වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 82

සිංහල සිනමා විස්තරය - 82

මධුවන්ති

තිරගත වූ දිනය - 1978 අප්‍රියෙල් 07

ඉදිරිපත් කිරීම - මොඩන් චිත්‍රපට

නිෂ්පාදනය - අර්ජුන් කේ. තඩානි

අධ්‍යක්‍ෂණය - මිල්ටන් ජයවර්ධන

කතාව තිර රචනය සහ දෙබස් - හර්බට් රංජිත් පීරිස්

සහාය අධ්‍යක්‍ෂණය - රාජා ලියනගේ, බන්දුල පද්මකුමාර

කැමරා අධ්‍යක්‍ෂණය - මර්සලින් එස්. පෙරේරා

සංස්කරණය - කාලිංග ද සිල්වා

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්‍ෂණය - ලයනල් සිල්වා

සටන් අධ්‍යක්‍ෂණය - බන්දු මුණසිංහ

නැටුම් අධ්‍යක්‍ෂණය - සිරිල් අමරසිංහ

සැකසුම - ලංකා චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය - නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර්

සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - ප්‍රේම කීර්ති ද අල්විස්, වේහැල්ලේ පියතිලක, ඔගස්ටස් විනයාගරත්නම්, කේ. ඩී. කේ. ධර්මවර්ධන

ගීත සංඛ්‍යාව - 07

ගීත - මල් මල් පෙම් මල් සරා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

පැතුම් නිනව්වේ ආශා සුන්වී - මිල්ටන් මල්ලවආරච්චි

ගිගිරි කිඳුරු රාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

මේ සිනාවේ ලස්සන – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ඉරෙන් අරන් එමී - ෆෙ‍්‍රඩී සිල්වා, ඉන්ද්‍රාණි පෙරේරා

හනුමන්තලගේ - මොහිදින් බෙග්, ජෝතිපාල, ෆෙ‍්‍රඩී

මා කී දේ හදින් කී දේ – ලතා වල්පොල

ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ් බාර්

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

චිත්‍රපටයේ මුල් නාමය – මැණිකා.

නළු නිළියන් - ටෝනි රණසිංහ (රවි), ගීතා කුමාරසිංහ (මධු), ෆෙ‍්‍රඩී සිල්වා (ෆෙ‍්‍රඩී) දොන් සිරිසේන (ජොන්සන්), බී. ඇස්. පෙරේරා (තොම්සන්), එඩී ජූනියර් (සිල්වා), පර්ල් වාසුදේවි (සිල්වා මහත්මිය), ලයනල් දැරණියගල (අශෝක), රුක්මණී දේවි (මධුගේ මව), ප්ලෝරා ද සූසා (චන්දි), පූජිත මෙන්ඩිස්, මියුරි සමරසිංහ, ශිරාණි පෙරේරා, රාජා ලියනගේ, ස්ටැන්ලි ද සිල්වා.

ප්‍රදර්ශනය - සැවොයි, ක්‍රවුන්, විජිත, නැෂනල් (මහරගම) වෙම්බ්ලි (මහනුවර) සමුද්‍ර (වත්තල) ප්‍රින්ස් (ගාල්ල) ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.

ප්‍රදර්ශන කාලය - සැවොයි දින 34, ක්‍රවුන් දින 50, ලිඩෝ දින 50 බැගින් ද තිරගත විය.

ශ්‍රී පතුල

තිරගත වූ දිනය - 1978 අප්‍රියෙල් 14

ඉදිරිපත් කිරීම - එම්. එල්. එෆ්. එන්ටර්ටේන්මන්ට්ස්

නිෂ්පාදනය - එම්. එල්. පවුසි

අධ්‍යක්‍ෂණය - කේ. වෙන්කට්

තිර රචනය - රන්ජිත් පෙරේරා, ශ්‍රී නිහාල් ජයසිංහ

නිෂ්පාදන සහාය - ලෙනී කුරුප්පු

දෙබස් රචනය - ශ්‍රී නිහාල් ජයසිංහ

කැමරා අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. යෝගරාජා

සංස්කරණය - ගෝපිනාත් පොන්නකෝන්

අංග රචනය - ලෙනී කුරුප්පු

කලා අධ්‍යක්‍ෂණය - ලයනල් සිල්වා

නිෂ්පාදන කෘත්‍යාධිකාරී - චන්ද්‍රතිලක ද සිල්වා

සැකසුම - එස්. පී. එම්. චිත්‍රාගාරය – කඳාන

ශබ්ද පරිපාලන – මර්වින් බෙන්ස්

සංගීත අධ්‍යක්‍ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ශ්‍රී නිහාල් ජයසිංහ

