රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් පාඨමාලා රැසක්

* පිළිගත් සහතිකයක් * උපරිම දැනුමක්

වර්තමානය වන විට ජනමාධ්‍යයන් හා පුද්ගලයා අතර තිබෙන්නේ සුළුපටු සම්බන්ධතාවයක් නොවේ. විශේෂයෙන් සමාජය තුළ යම් මතයක් ගොඩ නැඟීම කෙරෙහි සෘජු බලපෑමක් කිරීමේ හැකියාව ජනමාධ්‍යයන් සතුයි. ඒ නිසාම ජනමාධ්‍යයන් අතීතයටත් වඩා වගකීමකින් හා දැනුවත්භාවයකින් කටයුතු කළ යුතු වෙයි.

ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය එම වගකීම ඉටු කරන්නට සූදානම් වන බවක් අපට දැනගන්නට ලැබුණි. එම ආරංචිය නිමිති කරගෙන අපි ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපති දේවප්‍රිය අබේසිංහ මහතා සමඟ පිළිසඳරක යෙදුණෙමු.

මොකක්ද මේ රූපවාහිනී අභ්‍යාස ආයතනය අරඹන අලුත්ම කටයුත්ත?

අපි ඉදිරියේදී ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව පාඨමාලාවන් කිහිපයක්ම ආරම්භ කරනවා. ඒ අතර රූපවාහිනී කැමරාකරණය, රූපවාහිනී වැඩසටහන් සංස්කරණය, ජනමාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලාවක්, වෙබ් අඩවි නිර්මාණය කිරීමේ පාඨමාලාවන් වැනි පාඨමාලා ගණනාවක් ඇතුළත්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් මැයි මාසයේදී ආරම්භ කරනවා.

නමුත් එම පාඨමාලාව එක ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ පාඨමාලාවක් නොවෙයි. අපි අපේ‍්‍රල් මස 12 වෙනිදා තෙක් අයදුම්පත් භාර ගන්නවා. සිනමාව කියන්නේ පුළුල් වපසරියක පැතිරුණු දෙයක්. අපේ පාඨමාලාවට සහභාගී වන පිරිසට සිනමාවේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ සඳහා ඉනෝකා සත්‍යාංගනී, එම්. ඩී. මහින්දපාල, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, බුද්ධික කීර්තිසේන, නදීක ගුරුගේ, ප්‍රවීන් ජයරත්න, ජයන්ත චන්ද්‍රසිරි, රවීන්ද්‍ර ගුරුගේ, උදාර පල්ලියගුරුගේ සහ සමින්ද රණවන වැනි සිනමාවේ අත්දැකීම් බහුල මානව සම්පත්වල දායකත්වය අපේ පාඨමාලාවට ලැබෙනවා.

නිවැරැදි මඟ පෙන්වීමක් තුළින් දැනුමෙන් නිසි ලෙස පෝෂණය වුණු නිර්මාණශීලී තරුණ පරපුරක් රටට දායාද කිරීම තමයි අපේ අරමුණ. අතීතය මත වර්තමානය ගොඩ නැගෙනවා වගේම, අනාගතය ගොඩ නැගෙන්නේ වර්තමානය මත. ඒ නිසාම අපි දැනට වෘත්තියේ යෙදිලා සිටින ජනමාධ්‍යවේදීන් වෙනුවෙනුත් ඩිප්ලෝමා පාඨමාලාවකුත් ආරම්භ කරනවා.

අද වන විට නොයෙකුත් ආයතන විසින් ජනමාධ්‍ය පාඨමාලාවන් පවත්වාගෙන යනවා. එම පාඨමාලාවන් අතරින් ඔබ ආයතනය ආරම්භ කරන පාඨමාලාවන් සුවිශේෂ වෙන්නේ කොහොමද?

අපි පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් දෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය රජයට සම්බන්ධ ආයතනයක්. ඒ නිසා අපි ලබා දෙන සහතිකයට ඒ වටිනාකම විශේෂයෙන්ම තියෙනවා. ඒ වගේම පාඨමාලාවන් හදාරන පිරිසට ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්නත් අපිට හැකියාව තියෙනවා.

මාධ්‍යයට අවශ්‍ය මානව සම්පත් නිර්මාණය කිරීම සිදු කරන්නේ අද ඊයේ ඉඳලා නෙමෙයි නේද?

ඔව්. ඒක ඇත්ත. ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය 1984 දී හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් කාල වකවානුවේදී ඒ සඳහා අවශ්‍ය ශිල්පීන් පුහුණු කිරීමට.

එදා රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් පුහුණුව ලබා අද වන විට විවිධ මාධ්‍ය ආයතනවල සාර්ථකව සිය වෘත්තිය කරගෙන යන පිරිස් ඕනෑ තරම් ඉන්නවා. තවත් දක්ෂ පරම්පරාවක් මෙරට මාධ්‍යයට එක් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ.

ඔබට පහත දුරකථන අංකවලට කතා කරලා පාඨමාලාවන් පිළිබඳ වැඩි විස්තර දැනගන්න හැකියාව තිබෙනවා.

දුරකතන අංක - 0112692602

0112685720

0112674925

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු