වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

S.M.S.

වෙන කුමන රටවලට සිටින නළු නිළියන්ට වඩා අපේ රටේ අය දක්ෂයි. ඔවුන්ගේ හැකියාව ප්‍රයෝජනයට ගෙන නොමැති බවයි මගේ විශ්වාසය.

ජයනි වාසනා- ගම්පහ

තරු පිරි අහසක දිලිසෙන පුංචි තාරකාවිය භාග්‍ය ගුරුසිංහට සුබ අනාගතයක්.

නදීර චන්ද්‍රකාන්ති -ගම්පහ

රසිකයන්ට අමතන්න අකැමැති නිසා ෆෝන් නම්බර්ස් පත්තරයේ පළ කරන්නේ නැති කලාකරුවෝ ඇති. ඒත් හැමෝම එහෙම නැහැ. ධනංජය සිරිවර්ධන, සරත් කුලාංග, අමිල අබේසේකර, රුවන් ශ්‍රීලාල් ආදීන් මගේ ඇමතුම්වලට ප්‍රතිචාර දැක් වූවා. එයට මගේ ප්‍රණාමය.

ජේ. ඒ. සුනිල් ශාන්ත

නාවලපිටිය

ගැහැනු, පිරිමි ළමයි හැමෝම එකට රූපවාහිනිය නරඹන නිසා අනවශ්‍ය වෙළෙඳ දැන්වීම් සීමා කරනවා නම් හොඳයි.

පාතිමා - වැලිගම

එෆ්. එම්. දෙරණ ලබා දෙන ගීත සිත සනහාලනවා.

මනෝජ් වින්දන - පන්නිපිටිය

ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් පැවැත්වීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම කනගාටුවකි. ඔහුගේ ගීත වෙනත් ගායකයන් විසින් විනාශ කෙරිණි.

ඇයි මේ බව කාටවත් පෙනෙන්නේ නැත්තේ.

දමයන්ති කුමාරි - හොරණ

දමිත් අසංකගේ ගීත ඉතාමත් අලංකාරයි.

මලීෂා -ඇහැලියගොඩ

විශ්ව කොඩිකාර අමා ටෙලි සිතුවම අමා බඳුනක් මෙන් රසවත් කරයි.

හෂිනි රසාංගි -කළුතර

හේමාල් රණසිංහ රිදී තිරයටම උපන් වාසනාවන්ත තරුණයකි.

ඉෂාර

බණ්ඩාරවෙල

උපේක්ෂා ස්වර්ණමාලි ආයෙත් පබා වගේම මතක හිටින චරිතයක් කරන්න.

පවිත්‍රා -

බෙලිඅත්ත

කඩවසම් මේනක පුංචි තිරය ආකර්ෂණීය කරයි.

චමින් ධම්මික

කෑගල්ල

ගාමනී චිත්‍රපටය ඇතුළු විවිධ නිර්මාණ ඔස්සේ අප හමු වූ බිමල් ජයකොඩි තරුණ පරපුර අතර වඩාත් කැපී පෙනෙන නළුවෙකි. ලැබෙන ඕනෑම චරිතයකට මනාව සාධාරණය ඉටු කරන ඔහුගේ රංගනය අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්‍රවීම ඔහු තුළ සිටින විශිෂ්ටයාව අගය කිරීමක් ලෙස මම දකිමි.

- අකිල


‘කලර්’ සංවේදී චිත්‍රපටයක්

සිත්තරෙකු වටා ගෙතුනු කලර් චිත්‍රපටය නැරැඹූ මගේ නෙතට කඳුළක් නැඟිණ. එය එතරම් සංවේදීය. එහි අධ්‍යක්ෂ ඉසුරු වීරසිංහ මුදලි දක්ෂයකු බව කිව යුතුය. එමෙන්ම කමල්ගේ රංගනය ගැන කතා කිරීමට පවා වචන නැත. මේ මේ සංකලයන් කලර් හොඳින් වර්ණ ගන්වා ඇති යැයි අතිශයෝක්තියක් නොවේ.

පාලක සමන් පෙරේරා - හැඳල

කාංචනා තාත්ත්විකයි,

රාජ්‍ය සේවය පිණිසයි, රෝස වසන්තය, සුදු සෙවනැලි, පුරසක්මන වැනි චිත්‍රපටවල විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කළ ඔබ ජාතික නාලිකාවේ විකාශය වන සල්මල් ලන්ද ටෙලි නාට්‍යයේ ආයුර්වේද හෙදි නිලධාරියකගේ චරිතය ඉතාමත් තාත්ත්විකව නිරූපණය කරනවා.

කාවින්ද රශ්මික සිල්වා

මල්ලහැව - කල්එළිය

සිනමාවේ ගරුත්වයට

සටන් වැදුණු ගාමිණීට

අප ලෝක සිනමාව ගෙනහැර බැලුවහොත් ඒ තුළ නොයෙක් අයුරින් දක්ෂකම් පෑ සිනමාකරුවන් රංගනවේදීන් බිහි වී ඇත. නමුත් අප සිනමා සක්විති ආචාර්ය ගාමිණී ෆොන්සේකා තරම් සිනමාවක රජ කළ රජකු බිහි වී නොමැත. අපේ ගාමිණීට අලගු තැබීමටවත් ඔවුන් කිසි කෙනෙකුවත් සමත්ව තිබෙනු දැකිය නොහැකිය. අධ්‍යක්ෂණයෙන්, රංගනයෙන්, කැමරාකරණයෙන්, ගීත රචනයෙන් සේම තවත් නොකී අංශ ආවරණය වන පරිදි ඔහු දක්ෂකම් දක්වා ඇත. එසේම සිනමා ශිල්පීන්ගේ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් සටන් වැදී ඇති අයකු වේ නම් ඒ අපේ ගාමිණී පමණි. මිනිස් දිවියේ ඕනෑම පැතිකඩයන් ආවරණය පරිදි ඔහුගේ රංග පරාසයන් රූස්ස ගසක් මෙන් විහිදී තිබේ. සෑම අවස්ථාවකදීම පැත්ත ගියත් ඇත්ත කියන තරම් පෞරුෂයකින් හෙබි හෙළ සිනමාවේ නොමියන පතාක යෝධයාට මෙසේ උත්තමාචාරය පිරිනමමු.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

