වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

ළමා දිනයට ළමා චිත්‍රපට

ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය තේමා කරගනිමින් එදින දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිනමාශාලා ආසන්න පාසල්වල දරු දැරියන් සඳහා උදෑසන 8.00 ළමා චිත්‍රපටයක් නොමිලයේ ප්‍රදර්ශනය කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා තිබේ. මේ සඳහා ආරක්ෂක ලේකම්තුමා, උතුරු ප්‍රදේශ ආණ්ඩුකාර, පළාත් ප්‍රධාන අමාත්‍යවරු සහ පළාත් අධ්‍යාපනික අධ්‍යක්ෂ, විදුහල්පතිවරු, යාපනය හමුදා නිලධාරීන් සහයෝගය ලබා දෙනු ඇත.

ඒ අයට අමතරව චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩල, සිනමා ශාලා සහ චිත්‍රපට නිෂ්පාපදකවරු ද දර්ශන වාරයට සිය දායකත්වය සැපයීමට ඉදිරිපත් වී ඇති බව චිත්‍රපට සංස්ථාව වැඩිදුරටත් දන්වා සිටියි.

චිල්ඩ්රන් ඔෆ් හෙවන් පළමුවැනිදා

සම්මානනීය ඉරාන ළමා චිත්‍රපටයක් වූ චිල්ඩ්රන් ඔෆ් හෙවන් ලෝක ළමා දිනයට සමගාමීව එදින සවස හයට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

මෙය මජිඩ් මජීඩ්ගේ අධ්‍යක්ෂණයකි.

අනුරපුර දරුවන්ට සංස්ථා සහතික

මෙම වසරේ දැයට කිරුළ අධ්‍යාපනික ප්‍රදර්ශනයට පූර්වගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන්ගේ සිනමා රස වින්දනය වර්ධනය කිරීමේ අරමුණින් පාසල් සිනමා රචනා තරගයක් පවත්වන ලදී. එහි ජයග්‍රාහකයන්ගේ සහතික සහ තිළිණපත් ප්‍රදානය ඔක්තෝබර් පළමුවැනිදා එනම් ලෝක ළමා දිනය දා සවස 2.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වනු ඇත.