කොට්ටාව පාර,

උඩහමුල්ල,

නුගේගොඩ.

077-6853055


අශේන් රංගන පාසලේ වැඩ

අඹ යහළුවෝ ටෙලි සිතුවමෙන් රංගනයට පිවිසි අශේන් මංජුල නිර්මාණයන් තෝරා බේරා ගෙන ඊට දායක වන රංගන ශිල්පියෙක්. එහෙයින් පහුගිය කාලයේ මෙගා නාට්‍ය සඳහා ලැබුණු ඇරැයුම් බොහොමයක් ඔහුට ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. කෙසේ නමුත් රංගනයට අමතරව අශේන් රංගන පාසලක් ආරම්භ කළ බව ඔබට මතක ඇති. ක්ෂේත්‍රයට පැමිණෙන නවකයින් අයාලේ නොයවා නිසි මඟ යැවීමේ අරමුණ පෙරදැරිව පවත්වාගෙන යන එහි පළමු කණ්ඩායම විසිර ගියේ දැනුම් සම්භාරයක් රැගෙන. සිනමාව, රූපවාහිනිය, වේදිකාව, ගුවන් විදුලිය සහ ගුවන් විදුලි හඬ කැවීම යන පස් අංශ යටතේ ඉගෙනුම් කටයුතු කෙරෙන මෙහි දෙවැනි කණ්ඩයම අප්‍රේල් මාසයේ බඳවා ගන්නවලු.

ජයලත් මනෝරත්න, පරාක්‍රම නිරිඇල්ල, කරුණාරත්න අමරසිංහ, අතුල රන්සිරිලාල්, නුවන් නයනජිත් කුමාර යන ප්‍රවීණ කට්ටුව තමයි මෙම රංගන පාසලේ ශිල්පය දෙන්නේ.

මේ පාසල නිසා අශේන් බෙහෙවින් කාර්යය බහුල වී සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

දඩයක්කාරයා, මෙහි කුණු දැමීම තහනම්, සත්කුළුපව්ව ඇතුළු ඉදිරියේ විකාශයවීමට ඇති ටෙලි නාට්‍ය කිහිපයකින්ම අශේන්ගේ රංගන හැකියාව දැක ගැනීමට පුළුවන්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු