වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩ් නගරය රන්මිහිතැන්නේ තැනේ

බොලිවුඩ් නගරය රන්මිහිතැන්නේ තැනේ

පනහ දශකයේ බොම්බාය නගරය මේ දිනවල හම්බන්තොට රන්මිහිතැන්න සෙරන්ඩිබ් චිත්‍රාගාරයේ ඉදිවෙමින් පවතියි. ඒ දැවැන්ත ඉන්දීය චිත්‍රපටයක් වන බොම්බෙ වෙල්වට් වෙනුවෙනි. ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී දේව් ඩී. බ්ලැක් ෆ‍්‍රයිඩේ, මෝ ස්මෝක්, දැට් ගර්ල් ඉන් යෙලෝ බූට්, ගැන්ග්ස් ඔෆ් වසීපූර් වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ අනුරාග් කාශ්‍යප් මෙය අධ්‍යක්ෂණය කරනු ලබයි.

බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ කරන් ජොහාර් ද බොම්බෙ වෙල්වට් හි රංගනනයේ යෙදීම තවත් විශේෂත්වයකි.

කරන් සමඟ රන්බීර් කපූර්, අනුෂ්කා ෂර්මා, කේ. වී. මෙනන් මෙම සිනමා කෘතියෙහි චරිත මැවීමට නියමිතය.

බොම්බෙ වෙල්වට් හි මෙරට නිෂ්පාදන මෙහෙයුම පසුතල දර්ශන මෙහයවීම සහ රන්මිහිතැන්නේ පහසුකම් සැපයීම රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රමුඛ ද ෆිල්ම් ටීම් සමාගමෙනි. චිත්‍රපටය සඳහා අතිරේක නළු නිළියන් 3500 ක් පමණ සහභාගි වෙති.

බොම්බෙ වෙල්වට් වෙනුවෙන් රන්මිහිතැන්නෙහි පහසුකම් සැපයීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කිරීම බොම්බායේ පැන්ටමි ෆිල්ම්ස් සමාගමේ විධායක නිෂ්පාදක විවේක් අග්‍රවාල් සහ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් යන මහත්වරුන් අතර පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුවිණ. මේ එම මොහොතේ අවස්ථාවන් කිහිපයකි.