වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

රොජර් වීරයෙක්

හෙළ සිනමාවේ දශක කිහිපයක්ම සිටි වීරයා අතුරුදන් වී ඇත. මෙවන් කාලයක යළිත් විවිධ චරිත රංගනයේ දක්ෂතා ඇතිව රංගනයේ යෙදෙන රොජර් සෙනෙවිරත්න නමැති නළුවා වෙතින් අපට දැකිය හැක්කේ යළිත් අපේ චිත්‍රපටවල වීරයාගේ චරිතය සඳහා කෙනෙකු සිටින බවය. මා සිතන විදිහට ගාමිණී, රවීන්ද්‍ර, විජය, ජීවන්, සනත්, ශෂී, රන්ජන් වැනි අංක එකේ නළුවන් අතරට ඔබට ද පැමිණිය හැක.

වෛද්‍ය නෙල්සන් වීරසිංහ / අනුලා වීරසිංහ- පොල්ගහවෙල

ගයාන්ගේ රංගනය ප්‍රබලයි

ගයාන් වික්‍රමතිලක බොඳ මීදුම් නාට්‍යයෙහි රඟපෑවේ ප්‍රේක්ෂකයාගේ සිතෙහි වෛරය ඇතිවන අන්දමේ දරදඬු විකෘති පුද්ගලයකුගේ චරිතයකි. එසේ ප්‍රේක්ෂක අපගේ නොපහන් බවට පත් වූයේ ඔබේ අති දක්ෂ රංගනය නිසයි.

නමුත් ස්වර්ණවාහිනියේ දැන් විකාශය වන සේපාලිකා ටෙලි නාට්‍යයේ ඔහු රඟන පහන් නම් වූ චරිතය ඊට ඉඳුරා වෙනස් අවිහිංසක තරුණයෙකි. ඔබ එය කෙතරම් අති දක්ෂ සහ සියුම් ලෙස රඟනවාද කිව්වොත් එය පෙර පැවසූ පුංචි තිරයේ සිටි දුෂ්ඨ නළුවා ද යන්න විශ්වාස කළ නොහැක.

මෙම චරිත දෙක රඟපෑමෙන් පමණක් ඔබ කොතරම් පුළුල් පරාසයක රංගනයක් කළ හැකි රංගවේදියකු ද යැයි ඔප්පු කොට ඇත.

නිලාන් වෙත්තසිංහ

කරීම් ගේ ගීත ඕනෑ

එදා හැටේ දශකයේ ගුවන් විදුලියෙන් නිතර ඇසුන අඩු කුලේ කියාලා අසරණයා, සාදු සිරීපා . . . ආදී ගී ගැයූ ඒ. ජේ. කරීම්ගේ හඬ දැන් ගුවනට මුසුවන්නේ නැත. සතියකට වරක් හෝ කරීම්ගේ ගීත ප්‍රචාරය කරන්නේ නම් මැනවි.

ජයම්පති නවරත්න- මාතලේ

අජිත් නිහඬ ඇයි

පළමු සුපිරි තරුව වූ අජිත් බණ්ඩාර,

ඔබගේ නිහඬතාවය හේතුවෙනි මෙය ලියන්නේ. සිරස නාලිකාව සමඟින්වත් අප හමුවන්නේ නැත්තේ ඇයි. සරසවිය තුළින්වත් ඔබේ ගායන දිවියේ තොරතුරු පවසන්න.

- ලාලනී රේණුකා වික්‍රමසිංහ - කුරුණෑගල

අයෝමි ශානිකා

ඉතා නිහතමානීයි

පසුගිය දිනෙක ගාලු කොටුව තුළදී ඔබ මවත් සමඟ පැමිණ සිටියදී අපට හමු විය. ඉතා නිහතමානීව සුහදත්වයෙන් අප කණ්ඩායම සමඟ කතාබස් කොට ඡායාරූපවලටත් පෙනී සිටීමට තරම් ඔබ කාරුණකි විය. ඔබගේ නිහතමානීත්වයට අපේ ආචාරය.

ශිරාණි, සිඟිති, සුජීවා, පර්මි -දංකොටුව

වසන්තගේ රඟපෑම

ලස්සනයි

කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවෙන් ජනප්‍රිය වූ වසන්ත කුමාරසිරි මේ දිනවල ‘බොරලු පාර’ හි පොලිස් ස්ථානාධිපතිගේ චරිතය තුළින් හොඳ ප්‍රතිභාවක් විදහා දක්වයි. පොලිස් සේවාවේ ගෞරවයත්, පුද්ගලික ජීවිතයේ තම ගෞරවයත් මෙතුළින් මොහු අගේට රැක ගනියි.

ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද

නළු නිළියන් වගේම ප්‍රේක්ෂක අපිත් අතරමං කරන්න එපා

ටෙලි නාට්‍ය නිෂ්පාදකවරුනි, අධ්‍යක්ෂවරුනි, නළු නිළියනි,

පටන් ගැන්මේදී ඇතිකර ගන්නා සියලුම කොන්දේසි නාට්‍යයක් නිමවන තුරු පවත්වා ගන්න. තරමග ප්‍රේක්ෂක අපව අසරණ නොකර පටන් ගැන්මේදී සිටින ප්‍රධාන නළු නිළි යුවලවත් අඩු තරමින් අවසන් වනතුරු තබා ගන්න.

උමංගා ද සිල්වා- මොරටුව

අංජුලාට . . .

නාගරික පංතියේ සංකර චරිතයට නියම අර්ථකතනයක් දෙමින් එම චරිතයන් තුළ සැබෑ ලෙසම ජීවත්වන දඟකාර නිළියකි අංජුලා රාජපක්ෂ. රඟන චරිතය තමාගේ කර ගනිමින් ලස්සන රැ¼ගුමන් හි යෙදෙන අංජු ඔබ තමයි පුංචි තිරයේ දඟකාරිය.

සුසිලා පතිරාජ - උස්වැටකෙයියාව

නාමාවලිය පළමුව

පෙන්වන්න

චිත්‍රපට අධ්‍යක්ෂවරුනි ඔබලා අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටවල සියලුම නාමාවලියන් දර්ශනය ආරම්භයට පෙර ප්‍රදර්ශනය කරන්න. ඊට හේතුව සිනමා දර්ශනයන් අවසන් වූ වහාම ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලින් පිටව යන හෙයිනි. එබැවින් නාමාවලි නැරැඹීමට කිසිවෙකු උනන්දු නොවේ.

එච්. ඒ. ජයසේන

රණාල

S.M.S.

0752805047

අඳුරු අහසට රෑ කැටයම් ගීයෙන් සිත් සනහාලන රඛිත වෙළන්ගොඩ පැහැබැර අනාගතයකට හිමිකම් කියත්වා.

විරාජ් - නිකවැරටිය

සිනමාවේ, වේදිකාවේ විතරක් නෙවේ පුංචි තිරයේදිත් සුවිශේෂී වූ රංග දක්ෂතාවයක් ලබාදෙන බිමල් ජයකොඩිට සුබ අනාගතයක්.

චතුරිකා- ගාල්ල

දමිත් අසංකගේ ගීත ඉතාමත් ලස්සනයි. මම අහන්නේ ඔහුගේ ගීත පමණයි.

මධුභාෂිනී - මොරටුව

තිසුරි යුවනිකා ගොඩක් ලස්සනයි.

ශාලිකා - වලස්මුල්ල

මංජුලා කුමාරි රඟපෑ සපුමලී නාට්‍ය හරවත්.

සඳමාලි -දෙහිවල

මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර රචනා හරිම සුන්දරයි.

ඉෂාර- කෑගල්ල

නොදැක ඉන්න බෑ ගීතය මේ දවස්වල හරිම ජනප්‍රියයි. ඒක ගායනා කරන රුවන් හෙට්ටිආරච්චිගේ හඬ අපව වශි කරනවා.

ෆාතිමා -නුවර- බිනුරි - මාවනැල්ල

විශ්ව කොඩිකාර දරුවනේ චිත්‍රපටයේ සිය දස්කම් මනාව පිළිබිඹු කරනවා.

ධනු - ඇල්පිටිය

චාමර පීරිස්ගේ පියවි හි ඩිනක්ෂි, උමයංගනා, යුරේනි, කාවිංග, එරංග ඇතුළු සියලුම ශිල්පීන්ගේ රඟපෑම් ඉතාම සාර්ථකයි.

ලහිරු - ඉඹුල්ගොඩ

අන්තර් ජාතික මැකෝ සම්මානය (2012) ලබා සියලුම ගුවන් විදුලි නාලිකා අභිබවමින් ජනප්‍රියම නාලිකාව බවට පත් වූ හිරු එෆ්. එම්. සේවයට සහ අරවින්ද, බුද්ධික, ප්‍රසාද්, කෙවින්, නිදර්ෂි, රංග, මහේෂ්, ධනුෂ්ක, ලක්මල්, සමීර ඇතුළු හිරු ටීම් එකේ හැමෝටම ජය පතමි.