රන්ජන්ට සම්මාන?

ප්‍රථම වරට නොබෝදා පැවති දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය රන්ජන් රාමනායකට ලැබීම පිළිබඳ සතුටු වන අතර රසික අපගේ උණුසුම් සුබපැතුම් පළ කරමි. සරසවිය සම්මාන ප්‍රමුඛ පීපල්ස් අවෝඩ් දක්වාත් දෙරණ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දක්වා එය රන්ජන්ටම හිමිවන්නේ ඇයි?

විජයගෙන් පසු ජනප්‍රිය නළුවාට හිමි සම්මානය රන්ජන්ට ලැබීමට මූලික හේතුව වශයෙන් මා දකින්නේ ඔහු නිතර රසික රසිකාවන් සමඟ හොඳ හිතින් බද්ධව සිටින නිසාය. රසිකයන්ගේ දුකේදී සැපේදී ඔවුනට උදව් උපකාර කිරීමත්, පිළිසරණ වීමත් වෙලාව අවෙලාව නොබලා ඔවුන්ගේ දුරකතන ඇමතුම්වලට ප්‍රියමනාපව පිළිතුරු ලබාදීමත් මග තොටේදී හමුවන අවස්ථාවලදී සුහදව මොහොතක් හෝ කතබහ කිරීමත්, රසික ආරාධනා සතුටින් පිළිගෙන ඒවාට සහභාගිවීමත් ප්‍රධාන හේතුª ලෙස මම දකිමි. ඒ නිසාම රසික මනාප රසික ඡන්ද පළ කළ යුතුª අවස්ථාවන්වලදී ඔවුන්ගේ ඡන්දය ප්‍රථමයෙන් රන්ජන්ට හිමිවේ. පුහු ආඩම්බරයෙන් මහන්තත්ත්ව බවින් රසිකයා අවතක්සේරුවට ලක්කර සිටින බොහෝ කලාකරුවන්ට රන්ජන් ආදර්ශයකි.

ගාමා ගාමිණී සුබසිංහ හබරාදුව- ගාල්ල

තරු වුණ විට හරවත් ගී අමතක නොකරමු

අප ළමා වියේදී ගුවන් විදුලියේ ‘ඔබ කැමැති ගී’ තීරයට ගීත ඉල්ලා යවා ඒ ගීත රස වින්දෙමු. අද එවැනි සම්ප්‍රදායක් නැත. එවැනි ගීත ද නැත.

එහෙත් ළමා තරු තෝරන තරගාවලියන් හි එම තරගකරුවන් අතීතයේ තැනුනු හරවත් ළමා ගීත ගයති. නමුත් ඒවායින් ජයග්‍රාහකයන් වීමෙන් අනතුරුව ඔවුන් ‘කොත්තු ගීත’ කලාවට යොමුවේ. මා පවසනුයේ තරු බවට පත්වීමෙන් ද පසුව හරවත් ගී ගයන්නට ඔවුන් යොමු කළ යුතු බවය.

සුජාතා ගුණවර්ධන

කඩවත

සිනමා සක්විති

අදටත් අමරණීයයි

හෙළ සිනමාවත් ගාමිණී ෆොන්සේකාත් යනු ගසට පොත්ත මෙන් යයි මම අසා ඇත්තෙමු. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සිනමා සක්විතිය. ජීවිතයෙන් සමු ගෙන ගොස් වසර අටක් ගත වුණත් යථාර්ථවාදී රංගනයේ බල මහිමයෙන් ඔහු තවමත් අප හදවත්වල සදා අමරණීයය. ඔහු සිය දැනුමෙන් සිනමාව පෝෂණය කළ අයුරු අගය කළ යුතුය. ඔබ වැන්නවුන් බිහිවන්නේ කලාතුරකිනි. ගාමිණී ෆොන්සේකා නම් අප හිතෛෂිවන්තයාණෙනි, යළි යළිත් ඔබ අප අතරම ඉපදේවා යැයි ඉත සිතින් පතමි.

ධර්මා ඒකනායක - මාතලේ

සක්විති නැතිව

නළු නිළි පරපුරේ සක්විති
මැති සභයේදීද සක්විති
උතුරු නැගෙනහිරත් සක්විති
අපි සැම ඔබ නැතිව වැළපෙති

ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද

මල්කාන්ති ජයසිංහට

 

මල්කාන්ති ජයසිංහට

මලී ටෙලි නාට්‍යයෙහි දක්ෂ රංගනයක යෙදෙන මල්කාන්ති ජයසිංහට මගේ සුබපැතුම්..

යූ. ජී. පාලිත කුමාරසිංහ

ලක්මිණි විජයසිංහ

ගඩලාදෙණිය