වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

බිත්ති හතර

තිරගත වූ දිනය – 1982 නොවැම්බර් 05
ඉදිරිපත් කිරීම - සරසවි සිනෙරු
නිෂ්පාදනය – එච්. ඩී. ප්‍රේමසිරි
අධ්‍යක්ෂණය හා කළමනාකරණය - පරාක්‍රම ද සිල්වා
කතාව - සුගතපාල ද සිල්වා (මෙනමින් යුත් නවකතාව ඇසුරිනි)
තිර නාටකය – චන්ද්‍රසේන පෙරේරා
සහාය අධ්‍යක්ෂණය – චන්ද්‍රසේන පෙරේරා, ඩයස් රූපසිංහ
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - නිමල් තෙන්නකෝන්
අංග රචනය – තරංග රුක්මල්වල
කලා අධ්‍යක්ෂණය – උපාලි ඩයස්
කොණ්ඩා සැරසිලි - සෑම් පෙරේරා
නිශ්චල ඡායාරූප – ඩී. ගලප්පත්ති
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර, ගුණරත්න ජයකොඩි
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන, ඒ. අයි. ජොහාර්
සැකසුම – ලංකා චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
විශේෂ පටිගත කිරීම – මර්වින් බෙන්ස්
සංගීතය පටිගත කිරිම - ජෝර්ජ් මනතුංග
නිෂ්පාදන කළමනාකරණය - නෙතාජි සේනානායක
සංගීත අධ්‍යක්ෂණය – ජස්ටින් වොරිංටන් අබේවර්ධන
ගීත ප්‍රබන්ධය – බණ්ඩාර කේ. විජයතුංග

ගීත -
නිමක් නැති – තනුව, සංගීතය, ගායනය – ඩබ්ලිව්. ඩී අමරදේව
අතීත සිහිනය මිය යන්නේ - නීලා වික්‍රමසිංහ
සිතුවිල්ලේ සිර මැදුරේ – ජස්ටින් වොරිංටන් අබේවර්ධන
දුව දීමට කාරෙ බැඳා – නිශ්ශංක දිද්දෙනිය (පැරැණි නූර්ති ගීතයකි)
ප්‍රචාරක කළමනාකරණය - පියසේන වික්‍රමගේ

නළු නිළියන් -
වසන්ති චතුරාණි (මල්ලිකා), නීීල් අලස් (සේපාල), ස්වර්ණා මල්ලවආරච්චි (සමදරා), මැණික් කුරුකුලසූරිය (චාන්දනී), නදිකා ගුණසේකර (නන්දනී), පිියසේන අහංගම (ජයසේන), ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර (සුනීතා), රූබි ද මෙල්, රත්නාවලී කැකුණවෙල, දේවිකා මිහිරානි, නිශ්ශංක දිද්දෙනිය, ප්‍රසන්න ෆොන්සේකා, නිමල් වලාකුළුගේ, රොහාන් වැලිවිට
ප්‍රදර්ශනය – ගාමිණි – මරදාන, ඕඩියන් – ගල්කිස්ස, ලැවීනියා - නුගේගොඩ, නිල්මිණී – වත්තල, මානෙල් - මොරටුව, කිංග්ස් - මීගමුව, රීගල් - මහනුවර, ලේඛා - හෝමාගම, රීගල් - අම්බලන්ගොඩ, එස්. කේ. මාතර, ජුපිටර් – කුරුණෑගල, නිව් ඉම්පීරියල් - බලංගොඩ, ශ්‍රී මහල් - කුලියාපිටිය, සිත්තම්පලම් – අනුරාධපුරය යන සිනමා ශාලා තුළදී ප්‍රදර්ශනය ආරම්භ විය.

