|
දමිළ තරුණයකුගේ දමිළ භාෂිත චිත්‍රපටයක්
ඉතා දිගු කලකට පසු ශ්‍රී ලාංකේය දමිල තරුණයකු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන දමිල භාෂිත සිනමා පටයක මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. කෝමාලි කිංග් යනුවෙන් නම තබා ඇති එහි අධ්‍යක්ෂවරයා වනුයේ කිංග් රත්නම් වේ. හාස්‍යෝත්පාදක සිනමා සිතුවමක් වන කෝමලි කිංග්, පිටරට සිට මෙරටට පැමිණෙන දමිල පවුලක් වටා ගෙතී ඇති කතා පුවතකි. දර්ශන් ධර්මරාජ්, නිරංජනි ශන් මුගරාජා, රාජා ගනේෂන්, ගජන් ගනේෂන්, පි‍්‍රයන්ත සිරිකුමාර සමඟ මෙහි අධ්‍යක්ෂවරයා වන කිංග් රත්නම් චිත්‍රපටයෙහි චරිත මවති. කෝමාලි කිංග් පික්චර් ඩිස්ක් ඉදිරිපත් කිරීමකි, මහින්ද අබේසිංහ කැමරාව මෙහෙයවයි. පි‍්‍රයන්ත සිරි කුමාරගේ අංග රචනයකි. හර්ෂ දිසානායක සමඟ ඇන්ජලෝ ජෝන් සංස්කරණ ශිල්පිනිය, ශ්‍රීරාම්, අරුන්, සමඟ කිංග් මෙහි සංගීත අධ්‍යක්ෂවරුන් වේ. නිමල් ෆ්‍රැන්සිස් සහාය අධ්‍යක්ෂවරයාය. කෝමලි කිංග් යාපනය අවට ප්‍රදේශයන්හි රූ ගැන්වීමට නියමිතය.
බැංග්ලෝර් සිනමා උළෙල සඳහා අපේ චිත්‍රපට ත්‍රිත්වයක්
මේ දිනවල පැවැත්වෙන අටවැනි බැංග්ලෝර් සිනමා උළෙල සඳහා ලාංකේය චිත්‍රපට ත්‍රිත්වයක් තෝරා ගෙන තිබේ. ඒ ප්‍රසන්න විතානගේ උසාවිය නිහඬවනු, ශමීර රංගන නා ඔටුන්නගෙ මෝටර් බයිසිකල්, කල්පන සහ වින්දන ආරියවංශගේ පේ‍්‍රමය නම් වේ. උළෙල පසුගිය ජනවාරි 28 ඇරැඹි අතර අද දින එහි සම්මාන ප්‍රදානය සිදුවනු ඇත. -
සුදු සඳ රැස් වැඩ ඇරඹේ
නව පරපුරේ කලා ශිල්පී චාමර පෙරේරා අධ්‍යක්ෂණය කිරීමට නියමිත ඔහුගේ කුලුඳුල් ටෙලි සිතුවම සුදු සඳ රැස් හි මුහුරත් උළෙල පසුගියදා කලුතර පැනරාමා හෝටලයේදී පැවැත්විණ. රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියන්ත මෙන්ඩිස්, උදිත් අබේරත්න, ෆර්නි රෝෂිනී, නිරෝෂා තලගල, පියුමි බොතේජු, ලක්ෂාන් වාත්තුහේවා, කපිල සිගේරා, නිමල් පල්ලෙවත්ත, අමීරා දිව්‍යාංජලී, රුවන් පිටිපන, ලොයිඩ් ගුණවර්ධන, කුලසිරි අමරසිංහ මෙහි චරිත මවති. සනත් සමරනායක තිර රචනයෙන් ද, කිත්සිරි හේවගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වෙති. සුදු සඳ රුස් කුමා විජයපාලගේ නිෂ්පාදනයකි.
තිලක්ට සාමවිනිසුරු ධුරයක්
හැත්තෑව දශකයේ කණ්ඩායම් සංගීත ශිල්පියකු වශයෙන් කටයුතු කළ තිලක් ද මැල් සාම විනිසුරු ධුරයෙන් පිදුම් ලැබීය. එකල ප්‍රසිද්ධ වාදක මණ්ඩලයක් වූ හමිං බර්ඩ්ස්හි නිත්‍ය ගායකයා ලෙස සංගීත ලෝලීන්ගේ හද දිනාගත් තිලක් මොරටුව වේල්ස්කුමාර විදුහලේ ආදි සිසුවෙකි.
දේශීය ටෙලි නාට්‍ය ශිල්පී එකමුතුවේ විශේෂ හමුව
ටෙලිවිශනය දියුණු කලා භාවිතාවක් බවට පත් කර ගැනීම සඳහා ඒ පිළිබඳ ජාතික කලා ප්‍රතිපත්තියක් සහ ගුණාත්මක බවින් යුතු නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් පිහිටුවා ගත් දේශීය ටෙලි නාට්‍ය ශිල්පි එකමුතුවේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. එහිදී දේශීය ටෙලි නාට්‍ය කලාව මුහුණ පා සිටින අර්බුදයන් පිළිබඳ කතාබහ කළ අතර ඒවාට නිසි පිළිතුරු සොයා ගැනීම සඳහා යෝජනාවලියක් එළි දැක්විණ. විදේශිය ටෙලි නාට්‍ය මඟින් මෙරට විකාශන කාලසීමා අති ක්‍රමණය කිරීම, විකාශය වන දේශීය විදේශීය නිර්මාණවල, ගුණාත්මකභාවයේ අවගමනය, සාවද්‍ය තොරතුරු සපයන සමීක්ෂණ වාර්තා ඉදිරිපත් වීම සහ දේශීය රූපවාහිනී කර්මාන්තයේ නියැළි සිටින වෘත්තිකයන්ගේ වෘත්තීය අනාරක්ෂිතභාවය යන ගැටලු යටතේ මේ යෝජනාවලිය සකසා තිබේ.
