වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





සිංහල සිනමා විස්තරය - 64

සිංහල සිනමා විස්තරය - 64|
 

සහායට ඩැනී

තිරගත වූ දිනය – 1974 ඔක්තෝම්බර් 25
ඉදිරිපත් කිරීම – නිමලවීර චිත්‍රපට
නිෂ්පාදනය – නිමල් වීරක්කොඩි
තිර රචනය හා අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර
සංස්කරණය – එම්. පී. රූපසේන
කැමරා අධ්‍ය්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
වේශ නිපෑපණය - රෙජී ද සිල්වා, ඩෙරික් ප්‍රනාන්දු, ජේ. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නැටුම් - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
සැකසුම – විජය චිත්‍රාගාරය / ලංකා චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත -
ගීත කලාවේ සරල විරල දේ - ෂෙල්ටන්පෙරේරා, ඇන්ජලින් ගුණතිලක පද රචනය - ශ්‍රී නිහාල් ජයසිංහ
ගී රාග දැලේ හද මාගේ සැලේ - මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල - පද රචනය - ශ්‍රී නිහාල් ජයසිංහ
රෑ දිවා ලංවි කියා මියුරු ගී - ජෝතිපාල, ඇන්ජලින් (ශ්‍රී නිහාල් ජයසිංහ)
පින් පාටයි මූණ පෙම් පානා - ජෝතිපාල, ඇන්ජලින් (ශ්‍රී නිහාල් ජයසිංහ)
කාගෙදෝ හිතේ මා සැංගි - ජෝතිපාල, ඇන්ජලින් (ශ්‍රී නිහාල් ජයසිංහ)
නිහැහේවී සඳක් ආයේ - එච් ආර්. ජෝතිපාල (යසපාලිත නානායක්කාර)
වාලුකා වැලිතලේ - එච්. ආර්. ජෝතිපාල
කියන්න කවුදෝ ගෙනෙන්නේ රහසේ – එච්. ආර්. ජෝතිපාල
ගීත පොත් - ශාන්ති පොත්හල
නළු නිළියන් -
සෝනියා දිසානායක, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල, සිරි පෙරේරා, එඩී. අමරසිංහ, ඩී. ආර්. නානායක්කාර, ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවි, දොන් සිරිසේන, රුක්මල් මොහොට්ටි
මංගල දර්ශනය වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අශෝකා සිනමා ශාලාවේදී පැවැත් විය.
ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු සිලෝන් තියටර්ස් සිනමා ශාලා 16 කදී.

සැණකෙළිය

තිරගත වූ දිනය – 1974 නොවැම්බර් 15
ඉදිරිපත් කිරීම - සත්සර චිත්‍රපට
නිෂ්පාදනය - සෑම් පෙරේරා
අධ්‍යක්ෂණය – විමලදාස පෙරේරා
කතාව, දෙබස් සහ තිර නාටකය,
සම අධ්‍යක්ෂණය – හර්බට් රංජිත් පීරිස්
කැමරා අධ්‍යක්ෂණය – එම්. වී. හේමපාල
සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනය – වී. සිවදාසන්
සැකසුම – විජය චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය – ප්‍රැටික් දෙනිපිටිය

ගීත -
සිතුවිලි යහනක සැතපුන මොහාතක – මිල්ටන් මල්ලවාරච්චි, සුජාතා අත්තනායක (ප්‍රේමකීර්ති ද අල්විස්)
රණ මොනරාගෙන් මොනරිය – මිනෝන් රත්නම් (කරුණාරත්න අබේසේකර)
පිපුණු මලකි ජීවිතේ – වික්ටර් රත්නායක, මිල්ටන්, සී. ඩී. ෆොන්සේකා (කරුණාරත්න අබේසේකර)
බොල් පිණි මැද ළිඳ බොර වේදෝ - සුජාතා අත්තනායක (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
රැයක් උපද්දා – මිල්ටන් මල්ලවආරච්චි (ප්‍රේමකීර්ති ද අල්විස්)
සමනල රෑනක් සේ - මිල්ටන් මල්ලවආරච්චි, ඉන්ද්‍රාණි පෙරේරා (කරුණාරත්න අබේසේකර)
ගීත පොත් - ශාන්ති පොත්හල
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා,
විජය කුමාරතුංග, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,
ෆරීනා ලායි, නවනන්දන විජේසිංහ,
ජෙසිකා වික්‍රමසිංහ, විමල් කුමාර ද කොස්තා,
යූ. ආරියවිමල්, ජේ. බී. එල්. ගුණසේකර,
ගාමිණී ගනේගොඩ, මාජි මන්ත්‍රිනායක,
ශ්‍රියා කාන්ති රාජකරුණා, ඩේවිඩ් ධර්මකීර්ති,
මැණික් කුරුකුලසූරිය, ශාන්ති ලේඛා,
මිනෝන් රත්නම්, හේවා කොඩිතුවක්කු,
එඩ්මන්ඩ් විජේසිංහ, ශ්‍රියානි පෙරේරා
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගමට අයත් මරදානේ ගාමිණී සිනමා ශාලා ඇතුළුව 18 කදී.