පාරමිතා

තිරගත වූ දිනය – 1982 නොවැම්බර් 05
ඉදිරිපත් කිරිම – ලක්ෂ්මන් ෆිල්ම්ස් සදනිකා චිත්‍රපට
නිෂ්පාදනය – ලක්ෂ්මන් ජයසේකර, කරුණාදාස පෙරේරා
තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
කතාව - දෙබස් - ඩී. කීරගලආරච්චි
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු සහාය - ඩෙන්සිල් ජයවීර
අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්, ජස්ටින් කැරව්ගොඩ
කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාරය - හොංකොං කලර් මූවී ලැබ්
සැකසුම – විජය චිත්‍රාගාරය
නාමාවලිය - ඩෙනිස්ටස් පෙරේරා
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – කරුණාදාස පෙරේරා
ගීත පටිගත කිරීම – විජය චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – කුලරත්න ආරියවංශ

ගීත -
පැලට එළිය දුන් පහනම – ටී. එම්. ජයරත්න
වඩින හිරුට මල් ළඳුන්- ලතා වල්පොල

නිශ්චල ඡායාරූප – ජී. ඒ. ජී. පෙරේරා
රංගනය – විජය කුමාරණතුංග (ලස්සන), ශ්‍රියාණි අමරසේන (චමරි), රවීන්ද්‍ර රන්දෙනිය (කමල්), සබීතා පෙරේරා (චම්මි), කමල් අද්දරආරච්චි (තාරක), මැණික් කුරුකුලසූරිය, ඩී. ආර්. නානායක්කාර, ක්ලීටස් මෙන්ඩිස්, ලීනා ද සිල්වා, නීල් අලස්, ඉයන් වික්‍රමනායක, එච්. එම්. පී. අප්පුහාමි, නිකලස් පෙරේරා

ප්‍රදර්ශනය – අශෝකා, ඉම්පාල, රත්නාවලී – ජාඇල, එමෙස් - මොරටුුව, නිව් මිනර්වා - කළුතර, වේල්ස්– මහනුවර, අප්සරා - හෝමාගම, නිව් සිනමා - මාතර, සමුපකාර – හිඟුරක්ගොඩ, මහ ලේකම් – කුලියාපිටිය, මිලානෝ - කෑගල්ල, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය යන සිනමා ශාලාවන්හිදි ප්‍රදර්ශනය අරඹන ලදී.

නැවත හමුවෙමු

තිරගත වූ දිනය – 1982 නොවැම්බර් 12
ඉදිරිපත් කිරීම - ස්කයි සීනිස්
නිෂ්පාදනය සහ කැමරාකරණය - ජෝන් ජේ. යෝගරාජා
අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර
කතාව - දෙබස් - තිර නාටකය - සිරි කහවල
සහාය අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්, විජිත වික්‍රමරත්න
නිෂ්පාදන සහාය - ජෝර්ජ් ජයකොඩි, එච්. ඩී. සෝමරත්න, චන්ද්‍රදාස කොඩිතුවක්කු
කැමරා සහාය – බන්දුල කුරේ, රෝහිත බටගොඩ, එම්. අර්පින්, පත්මසිරි කොස්තා
සංස්කරණය - කාලිංග ද සිල්වා සහාය සුනිල්සෝම පීරිස් විල්ෆ‍්‍රඩ් පෙරේරා
අංග රචනය – රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සහාය- කේ. ජී. සෝමතිලක පෙරේරා
සටන් අධ්‍යක්ෂණණය – ජී. සරත් ද සිල්වා, ජී. දයානන්ද සිල්වා, ජී. ලක්ෂ්මන් ද සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ලයනල් ගුණරත්න, ඒ. සී. එම්. රියාස්, එම්. ඒ. ඒබ්‍රහම්, ලක්ෂ්මන් ගුණරත්න
අතිරේක ශබ්ද – මර්වින් බෙන්ස්, ක්‍රිස්ටි ප්‍රනාන්දු (දිසානායක චිත්‍රපට සමාගම)
ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගු, රංජිත් ද සිල්වා
දෙබස් පටගත කිරීම - සෙන්ට් ජෝන්
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ් - හොංකොං
සම්බන්ධීකරණය – ඩිල්මන් ජයරත්න
සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප – විජිත වික්‍රමරත්න
නාමාවලිය – ජී. තිලක් තොටහගේ
නිෂ්පාදන අධිකාරි – කුමාරදාස ජයසිංහ
පසුබිම් හඬ කැවීම – පරාක්‍රම පෙරේරා
වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ, බංඩාර කේ. විජේතුංග, දයාසේන ගුණසිංහ, උපාලි ධනවලවිතාන

ගීත -
සිහින අහසේ වසන්තේ - එච්. ආර්. ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද
සිහින අහසේ වසන්තේ - ග්‍රේෂන් ආනන්ද
සෙනෙහස පෑවා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මහ මඟ හමුවන්නේ - මිල්ටන් මල්ලවාරච්චි, ග්‍රේෂන් ආනන්ද
එකමුතුකම ගජමුතු මෙන් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද, නිහාල් ජයවර්ධන මෙම චිත්‍රපටයේ ගීත කැසට් පට ලෙසින් එළි දැක්විණ.

