ඉස්සර ආමි ඒකේ හිටියේ, ඌ හොඳ කොල්ලා බං
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය
ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ
සිතුවමින්
ඉස්සර ආමි ඒකේ හිටියේ,
ඌ හොඳ කොල්ලා බං
සුජිත් අය්යේ
මානවි දුරකථනයේ අංක එකින් එක සෙව්වේ හිතේ හදිසියටය. අම්මා වැඩට ගිය වෙලාවේ සිට ඈ
සිටියේ දෙගිඩියාවකිනි. ආපසු ගමට යන්න යැයි අම්මා පවසන්නීය. දහවල් දවසම මේ ගෙය පට්ට
පාළුවෙන් ජීවත්වීම කළ නොහැක. අම්මා ළඟ වූ පරණ පත්තර එකින් එක කියවා අවසන්ය.
උදෑසන, කඩිමුඩියේ මහපාරට වැද නොපෙනී යන මිනිසුන් දෙස මානවී බලා උන්නේ කවුළුවෙනි.
අම්මා පිටත්ව යන්නට පෙර බතක් ද මාළුවක් ද උයා බැඳ ගත්තීය. ඇය මේ දිනවල දවල්ට මානවීට
ආහාර ඉතුරු කර යන්නීය. මානවී අම්මාට උයන්නට උදව් කළාය.
නාගන්නට තිබුණේ ළිඳකි. එය නිවස අද්දරය. ඒ වටේට පැළලි බැඳ තිබිණ. උදෑසන ළිඳ ළඟ ඇති
අවිවේකී බව මුල් දවස් දෙකේ මානවීට අමුත්තක් වූවාය. රාජකාරියකට යන්න හදිස්සි නැති ඇය
අන් අයට ඉඩ දී බලා සිටියාය. අතුරු පාරක් වුව ඒ මොහොතේ ත්‍රීවීලර් ද මෝටර් සයිකල්
එමට යති. ඉඳහිට වෑන් රථයක් ද දිව යයි. මේ සියල්ල කඩිමුඩියේය.
අටහමාර වන විට සියල්ල සන්සුන්ය. මානවී ඒ වනවිට මුහුණ කොට සෝදා ගනී. පාතරාසය ගනු
ලබන්නේ එයින් පසුවය. ඈ සුජිත්ට කතා කරන්නට තීරණය කළේ එයින් පසුවය.
'කවුද?'
ඇසුණේ ගැහුණු කට හඬකිනි. මානවී තම දුරකථනය දෙස බැලුවේ වැරදි අංකයක් ලබා ගත්තේ ද
යන්න සොයා බලන්නටය.
'සුජිත් අය්යා.'
'කව්ද මේ?'
එහා කොනින් ඇසිණ. ඊළඟට එම හඬ ඇයට යළිත් ඇසිණ.
'සුජියා උඹට කෝල් එකක්.'
මානවිට නාඳුනන කාන්තාව කෑගසනු ඇසිණ.
'සුජියා'.
ඇය ගේ හඬ යළිත් ඇසිණ.
'කව්ද කියල බලපං. මම මේ සීන් එකට ලැස්ති වෙනවා.'
මානවීට ඇසිණ. කාන්තාව යළි කතා කළාය.
'කවුද? සුජිත් වැඩක.'
'ගමෙන් කියන්න දුන්නේ.'
මානවී අකුරු ඇමිණුවාය.
'සුජියා ගමෙන්ලු. ආපහු ගන්ඩ කියන්නද?'
'මං ගන්නම් කියපං.'
මානවී ඒ ඇසුනු සැනින් දුරකථනය විසන්ධි කළාය. අනතුරුව ඇය දුරකථනය නිකට මත තබාගෙන
කල්පනා කළාය. අත්තම්මා ගැන තොරතුරු විමසන්නට හැකි නම් හොඳය. එහෙත් විධියක් නැත. කාට
හෝ කතා කළත් සියළු විස්තර කියන්නට සිදුවනවා නියතය. සුමිත් සාප්පුව කරනවාද දන්නේ
නැත. ඒ සියල්ල යළි සිතන්නට අවශ්‍ය කාරණා නොවේ.
කිසිවකුගේ කසුකුසුවක් ඇසුණු සැනින් මානවී හිස ඔසවා බැලුවාය. කිසිවකු නොපෙනේ. දොරක්
වැසුණු හෝ ඇරෙන හඬ ඇයට ඇසිණ.
'ඒ ගෑනිට හරියට කන ඇහෙන්නේ නෑ බං.'
