|
මිත්‍රශීලී ආක්‍රමණය පෘථිවිය මත විහිදුවන Home
‘පිටසක්වල ජීවීන්’ යන්න ඇසූ සැණින් ඔබ සිතට දැනෙණුයේ කුමක්ද? විශ්මය ද නැතහොත් කුතුහලයද? ඒ කුමක් වෙතත් එහි අඩු වැඩි වශයෙන් යම් පමණක බියක් ද මුසු වී ඇති බව කිව යුතු නැත. බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටල පිටසක්වල ජීවීන් දක්වා ඇත්තේ බුද්ධිමත්, පෘථිවිය තම අණසකට යටත් කර ගැනීමට පැමිණෙන මනුෂ්‍ය සංහතියට තර්ජනයක් විය හැකි ජීවීන් කොට්ඨාසයක් ලෙසිනි. නමුත් ඩ්‍රීම්වර්ක් ඇනිමේෂන් සමාගම විසින් නිර්මාණය කළ මේ වසරේ නවතම ත්‍රිමාණ පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වන ‘Home’ පිටසක්වල ජීවීන් දෙස බලනුයේ වෙනස් කෝණයකිනි.
ඕහ් තම ගෙට ගෙවැදිමේ සාදයට බූව් ජීවීන් සියල්ලන්ටම ආරාධනා කරයි. ඔහු කදරකාරයෙකු බව දන්නා කිසිවෙක් ඔහුගේ සාදයට නොපැමිණේ. මේ අතරේ කුඩා අත් වැරැදීමකින් ඕහ් තම වර්ගයේ අතරේ චූදිතයෙකු බවට පත් වේ. ඔහු බේරී පළා යන්නේ බොහෝ අපහසුවෙනි. පළා යන ඕහ් හට කුඩා ගැහැනු ළමයෙකු වූ ‘ටිප්’ සහ ඇයගේ සුරතල් පූස් පැටවා ‘පිග්’ මුණ ගැසේ. ටිප් තමාගේම ගවේෂණයක යෙදී සිටින්නීය. ඇය බූව් ජීවීන් කෙරෙහි දක්වන්නේ යහපත් ආකල්පයක් නොවේ. එහෙත් ඕහ් නොයෙකුත් දුෂ්කර එමෙන්ම අනතුරුදායක සහ නිර්භීත ක්‍රියාවල යෙදෙමින් නොයෙක් අඩුපාඩු පෙන්නුම් කළ ද තමා මනුෂ්‍යයෙක් යැයි පෙන්නුම් කිරීමට නොයෙකුත් උත්සාහයන්හි යෙදේ. ඕහ් සහ ටිප්ගේ හාස්‍ය කුතුහලය පිරි කි‍්‍රයාන්විත අත්දැකිම් Home චිත්‍රපටයෙන් ඔබ හමුවට පැමිණේ.
මිනිත්තු 94 ක කාලයක් පුරා දිවෙන Home අමෙරිකානු ඩොලර් මිලියන 135 ක පිරිවැයක් දරා නිම කරන ලද්දකි. එය තිරගත කළ මාර්තු 27 වැනිදා සිට මේ දක්වා වාර්තා කළ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 269.9 කි. එය අමෙරිකා එක්සත් ජනපදයේ අප්‍රේල් 05 වැනිදා වන විට පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 143.2 ක මුදලක් වාර්තා කළේය. එය එහි පිරිවැය සමඟ බලන කළ දින කිහිපයකදී ලද විශිෂ්ට සාර්ථකත්වයකි. පිටසක්වල ජීවියෙකු පෘථිවිවාසී දැරියක ද සමඟින් යෙදෙන මෙම හාස්‍යමය වික්‍රමාන්විතය පිළිබඳ පළ වූ විචාරක අදහස් මිශ්‍රය. වර්ණවත් බොළඳ මෙන්ම සොඳුරු චිත්‍රපටයක් වුවත් එහි සුපිරි ක්‍රියාන්විත බවෙහි අඩුවක් නොවන බවත් ඔවුහු දක්වා ඇත. මෙටාක්‍රිටික්ස් සියයට පනස් පහක් සහ රොටෙන් ටොමැටෝස් සියයට හතළිස් හතක් මෙම චිත්‍රපටය වෙනුවෙන් ලකුණු වර්තා කරන විටදි IMDB දර්ශකයේ දහයෙන් 6.8 ක් ලෙස පෙන්නුම් කළේය.
|