වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මානවසිංහයන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුම

මානවසිංහයන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුම

21 දා පදනම් ආයතනයේ මානවසිංහ සම්භාවනා කෘතිය ද එළි දකියි

කවියකු, ලේඛකයකු, ගේය පද රචකයකු හා විශිෂ්ට පුවත්පත් කලාවේදියකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුම මෙම මස 21 වැනිදා සවස 4.00 ට කොළඹ නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් මුලසුන හොබවන මෙහි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟින් මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර දේශන පවත්වනු ලබයි. ඒ අතරතුරදී මානවසිංහයන් ලියූ ගී ඉදිරිපත් කරනු ඇත.

ගැයුම් සඳහා ආචාර්ය පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද ඉන්දිකා උපමාලි, ඉල්ලියාස් බෙග්, සාරංග දිසාසේකර, මිත්‍ර කපුගේ සහ නලීන් කාශ්මීරගෙනි.

සංගීත් නිපුන් ඩී. ආර්. දිසානායක සමඟ මහානාම වික්‍රමසිංහ සංගීතය මෙහෙයවනු ලබයි.

මෙම අවස්ථාව නිවේදනනයෙන් මෙහෙය වන්නේ කලාසූරි සතිශ්චන්ද්‍ර එදිරිසිංහයි.

මෙය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පදනමේ සංවිධානයකි.

මෙදින ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ සංස්කරණය කළ මානවසිංහ සම්භාවනා ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය සංස්කෘතික අමාත්‍යාංශයේ ඉදිරිපත් කිරීමක් ලෙස එළි දකියි.