පිරිමියකු කියනු ඇසිණ. ගැහැනියකගේ හඬ ඇසුණේ එයට පහළිනි. මේ වෙලාවට මෙම නිවසෙහි
කිසිවකු නැත. මානවී කාමරයේ දොර මදක් විවර කර බැලුවාය. කිසිවකු ගේ දෙපා අනිත් කාමරය
අසලය. ආගන්තුකයා හීන් සීරුවේ කාමරයට රිංගා ගන්නා අයුරු මානවීට පෙනිණ.
එම කාමරය යුවතියන් සිටි කාමරයයි. මානවී හෙමිහිට එදෙසට ඇවිද ගියාය. අඩක් වැසුණු දෙර
අතරින් ඇයට එම කාමරය පෙනිණ. කව්දෝ එහි සිටී. ඒ සැනින් එහි දොර වැසිණ.
'තියන හදිස්සිය.'
කාන්තා හඬක් ඇසුනෙන්, මානවී එතැනම නතර වූවාය. එතැනින් එහා යන්නට ඇවැසි නැති වග ඇයට
දැනිණ. ඇය වහා කාමරයට පිවිසියාය. මානවී දොර වසා ගත්තේ හෙමිහිටය. එහි එක් පළුවක්
යාන්තම් පාරට විවෘතව ඇත්තේය.
එකවරම ඇගේ දුරකථනය නාද විය. මානවිගේ ඇස් ඉපිල ගියේය.
'මොකද මාව හදිසියේ මතක් වුණේ.'
එහා කොනින් ඇසිණ. ඒ සුජිත්ය.
'නිකං. අය්ය කොහෙද ඉන්නේ.'
'මේ දවස්වල අපි අලුත් වැඩක.'
'අපේ අත්තම්මලා සනීපෙන්ද අය්යෙ.'
'අපොයි ඔව්. ඇයි හදිස්සියෙම ආවෙ.'
'නැහැ. අම්මා ළඟට ආවේ. අනේ අය්යෙ මට පුළුවන්නම් ජොබ් එකක් හොයලා දෙන්න දන්න කාටහරි
කියලා.'
සුජිත් වටේ ඝෝෂාවක් ඇසිණ.
'එහෙම නෙමේ. මං ඔයාව හම්බුවෙන්න එනවා. ඉන්න තැන කියන්න.'
සුජිත් එකවරම පැවසුවේය. මානවී විස්තර පැවසුවාය.
'මං ඔය පළාතේ කිට්ටුවට ඇවිත් කෝල් එකක් දෙන්නං.'
'අම්මා ඉන්නේ හැන්දෑවෙලා.'
'මං අද වැඩ. කොහොම හරි මං එනවා.'
'අනේ අය්යා. මට ජොබ් එකක් හොයා ගන්න පුළුන්ද?'
'බලමුකෝ. බැරිවෙන එකක් නෑ.'
ඔහු ඊළඟ මොහොතේ දුරකථනය විසන්ධි කළේය. තමාගේ කතාව, කාටවත් ඇසුණේදැයි සිතා බලන්නට
මානවී කල්ගත්තාය.
ඇය කාමරයෙන් එළියට පිවිසියාය. මහා කම්මැලි කමකින් ඇය වෙලී යන්නට පටන් ගනී. දන්නා
අඳුරන කිසිවකු හෝ පළාතක නැත. හෙයෙළියක හෝ සිටිනවා නම් කදිමය.
එකවරම යාබද කාමරයේ දොර ඇරිණ. තරුණයකු එයින් එළියට බටුයේය. මානවී වහා ඔහු හඳුනා
ගත්තාය. එහෙත් ඒ බවක් ඇය පෙන්වූයේ නැත. ඒ වෙනුවට ඇය බිම බලාගත්තාය.
පෙරදා රාත්‍රියේ අම්මාට මඟදී හමුවූ චමින්ද ඔහුය. චමින්ද ගෙයින් එළියට බැස මානවී
අසලින් ගමන් කරනු ඇයට පෙනිණ. ඔහු ඇඳ සිටි බූට් සපත්තු යුගලක් සහ නිල් ඩෙනිම් කලිසම
මානවීගේ ඇස ගැසිණ.
චමින්ද මග හල මානවී හිස ඔසවා බැලුවාය. කලින් දවසේ දබර කර ගත් යුවතිය, ඇගේ කාමරයේ
දොර ළඟ සිටගෙන වරලස ගොතමින් උන්නාය. ඇගේ නම ශ්‍යාමා යැයි මානවී පසුව දැන ගත්තාය.
මානවී දැකීමෙන් හෝ ඇයගේ කිසිදු ඉරියව්වක වෙනසක් නොවුණා සේය. කලින් කාමරයට රිංගුවේ
චමින්ද බැව් මානවී වටහා ගත්තාය.