රංගනය – විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, එඩ්නා සුගතපාල, සබීතා පෙරේරා, පියදාස විජේකෝන්, අබේරත්න ජයසූරිය, සුනිල්සෝම පීරිස්, ලයනල් සිල්වා, කුමාරදාස ජයසිංහ, මරික්කාර් රාම්දාස්, එස්.සෙල්වසේකරම්, උපාලි පියරත්න, දොන් බොස්නෝ, ඊස්වරන්, ඩෙන්සිල් ප්‍රනාන්දු, බී. ගුණපාල, ධර්මසේන නානායක්කාර, සරත් ප්‍රේම්, කරුණාදාස වික්‍රමගේ, ශ්‍රීනාත් මල්දෙනිය, එච්. එම්. සිරිසේන, රංජිත් ප්‍රේමවර්ධන, ප්‍රේමලාල් කුමාරසිරි, නිමල් එම්. හේවගේ, ධර්මදාස සෙනෙවිරත්න, සරත් සිල්වා

ප්‍රදර්ශනය – රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, ට්‍රියෝ - දෙහිවල, අනූෂා - මහරගම, නිව් ඉම්පීරියල් - පානදුර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, හිමාලි - කිරිබත්ගොඩ,
සරසවි – ගාල්ල, ටජ්මහල් - මාතලේ, ෂැම්රොක් - වෙන්නප්පුව, ටාසන්- කෑගල්ල ඇතුළු සිනමා ශාලා 12 කදි ප්‍රදර්ශනය ආරම්භ විය.

මිස් මල්ලිකා

තිරගත වූ දිනය – 1982 නෙවැම්බර් 12
ඉදිරිපත් කිරීම - එම්. එල්. එප්. එන්ටර්ටේන්මන්ස්
නිෂ්පාදනය – එම්. එල්. ෆවුස්
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ශ්‍රී නිහාල් ජයසිංහ
කාර්මික අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
අංග රචනය - ලෙනී කුරුප්පු
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
ශබ්ද පරිපාලනය - කේ පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - ඇස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී.)
රසායනාගාර සහාය – වී. සිවදාසන්, එස්. යෝගරාජා, ආර්. ජයවර්ධන
සැකසුම – විජය චිත්‍රාගාරය
නාමාවලිය - ඩෙනිස්ටර් පෙරේරා
නිෂ්පාදන කළමනාකරු - ලෙනී කුරුප්පු
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ගුණතිලක, සුජාතා අත්තනායක, සනත් නන්දසිරි, ෆ්‍රෙඩී සිල්වා

ගීත -
ඇයි ඔබ මට මෙතරම් – එච්. ආර්. ජෝතිපාල
සිනහවෙන් කතාවෙන් - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
හෙලො මිස් මල්ලිකා - ෆෙ‍්‍රඩී සිල්වා

නළු නිළියන්- ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩි, සොමී රත්නායක, සෝනියා දිසානායක, ගෝතමී පතිරාජ, ෆෙ‍්‍රඩී සිල්වා, ශිරාණි නුගේරා, ලෙනී කුරුප්පු, පියදාස ගුණසේකර, ඩී. ආර්. නානායක්කාර, බන්දු මුණසිංහ, රුක්ෂලා අල්මේදා, ඇග්නස් සිරිසේන, කුසුම් කෝදාගොඩ , පුෂ්පකාන්ති අක්මීමන, ඇලෝසියස් අප්පුහාමි

ආරම්භක සිනමා ශාලා - මානෙල් - දෙමටගොඩ, රොක්සි - වැල්ලවත්ත, කුවින්ලන් - නුගේගොඩ, පබ්ලික් හෝල් - ගම්පහ, ඕඩියන් – මහනුවර, රාජ් – මීගමුව, ජීවනී – අලව්ව, චිත්‍රා - කළුතර, චන්ද්‍රා - අවිස්සාවේල්ල, කුවින්ස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, ඡායා - කෑගල්ල, පර්ල් - හලාවත