වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




අඩ සියවසක සිනමා ගමනේ උත්තම පූජා ලැබ . . .

අඩ සියවසක සිනමා ගමනේ උත්තම පූජා ලැබ . . .

අග්‍රගණ්‍ය සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් නිමැවුණු විශේෂ මුද්දරය සහ මුල් දින කවරය තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග විසින් එතුමිය වෙත පිළිගැන් වූ අයුරු.

අජිත් ගලප්පත්ති විසින් රචිත ‘සුමිත්‍රා අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව’ කෘතිය සිනමාවේදී සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත පිළිගැන් වූ අයුරු

ඔබේ ආදරේ තනුව රාව නොනගනා
මියුරු ගීතයයි නැත වදන් වැල මනා
පිය ළදක නොමවෙනා තරුණයකු මෙනා
හිමි ඔබ නොදනී මා එය දනිමි

ඔබේ ආදරේ ඔරුව රුවල නැත මනා
දුම්රියක් වගෙයි නැති ගමන් මග මනා
ජීවේ මගේ හිමිට සෙල්ලමක් වුණා
හිමි ඔබ නොදනී මා එය දනිමි

ආදරෙන් ජීවයෙන් මා පිබිදුණේ
ආදර පුතුනේ නැත පියෙකු සුරකිනා
මා ඔබ රකිමී මා දෙනෙත මෙනා
ජීවේ මගේ හිමිට සෙල්ලමක් වුණා

රචනය - සොමී සේකරාම

ගායනය - සමිතා මුදුන්කොටුව

සංගීතය – නිමල් මෙන්ඩිස්
චිත්‍රපටය - දුවට මවක මිස

මා රිදවා - යදමින් බඳවා
පොළොවේ නටුවෙන් ගලවා
ඔබ යන්න ගියා - මල් පෙති පාගා
විඳිමි විඳිමි වේදනා

මිණි කිරුළේ දුක හංගා
දිනේ යෙහෙන් නිරිඳා
රුවන් ළයේ නිදිගන්වලා
කෙසේ වද වෙන්න දෝ

ගැරහුම් ලබා - වින්දා බොහෝ නින්දා
අවසන් වේ – නාදය අවසන් වේ
තත සුන් වූ වීණාවේ

කොහිදෝ - කොහිදෝ - මා වියූ දුහුල් සළුව කොහිදෝ
කොහිදෝ - කොහිදෝ - මා වියූ දුහුල් සළුව කොහිදෝ

රචනය – රත්න ශ්‍රී විජේසිංහ

ගායනය – ඉන්දිකා උපමාලි

සංගීතය – නිමල් මෙන්ඩිස්

චිත්‍රපටය - වෛෂ්ණාවී

කිසිදා නොපැතූ දේ සිදුවේවී
සිත බිඳුණේ යළි ප්‍රේමේ හින්දා
දිවි දුන්නේ මමයි දුක දුන්නේ ඔබයි
ස්ත්‍රී සිත් පෙන්නුවා
ඔබ ස්ත්‍රී සිත් පෙන්නුවා

නොසිතනු මා ඔබගේය කියා
නිදහසේ ඇරයුම් ලබනා
යනවාමයි මා සිත කියන දිහා
පුරුෂ සිත් පෙන්නුවා
ඔබ පුරුෂ සිත් පෙන්නුවා

ඔබ නොදනී කැලඹුම මායාවේ
නොහැඟේ ජීවිතයේ ගිම්හානේ
තරවටු කළ යුතු වේ හිත දේ දඬුවම් සේ
ස්ත්‍රී සිත් පෙන්නුවා
ඔබ ස්ත්‍රී සිත් පෙන්නුවා

දනිමි ලොකු කෙරුමෙක් බව තා
සිත පෑරේ මේ සැසඳීම නිසා
ගනුදෙනුවට ආදර යයි පවසා
පුරුෂ සිත් පෙන්නුවා
ඔබ පුරුෂ සිත් පෙන්නුවා

රචනය හා සංගීතය – නිමල් මෙන්ඩිස්

අනුවාදය - දුමින්ද ඇල්ලෙකෙන්ද

ගායනය – රුක්මන් අසිත පෙරේරා, මීනා ප්‍රසාදිනී

සංගීත සංයෝජනය - සුරේෂ් මාලියද්ද

චිත්‍රපටය - වෛෂ්ණාවී