වස්තුව

තිරගත වූ දිනය – 1974 නොවැම්බර් 30
ඉදිරිපත් කිරීම - සමන්තා චිත්‍රපට සමාගම
නිෂ්පාදනය සහ කතාව - බර්නාඩ් ජයවර්ධන
කතා සංකල්පය – ‘කුලන්දෙයිකාහ’ දමිල චිත්‍රපටය ඇසුරෙනි
අධ්‍යක්ෂණය - සිරි කුලරත්න
සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
කැමරා සහාය – ඇම්. වී. හේමපාල,
කේ. ඩී. දයානන්ද, බන්දුල කුරේ, ජයනාත් ගුණවර්ධන
වේශ නිරූපණය – එස්. පී. කොස්තා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සංස්කරණය - ජී. ඩී. කිංස්ලි පෙරේරා
සංස්කරණ සහාය – වරාගොඩ පී. හැරිස්
නන්දසිරි, මහින්ද ඒ. තෝමස් කුරේ
රසායනාගාර පාලක - ජෙරල්ඩ් ඩී. ජයවර්ධන
රසායනාගාර සහාය - කේ. එච්. ජයවර්ධන, ඇස්. ගමගේ, ටෙරන්ස් හෙට්ටිආරච්චි, මුනිදාස මාපටුන
ශබ්ද පරිපාලනය සහ ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගු
ශබ්ද පරිපාලන සහාය - ජෝර්ජ් මනතුංග, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්. ඒ. පොඩි මහත්තයා
නිෂ්පාදන කළමනාකරු - මහින්ද ඒ. තෝමස් කුරේ
ප්‍රචාරක කළමනාකරු – තෝමස් තිලකරත්න
සංගීත අධ්‍යක්ෂණය - සුමේධ හේවාවිතාරණ
ගීත සංඛ්‍යාව - 05

ගීත -
ගුවන් ගැබේ සඳුන් විමානේ – එම්. එස්. ප්‍රනාන්දු (පද - වොලී නානායක්කාර)
තට්ටු කළාමලු දොරක් – රංජනී පෙරේරා,
ෆ්‍රෙඩී සිල්වා (පද – කරුණාරත්න අබේසේකර)
බඹර පහස නොලද - ජෝතිපාල, ඇන්ජලින් (පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන)
උමතු වී රඟාලා මත් වෙලා - එච්. ආර්. ජෝතිපාල (පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
දුක වනසන සැප ගෙන දෙන කාලේ - මිල්ටන් මල්ලවආරච්චි, එම්. එස්. ප්‍රනාන්දු, ෆ්‍රෙඩී සිල්වා (පද - සිරි කුලරත්න)
ගීත පොත් - ශාන්ති පොත්හල
සැකසුම, පිටපත් මුද්‍රණය – සරසවි චිත්‍රාගාරය
නළු නිළියන් -
වොලී නානායක්කාර, නීටා ප්‍රනාන්දු,
ටෝනි රණසිංහ, එඩී ජූනියර්,
අශෝක හේවාවිතාරන, ඔස්වල්ඩ්
ජයසිංහ, තලතා ගුණසේකර,
මානෙල් වානගුරු, රොබින් ප්‍රනාන්දු,
බී. ඇස්. පෙරේරා, නවනන්දන විජේසිංහ,
බැසිල් ද සේරම්, ජෝ මයිකල්,
ක්ලෙමන්ට් විජේසිංහ, පතිරාජ එල්. එස්.
දයානන්ද, ධර්මදාස අලුත්ගොඩ,
කුසුම් වෙත්තසිංහ, ඇන්ටන් කලාසන්,
ආරියදාස රාජපක්ෂ, අශෝක නිශ්ශංක,
විජය නන්දසිරි, නිලන්ති හීන්දෙනිය,
සුහදිනි මල්ලිකා, නිමල් ජයවර්ධන,
රවි නානායක්කාර, දෙනවක හාමිනේ
ප්‍රදර්ශනය
සිලෝන් තියටර්ස් 2 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.

මෙහෙම හරිද

තිරගත වූ දිනය – 1974 දෙසැම්බර් 18
ඉදිරිපත් කිරීම – ත්‍රි එෆ් මූවීස්
සම නිෂ්පාදනය – ආබ්දීන් පවුසි, එෆ්. හිනායා
අධ්‍යක්ෂණය – ආබ්දීන් පවුසි
කැමරා අධ්‍යක්ෂණය – එච්. ආර්. ෂෙරිප්ඩීන්
කාර්මික උපදෙස් - එන්. එස්. දොරෙයි
සංස්කරණය – නිමල් ප්‍රනාන්දු
වේශ නිරූපණය – ඒ. ඇන්ටනි
නැටුම් – ආර්. විජයා
දෙබස් රචනය - සේනාධීර රූපසිංහ
සැකසුම – විජය චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය – මොහොමඩ් සාලි

ගීත -
එඩිතරකම හොඳ හිත ඇත්තේ – මිල්ටන් පෙරේරා, ඇන්ජලින් ගුණතිලක (පද රචනය – කරුණාරත්න අබේසේකර)
හද රන් මිණි වීනාවේ – ඇන්ජලින් ගුණතිලක (කරුණාරත්න අබේසේකර)
රඟනවා පියකරු වේ රෑ – ඇන්ජලින් ගුණතිලක (ධර්මසිරි ගමගේ)
ගීත පොත් - ආනන්ද පොත්හල, මරදාන
නළු නිළියන් -
සේනාධීර රූපසිංහ, සෝනියා
දිසානායක, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,
නීලා ලියනගෙදර, ප්‍රේමදාස,
ඇන්තනි සී. පෙරේරා, පූජිත මෙන්ඩිස්,
ලලිතා අල්මෙදා, විමලා කුමාරි,
මාස්ටර් ෆවුවි, ජෝ ලිවේරා,
චන්ද්‍රපාල විජේසූරිය, පේමා පෙරේරා,
පද්මි රොඩ්රිගෝ
ප්‍රදර්ශනය - සෙන්ට්‍රල් මරදාන, ඊරෝස් පාමංකඩ ඇතුළු හතර වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.