වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගිනි කන්දක පුපුරායාම හෙවත් වර්නර් හර්සොග් වාර්තාකරණය

ගිනි කන්දක පුපුරායාම හෙවත් වර්නර් හර්සොග් වාර්තාකරණය

සම්මාන ලාභී ජර්මන් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන වර්නර් හර්සොග් ගේ ප්‍රථම කෙටි චිත්‍රපටය ‘Herakles (1962 ප්‍රදර්ශනයෙන් ආරම්භවන හර්සොග් වාර්තා චිත්‍රපට සතිය තුළදී ඔහු දශක හතරක කාලයක් තුළ නිර්මාණය කළ වාර්තා චිත්‍රපට 18 ක් ප්‍රදර්ශනය කරනු ඇත.

1976 අගෝස්තු මාසයේ පුපුරා යාමට ආසන්න ගිනි කන්දක් අසල වාසය කළ 75,000 ක් පමණ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්කළ අවස්ථාවේ හර්සොග් කැමරා ශිල්පීන් දෙදෙනකු සමඟ එම ගිනි කන්ද රූගත කරන්නට ගියා. ඒ අවස්ථාව මාර්ග සංඥා පමණක් දැල්වෙමින් තිබූ සම්පූර්ණ හිස් වීදිවල දක්නට ලැබුණේ පුපුරා යාමට ආසන්න ගිනි කන්දේ දුමාරය පමණයි. ඒ අතර අපි කොහේ යන්නද කියූ පුද්ගලයින් දෙදෙනෙක් එම ගිනි කන්ද පිහිටි දූපත හැර යාම ප්‍රතික්‍ෂ්ප කළා. ගතවන සෑම තත්ත්පරයක්ම අවසානයක් කරා යන ගමනක පියවරක් වූ ඒ මොහොතේ හර්සොග් උත්සාහ කළේ එම අවස්ථාව වාර්තා කිරීමටයි. පේ‍්‍රක්‍ෂකයන්ට ඒ සෑම රූපයක්ම අවසාන රූපය විය හැකි බව දැනවූ එම චිත්‍රපටය La Soufriere (1977) කාලය හා අවකාශය පිළිබඳ විචාරක අවධානය දිනා ගත්තා.

විවිධ අරුත්වලින් බහුල එම රූප පෙළ පිළිබඳව හර්සොග් පසුව පැවසුවේ එහි ‘රූපය’ යන්න අවසානයක් ඉඟි කළ බවයි. මා පමණක් නොවේ අප කැමරාවට හසුවූ පුද්ගලයන් මෙන්ම කැමරා ශිල්පීන් දෙදෙනා ඊළඟ මොහොතේ පුපුරා යාහැකි ගිනි කන්දක් පාමුලයි රූගත කිරීම්වල නියැළුනේ. එවැනි බියකරු භූමියකට අවතීර්ණව චිත්‍රපටයක් නිර්මාණය කිරීම කළ යුත්තක්ද? ඉක්මනින් ආරක්‍ෂිත ස්ථානයක් කරා යාම වඩා සුදුසුද? යන්න ඒ මොහොතේ නැඟුණු ගැටලුවයි. නමුත් මට වඩා වැදගත් වූයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි.

ගිනි කන්ද පුපුරා අප ජීවිතක්‍ෂයට පත් වූවානම් කවුරුන් හෝ අපගේ කැමරාව සොයා ගනු ඇත. ඒ අවස්ථාව වාර්තා කිරීම පමණක්වත් අප අතින් ඉටුවනු ඇති. ඔහු පැවසුවා.

La Soufriere  මෙන්ම හර්සොග් ගේ ගල්ෆ් යුද්ධය සමයේ කුවේට් හි තෙල් ආකර ගිනි ගන්නා රූප රාමු සහිත Lessens of Darkness චිත්‍රපටයද මෙම උළෙලේදී තිරගත වනු ඇත. සතියේ දිනවල පස්වරු 6.00 ටත් සති අන්තයේ පෙරවරු 10.30 ටත් දර්ශන ආරම්භ වෙයි. මෙම උළෙල සඳහා චිත්‍රපට තෝරා ඉදිරිපත් කරන්නේ අමෝමා රාජකරුණා විසිනි.

හර්සොග් ගේ ‘ප්‍රමෝදය සහ සත්‍ය’ 24 වැනිදා සිට

ලෝක ප්‍රකට සිනමාකරුවෙකු වූ ජර්මානු ජාතික වර්නර් හර්සොග්ගේ සියලුම වාර්තා චිත්‍රපට ඇතුලත් සිනමා දැක්මක් ‘ප්‍රමෝදය සහ සත්‍ය’ ලබන 24 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදි තිරගත කෙරේ.

70 දශකයේ බිහිවූ හර්සොග් ජර්මානු සිනමාවේ පෙරළිකාර සිනමාකරුවෙකු වේ. රේනර් වර්නර් ෆස්බෙන්ඩර්, මාග්‍රටා ෆොන්ට්‍රොටා, ෆොල්කර් ග්ලොන්ඩොන්, වෙන්ඩර් වැන්නන්ගේ සමකාලීන සිනමාකරුවෙකු වූ හර්සොග් පිළබඳ ප්‍රංශ සිනමාකරු ෆ්‍රාන්සුවා තෲෆෝ වරක් හැඳීන්වූයේ, වඩාත් වැදගත් ජීවමාන සිනමාකරු ලෙසයි.

මේවන විට 70 හැවිරිදි හර්සොග් ගේ වෘත්තාන්ත චිත්‍රපට වරින්වර ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් තිරගත කළ ද ඔහුගේ සම්පූර්ණ වාර්තා චිත්‍රපට එකවර දැකගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි.

.24 -06.00 Herakless

Lessons of Derkness
25 06.00 The Unprechedented Defense of the Fortress Deutshkreuz
Balla of The Little Soldier
26 06.00 La Soufriere
Fata Morgana
27 06.00 Last Words
How Much Wood Would a Woodchuck chuck
28 06.00 Wheel of Time
29 10.30 Echoes from a Somber Empire
02.30 Wodaable Herdsmen of The Sun Bells From The Deep
05.15 The White Diamond
30 10.30 Land of Silence and
Darkness
02.30 Wings of
Dark Glow of The Mountain
05.15 Wheel of Time
The Wild Blue Yonder