සිංහල සිනමාව සහ මම එළිදකී
සිංහල සිනමා ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහ කරමින් සනත් ගුණතිලක විසින් රචිත "සිංහල සිනමාව සහ මම" නමැති පර්යේෂණාත්මක ග්‍රන්ථය පසුගියදා කොළඹ 07 ඇල්බට් චන්ද්‍රවංකහි පිහිටි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය පණිභාරත ශ්‍රවණාගාරයේ දී එළි දැක්විණ. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙහි උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර සරසවිය පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් මුඛ්‍ය දේශනය පවත්වන ලදී. ඡායාරූපයෙන් දැක්වෙන්නේ සනත් තම ග්‍රන්ථයේ මුල් පිටපත ආචාර්ය ඩී.බී.නිහාල්සිංහයන්ට පිළිගැන්වූ අයුරුයි.
දේදුනු ආකාසේට නවක නළු නිළියන් ඕනෑ
පි‍්‍රයන්ත කොළඹගේ නවතම සිනමා පටය වන දේදුනු ආකාසේ සමඟින් නවක නළු නිළියන් කිහිප දෙනකු රිදී තිරයට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අධ්‍යක්ෂවරයා සරසවියට දැන්වීය. ඒ සඳහා තිර පරීක්ෂණයක් මෙම මස 07 වැනිදා දවස පුරා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙහි (ග්‍රහලෝකාගාරය ඉදිරිපිට) රෙජිනෝල්ඩ් කුරේ පදනම ශාලාවේදී පැවැත්වෙයි. රංගනයට කැමැති වයස අවුරුදු 18-35 අතර සියලු දෙනාට මෙයට සහභාගී වන්නට යැයි පි‍්‍රයන්ත කොළඹගේ ආරාධනා කරයි.
සියැස රූපවාහිනිය දෙවැනි ජන්ම දිනය සමරයි
උත්තරීතර මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් බිහිවුණු ‘සියැස’ රූපවාහිනියට වසර දෙකක් සපිරෙයි. සියැස සභාපති පී. කේ. යූ. අදිකාරම්ගේ ප්‍රධානත්වයෙන් මෙහි කටයුතු සිදුවන අතර වැඩසටහන් රැසක් මේ රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වෙයි. ඒ අතර ‘සංහිඳීයා පලස’, ‘කෘතියක වත’, ‘සායන’, ‘දැයට පිපෙන මල්’, ‘කැකුළු කොදෙව්ව’, ‘ඇදුරු සිතක මතක’ ආදී යන්න වැඩසටහන් කිහිපයක් පමණි. සියැස ටී.වී. ඔබට නැරැඹිය හැක්කේ පියෝ ටී.වී. 95 හරහායි.
කුරුලු පිහාටු සති අන්තයේ
වාසිත සමරනායක අධ්‍යක්ෂණය කළ කුරුලු පිහාටු ටෙලි සිතුවම පසුගිය ජනවාරි 23 වැනිදා සිට සෑම සති අන්තයකම සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වේ. ලයනල් වික්‍රම, චන්දික නානායක්කාර, ගාමිණි ජයලත්, කුමුදු නිශාන්ත, සහන් විජේසිංහ, නෙතලි නානායක්කාර, පේ‍්‍රස් තෙන්නකෝන්, ගයනා සුදර්ශනි, අනුරුද්ධිකා පාදුක්කගේ, ගයත්‍රි රාජපක්ෂ, අංජලී ලියනගේ, කුමුදු පි‍්‍රයංගිකා, වසත් විදුමිණ සමරනායක, කවීශා දෙව්මිණි කැටකුඹුර, පුජිත පංකජ, ඔසඳි කාවින්ද්‍යා, ප්‍රභාෂ්වරි පංචසික, ආදි නළු නිළියන් මෙහි රංගනයේ යෙදෙති. කුරුලු පිහාටු, බොල් වී අපූරු, සුදු අරලිය, ඉහිරුණු කිරි, දෙවන වේදිකාව ආදී නාට්‍ය නිෂ්පාදනය කළ පි‍්‍රයංකා අමරතුංගගේ නිෂ්පාදනයකි. රුක්මණී දේවිය සමරයිඅසහාය ගීත කෝකිලාවිය හා සිනමා නිළි රැජන වූ රුක්මණී දේවියගේ 93 වැනි ජන්ම දිනය පසුගියදා බෞද්ධාලෝක මාවගේ සමස්ත ලංකා බෞද්ධ කාන්තා සමිති ශාලාවේ උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ පැමිණ සිටි පිරිස අමතා ප්‍රවීණ නළු සතිස්චන්ද්‍ර එදිරිසිංහ දේශනයක් පැවැත් වූ අයුරුයි.
|