|
‘පළිගැනීම දෙවියන්ට භාරයි.’ මරණය මඟහරිමින් කැප්‍රියෝ ඉදිරියට ‘The Revenant’
ද රෙවනන්ට් අධ්‍යක්ෂකවරයා ගැන කතා නොකරම බැරිය. අලිජෙන්ද්රෝ ගොන්සාලේස්
ඉනාරිටු නම් මෙක්සිකානු ජාතික2015 වසරේ‘බර්ඩ්මෑන්’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම
චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය ලබා ගත් අධ්‍යක්ෂකවරයාය. ද රෙවනන්ට් ඔහුගේ
අධ්‍යක්ෂණයකි. එතැනින්ම නොනැවතී මෙවරත් ද රෙවනන්ට් ඇකඩමි සම්මාන හතරක් සඳහා නාම
යෝජනා වී ඇත. මෙවරත් අභිමානවත් ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙලේ වැඩිම අවධානය ද
රෙවනන්ට් සන්තක කර ගැනීමේ වැඩි සම්භාවිතාව ඇත. මක්නිසාද යත් ගෝල්ඩන් ග්ලෝබ්
ඉදිරිපෙල සම්මාන කිහිපයක් ඔවුන් හිමිකරගනිමත් ලියනාඩෝ ඩි කැප්‍රියෝ හො සමස්ත චිත්‍රපටය අන්‍යයන්ට දනවන ප්‍රබලම හැඟීම වන්නේ ස්වභාවධර්මය විසින් ජනිත කරන ත්‍රාසයයි. එකී ත්‍රාසය හිම මිදුණු සීතල ත්‍රාසයක් බවට පරිවර්තනය කරන්නෙ චිත්‍රපටයේ චරිත විසින් හිමේ ජවනිකා ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කිරීමට මුල සිට ඉදිරිපත් කිරීමත් සමගය. හියු ග්ලාස් නම් අතිදක්ෂ දඩයක්කරු සහ ඔහු වටා සිටින දඩයම් කණ්ඩායම මුහුණ දෙන හදිසි ගෝත්‍රික ප්‍රහාරයත් ඉන් පසු ග්ලාස් මුහුණ දෙන දුෂ්කර මරණීය තත්වයත් සමස්ත චිත්‍රපටයේ භෞතිකය සකසයි. මෙසේ මතුවන මරණීය තත්වය වෘතාන්ත ස්වරුපයට ගෙන ඒමේ මුලිකත්වය ගන්නේහියු ග්ලාස් (ඩි කැප්‍රියෝ) සහජෝන් ෆිට්ස්ජෙරල්ඩ් (ටොම් හාර්ඩ්) යන හිම භූමියේ දඩයක්කරුවන් ගෙ භූමිකාවෙනි. 19 වැනි සියවසේ මුල භාගයේ ලොම් සඳහා සතුන් දඩයම් කිරීමේ ව්‍යාපාරය ඇමරිකාවේ සරු ව්‍යාපාරයක් විය. එවැනි දඩයම් කණ්ඩායමක් සහ ස්වදේශීය ගෝත්‍රිකයන් අතර ද්වන්ද නොවන එහෙත් අළු යට ගිනි මෙන් ගැටුමක් ‘ද රෙවනන්ට්’ හි මුලික තේමාව බවට පත් කොට ඇත. චිත්‍රපටයේ භෞතිකය හිම සීතල සහ දඩයමට වෙන් වුවද එහි අධ්‍යාත්ම පාර්ශවය වෙන් වෙන්නෙ හියු ග්ලාස් ගෙ ජීවිතයටය. ග්ලාස් ස්වදේශික සම්භවය නියෝජනය කරන්නෙක්ද එසේත් නොමැති නම් විදේශික වෘතිය දඩයක්කරුවෙක්ද යන්න එකෙනෙහිම චිත්‍රපටයෙන් නොදෙන නමුත් ග්ලාස් ස්වදේශිකයන් සමග හෘදයාන්ගමව ගණුදෙනු කළ අයෙක් බව පසක් කරන්නෙ ඔහුගේ බිරිඳ හා දරුවා ගැන චිත්‍රපටය පුරාම දෙන ඔහුට පැනනගින භාවත්මක මතකයයි. මෙකී සියලු කාරණා වලට හැරවුම් ලක්ෂය සපයන්නේ ඔහු දඩයම අතරවාරයේ මුහුණ දෙන බිහිසුණු වලස් ප්‍රහාරයයි. එම ප්‍රහාරයත් ඉන් ඔහු ලබන අසාද්‍ය තත්වයත් ඔහුගේ කණ්ඩායමේ ඔහු භාරව සිටිජෝන් ෆිට්ස්ජෙරල්ඩ් ග්ලාස් ව මිය යන්නට හැරීමත් ජෝන් ගෙ ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙතත් හියු ග්ලාස් මිය නොගොස් ජිවත් වීමට දැඩිව බල කරන වෘතාන්තමය සිදුවීම්ය.
මෙකී කතාවම මයිකල් පන්ක් විසින් රචිත ද රෙවනන්ට් කෘතිය විසින් උපුටනය කොට තිර රචනය කරන ලද එකකි. තිරරචනය අධ්‍යක්ෂක ඉනාරිටු හා මාර්ක් ස්මිත් විසිනි. මෙහි රියුචි සකමොටෝ ගෙ සංගීතය ගැනත් නොකියාම බැරිය.ඉතාම විනයානුකුල අකාරයෙන් අවශ්‍ය ස්ථානයේදී පමණක් සංගීතය ඉස්මතු කිරීමේදී චිත්‍රපටයඇති සාර්ථක තැනක ස්ථානගත වෙයි. අවශ්‍ය පරිදි රූපයට අවශ්‍ය අංග හැසිරවීමේදී ද රෙවෙනන්ට් ඉදිරියෙන් සිටන බව කිවමනාය. එහි සර්ථකවය එලැඹෙන ඇකඩමි සම්මාන උළෙලේදී වඩා ඉස්මතු වනු ඇත.
|