ගීත -

සති පට්ඨාන සූත්‍රය - ඩබ්ලිව්. ඩී. අමරදේව

සකළ සතම බොදු බැතියෙන් - මොහිදීන් බෙග් (කරුණාරත්න අබේසේකර)

පාවී පාවී උක්දඬු ගීතේ - ලතා වල්පොල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා

මිනිසාමයි ලොව දෙවියන් - මොහිදීන් බෙග්

යෞවන කාලේ හද ආශා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

දුෂ්කර වූදේ නෑ මේ ලෝකේ - එච්. ආර්. ජෝතිපාල

මධුර රසයි මං ලොවේ - ලතා වල්පොල

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් - ජෝ අබේවික්‍රම (මන්ත්‍රකරු) සුවීනීතා කෝන්ගහගේ (මේනකා) විජය නන්දසිරි (අතුල) රෙක්ස් කොඩිප්පිලි (නිශ්ශංකමල්ල රජු) ෆ්‍රෙඩී සිල්වා, බී. ඇස්. පෙරේරා, ඩී. ආර්. නානායක්කාර, ඉන්ද්‍රාණි අබේවර්ධන, දොන් සිරිසේන, හර්බි සෙනෙවිරත්න, ෆරිනාලායි, එල්. එච්. ප්‍රේමදාස, සමන්ලතා හෙට්ටිආරච්චි

ප්‍රදර්ශනය – ගාමිණී, සැපයාර්, සෙයින්ස්තාන් ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 18 කදී

ප්‍රදර්ශන කාලය - සෙයින්ස්තාන් දින 67, ගාමිණී දින 88 ක් වශයෙන් ද තිරගත වන ලදී.

ආශා දෑසින්

තිරගත වූ දිනය - 1978 අප්‍රියෙල් 28

ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට

නිෂ්පාදනය - පියසේන ද සිල්වා

අධ්‍යක්‍ෂණය - සේන සමරසිංහ

කතාව, දෙබස් හා තිර රචනය - එච්. එම්. පී ප්‍රනාන්දු

කැමරා අධ්‍යක්‍ෂණය - ඩැනී ඩබ්ලිව්. පතිරණ

සහාය අධ්‍යක්‍ෂණය - කුමාරදාස වාගිස්ට, එච්. එම්. පී ප්‍රනාන්දු

සංස්කරණය - ලාල් දිසානායක, ස්ටැන්ලි ද අල්විස්

වේශ නිරූපණය - ජේ. සෙල්වරාජා

කලා අධ්‍යක්‍ෂණය - සරත් රණවක

සටන් අධ්‍යක්‍ෂණය - ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්‍ෂණය - සිරිල් අමරසිංහ

ශබ්ද පරිපාලනය - මර්වින් රුද්‍රිගු

රසායනාගාරලක - ඒ. අයි. ජොහාර්

නිෂ්පාදන කළමනාකරණය සහ නිශ්චල ඡායාරූප - සරත් එම්. රණවක

නාමාවලිය - ගාමිණී සමරවීර

සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

ගීත

ආරධනා ඉවසා - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක (කරුණාරත්න අබේසේකර)

මුව මදහාසේ - මිල්ටන් මල්ලවආරච්චි (ධර්මසිරි ගමගේ)

අනංග රන් හීයේ - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක (කරුණාරත්න අබේසේකර)

විකසිත පැතුමන් - මිල්ටන් මල්ලවආරච්චි (බණ්ඩාර කේ. විජේතුංග)

ආශා බැෙඳ් හදේ මා - ලතා වල්පොල (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

ගීත පොත් - ශන්ති පොත්හල - මරදාන

ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා, ශි‍්‍රයානි අමරසේන, කරුණාරත්න හඟවත්ත, රෙක්ස් කොඩිප්පිලි, සෝමසිරි දෙහිපිටිය, විමල් කුමාර් ද කොස්තා, බන්දු සමරසිංහ, සේනක පෙරේරා, මානෙල් වානගුරු, චන්දි රසිකා, ෆරිනාලායි, රිචාඩ් වීරක්කොඩි, රත්නාවලී කැකුණවෙල, නිමල් පල්ලෙවත්ත

