වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිත්‍රා දිවි මඟ සොඳුරු සිහිවටන . . .

සුමිත්‍රා දිවි මඟ සොඳුරු සිහිවටන . . .

මේ ඡායාරූපයත් සුවිශේෂ අවස්ථාවකදී ගත් එකක්. සංගීත කටයුත්තක් අතරතුරේදී ගත් ඡායාරූපයක් වන්නට පුළුවන්. හෙළ සිනමා කිවිඳිය සමඟ මෙම ඡායාරූපයේ සිටින්නේ නුවන් ගුණවර්ධන, නෙකෝ ශබ්දාගාර අධිපති මුදිත කුඹුකගේ, සංගීතඥ රෝහණ වීරසිංහ, කුලරත්න ආරිවංශ, නිහාල් නෙල්සන්, රංගන ශිල්පී දයා අල්විස් සමඟ සහාය අධ්‍යක්ෂ උපාලි පෙරේරා. ඇත්තටම මේ සිනමාවේ විවිධ අංශ නියෝජනය කරන අපූරු කලාකරුවන්ගේ එකතුවක්.

සිනමාවේ සහ වේදිකාවේ පෙළහර පෑ සම්මානනීය දැවැන්ත චරිත එක් වූ සොඳුරු මොහොතක්. හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිනමා නිළි ගීතා කුමාරසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සමඟ සුනේත්‍රා සරච්චන්ද්‍ර.

හෙළ සිනමාවේ අපූරු සහෘද එකතුවක්. අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී තිස්ස අබේසේකර, සුමිත්‍රාට මේ පවසන්නේ පැරණි රස කතාවක් වෙන්නට ඇති. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාව වෙනුවෙන් කළ සේවය උදෙසා අන්තර් ජාතික ඉන්දීය සිනමා උළෙලේ ජූරිය මඟින් පිරිනැමූ යාවජීව සම්මානය ලබා මෙරටට පැමිණි පසු. චිත්‍රපට නිෂ්පාදක අශෝක පෙෙරේරා සමඟ රෝයි ද සිල්වා, රවීන්ද්‍ර රන්දෙණිය සහ සනත් ගුණතිලක ද එම අවස්ථාවට එක් වෙමින්.

සිනමාවේ සුවිශේෂී චරිත එක් වූ අවස්ථාවක්. ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ උපන් දිනයකදී පණ්ඩිත් අමරදේවයන් සමඟින් සතුට බෙදා ගනිමින්. මහාචාර්ය සුනිල් ආරියරත්න, චිත්‍රපට අධ්‍යක්ෂක බෙනට් රත්නායක ද පසෙකින්.

ජීවිතයේ ලද එක් සම්මානනීය අවස්ථාවක්. මේ සම්මානයත් ඇගේ සුවිශේෂ නිර්මාණයක එක සළකුණක්. මේ සුමිත්‍රා ජනාධිපති සම්මානයකින් පිදුම් ලැබූ අවස්ථාවක්.



සුමිත්‍රා, ලෙස්ටර් තරුණ වියේදී. මේ ඡායාරූපය දෙදෙනා හමු වූ ඒ සුන්දර කාලයේදී ගත් එකක්.