වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




‘සඳ රඟ මඬල’ ජාතික රූපවාහිනියේ නැවත විකාශය වේ

‘සඳ රඟ මඬල’ ජාතික රූපවාහිනියේ නැවත විකාශය වේ

සූර්ය කුමාර් මුත්තලගේ ගායනවේදියා සහභාගී වූ සඳ රඟ මඬල රූපවාහිනී සංගීත වැඩසටහන මේ මස 12 වැනිදා (හෙට) උදෑසන 11.15 ට ජාතික රූපවාහිනිය ඔස්සේ නැවත විකාශය වේ.

සඳ ඇඳි රඟ සොබා අද හොරණ ශ්‍රී පාලියේ

හොරණ හඳපාන්ගොඩ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ සෞන්දර්ය හැකියාවන් එළි දැක්වෙන ‘සඳ ඇඳි රඟ සොබා’ අද (11) හොරණ ශ්‍රී පාලි රඟහලේ දී පැවැත්වේ. ශිෂ්‍ය නායක සංසදය විසින් සැලසුම් කරනු ලබන නර්තන උළෙල විදුහල්පති එල්. ඩබ්ලිව්. ජේ. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විෂය භාර ආචාරිණී එස්. ඩී. සුදර්ශනී මෙනෙවියගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කෙරේ.

කෙටි චිත්‍රපට උළෙලට ඔබේ නිර්මාණ එවන්න

වෙනස සිනමා සංසදය දීප ව්‍යාප්තව පවත්වනු ලබන කෙටි චිත්‍රපට උළෙල 2012 වෙනුවෙන් මේ දිනවල නිර්මාණ බාර ගැනේ. පසුගිය දෙවසර තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විනාඩි තිහට අඩු කෙටි චිත්‍රපට මෙම උළෙල සඳහා ඉදිරිපත් කළ හැකිය.

ඔබේ නිර්මාණයන් ඩී. වී. ඩී. මාධ්‍යයෙන් ස්වයංව සකසාගත් අයැදුම්පතක් සමඟ ලියා පදිංචි තැපෑලෙන් ‘වෙනස සිනමා සංසදය, නො. 68, බණ්ඩාරනායක මාවත, රත්නපුර යන ලිපිනයට 2012. 10, 25 ට ප්‍රථම යොමු කරන්න.

HOLLYWOOD BLOCKBUSTER

1. ටේකන් - 2 – ඇ. ඩො. මි. – 49.5
2. හොටෙල් ට්‍රාන්සිල්වීනියා - ඇ. ඩො. මි. – 27.1
3. පිච් පර්ෆෙක්ට් – ඇ. ඩො. මි. – 14.8
4. ලූපර් – ඇ. ඩො. මි. – 12.1
5. ෆ‍්‍රැන්කන්විනී – ඇ. ඩො. මි. – 11.4
6. එන්ඩ් ඔෆ් වොච් – ඇ. ඩො. මි. – 4.00
7. ට්‍රබල් විත් ද කර්ව් – ඇ. ඩො. මි. – 3.43
8. හවුස් ඇට් දි එන්ඩ් ඔෆ් ස්ට්‍රීට් – ඇ. ඩො. මි. – 3.76
9. ද මාස්ටර් – ඇ. ඩො. මි. – 1.86
10. ෆයින්ඩින් නෙමෝ - ඇ. ඩො. මි. – 1.62