මංගල දර්ශනය – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ෆර්සි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මැජෙස්ටික් සිනමා ශාලාවේදී පැවැත්විණ

ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ඕඩියන්, ඉම්පාලා, ඇතුළු පළමුවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමාශාලා 18 කදී

ප්‍රදර්ශන කාලය – ඕඩියන් – ඉම්පාලා දින 59, එල්ෆින්ස්ටන් හි දින 100 සම්පූර්ණ කරන ලදී.

හිත මිතුරා

තිරගත වූ දිනය - 1978 මැයි 19

ඉදිරිපත් කිරීම - එස්. ආර්. ෆිල්ම්ස්

නිෂ්පාදනය - සරත් රූපසිංහ

කතාව, තිරනාටකය, අධ්‍යක්‍ෂණය සහ කැමරාව - ලෙනින් මොරායස්

දෙබස් රචනය - ධර්මසිරි ගමගේ

සහාය අධ්‍යක්‍ෂණය - ඇන්ටන් ග්‍රෙගරි

කැමරා සහාය - ඇම්. වී. සිවසුබ්‍රමනියම්, ඇන්තනි සිල්වා

සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්

සංස්කරණ සහාය - ගාමිණී ජයමාන්න, චන්ද්‍රසේන රූබසිංහ

කලා අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. වින්සන්ට්

වේශ නිරූපණය - කේ. සුබ්බයියා

වේදිකා සැරසිලි - ඇන්ටන් ගුරුස්වාමි, ඇස්. බී. ඇලෝසියස්

ඇඳුම් සහ කොණ්ඩා මෝස්තර - මානෙල් රූපසිංහ

නිශ්චල ඡායාරූප - එම්. වී සිවසුබ්‍රමනියම්

නිෂ්පාදන කළමනාකරු - චන්ද්‍රසේන රූබසිංහ

සැකසුම - විජය චිත්‍රාගාරය – හැඳල

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

ශබ්ද සහාය - ශ්‍රී ලාල් වීරසිංහ, ඇලෝසියස් රුද්‍රිගු

රසායනාගාර පාලක - ඇස්. තිරනාවුකරසු (බී. ඇස්. සී)

රසායනාගාර සහාය - වී. සිවදාසන්, ඇස්. යෝගරාජා

සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - ඔගස්ටස් විනයාගරත්නම්, කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ

ගීත

උසී උසී නෝනේ මගේ ලිසී - එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා

ඔබයි මගේ කතන්දරේ - වික්ටර් රත්නායක, ලතා වල්පොල (ඔගස්ටස් විනයාගරත්නම්)

සුනිලවලා සළු පිළි පටලා - එච්. ආර්. ජෝතිපාල

කඳුළැලි දෑසේ හෙලාලා - ලතා වල්පොල

හේල හෙලෙයි - මිල්ටන් පෙරේරා, ලතා වල්පොල

ගීත පොත් - ශාන්ති පොත්හල

ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ්බාර්

මංගල දර්ශනය - තැපැල් හා විදුලි සංදේශ ඇමැති ෂෙල්ටන් ජයසිංහ මහතා සහ එම මැතිනියගෙ ප්‍රධානත්වයෙන් 78. 05. 10 සවස 6.15 ට නිව් ඔලිම්පියා සිනමා ශාලාවේදී

නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා (ගාමිණී) ශ්‍රියානි අමරසේන (ජුලියට්) ටෝනි රණසිංහ (සිරිල්) ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (මයිකල්) රෙක්ස් කොඩිප්පිලි (පියතුමා) ශාන්තිලේඛා (සෙලෙස්තිනා) ඇන්තනි සී. පෙරේරා, ශ්‍යාමා අල්ගම, ෆර්ල් වාසුදේවි, දොන් සිරිසේන, වින්සන් කරුණාරත්න, ෆෝට් ජෙනිෆා පීරිස්, චන්දි රසිකා

ප්‍රදර්ශනය - නිව් ඔලිම්පියා, අශෝකා, රොක්සි, රීගල් - මහනුවර, ජයන්තා - ගම්පහ ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමාශාලා 17 කදී