එකවරම ආපසු හැරී බලන්නට සිතක් මානවීට පහළ නොවුණද ඇය ආපසු හැරී බැලුවාය. චමින්ද ආපසු
හැරුණේ ජයග්‍රාහි සිනහවෙන් යුතුවය. ඔහු ශ්‍යාමාට අතවනා වැටෙන් එහා පාරට වැටිණි.
මානවී යමක් තේරුම් ගන්නට උත්සාහ කළාය. ශ්‍යාමා මානවී උන් දෙසට පැමිණියාය.
'අද වැඩට ගියා. මං හාෆ් ඩේ එකක් දාලා ආවා.'
අසන්නට පෙර ඇය පැවසුවාය. අනතුරුව යළි හිසකෙස් වැටිය සකස් කළ ශ්‍යාමා කාමරයේ දොරකඩට
ගියාය.
'ඌ හොඳ කොල්ලා බං. ඉස්සර ආමි එකේ හිටියේ අපේ ගම් පැත්තේ.'
'අක්කා දැන් වැඩට යනවද?'
'නෑ බං. මං අද ටවුමට යනවා. එහෙ ඇඳුම් ලාබයි. එනවද යන්න.'
'අම්මා කීයට එයිද දන්නේ නෑ.'
'අපොයි නිර්මලා එනකොට අටවත් වෙයි. අපට ගිහින් එන්න පුළුවන්.'
'මට නම් මුකුත් ගන්න නෑ.'
'නැහැ. ඔය කම්මැලිකමටත් එක්ක යමු.'
ශ්‍යාමා සමඟ මානවී නගරයට ගියාය. නේක විධ සළුපිළි අභරණ පිරි විලාසිතා මැදුරකට ගිය
ශ්‍යාමා එහි වූ එක් එක් රෙදි පිළි තම ගත තබා බලමින් පිරික්සා බැලුවාය. ශ්‍යාමාගේ
හැසිරීම තරුණයන් කුප්පවන සුළුයැයි මානවී තේරුම් ගත්තාය. පැය ගාණක් සාප්පුවෙන්
සාප්පුවට ගමන් කළ ද ශ්‍යාමා මිළයට ගත්තේ ගවුමක් පමණි.
ඔවුහු ආපසු එනවිට හැන්දෑ වී තිබිණ. බස් රියේ තෙරපෙමින් පැමිණි මානවී එයින් බැස
ගත්තේ අසීරුවෙනි. ශ්‍යාමා ඇගේ අතින් අල්ලා ගත්තාය.
'මං ගමේ ඉඳන් මෙහෙ ජොබ් එකට ඉස්සෙල්ලාම එන කොට හිතාගෙන හිටියේ කොළඹින් භාගයක් ගමට
අරන් යන්ඩ. අනේ මං මුලින් පඩියෙන් අරන් යන්න වූයේ අම්මාට චිත්තයක් විතරයි.'
අසල කඩයකින් කොත්තු රොටියක් ඔතා ගත් ශ්‍යාමා මගට බසිමින් මානවීට පැවසුවාය.
'නංගි දැන් මොකද්ද කරන්ඩ හිතාගෙන ඉන්නේ. මං හිතන්නේ නිර්මලා ඔයා මෙහෙ තියාගන්ඩ
කැමති වෙන්නේ නෑ.'
ශ්‍යාමා පැවසුවේ නිවසට ගොඩ වෙමිනි. අම්මා එන්නට පෙර ගෙදරට පැමිණීමට ලැබීම ගැන
මානවීට සතුටක් ඇතිවිණ. ගෙහිමි ගැහැනිය ශ්‍යාමා සමඟ පැමිණ මානවී දෙස බැලුවේ අමුතු
බැල්මකි.
රැය එළැඹෙමින් තිබිණ. නිර්මලා ද ගෙදර ආවාය. සැන්දෑ ජාමයේ යළි ඇරඹි ඝෝෂාව
අනුක්‍රමයෙන් අඩුවන්නට වූයේය. එයට හිලව්වන්නට ස්වභාවයෙන් රැයට උරුම නේක ශබ්දයන් මතු
වන්නට වූයේය. නිර්මලා මානවී සමඟ ඇඳ රෙද්ද ගසා දැමුවාය.
නිර්මලා. නිර්මලා.'
කව්දෝ කතා කරනු මිදුලෙන් ඇසිණ.
'නිර්මලා කව්ද ඇවිල්ලා.'
නිර්මලා දොර ඇරගෙන එළියට ආවාය. චමින්ද මිදුලේ සිටියේය. ඔහුට පසුපසින් සුදු වෑන්
රථයක එළිය නිර්මලා ළඟට පතිත විය.
ලබන සතියේ
සුදු වෑන් රිය ආවේ කුමකටද?..
|