|
අශෝක් කුමාර්ගෙන් ඇරැඹි ගංගුලි පවුල
අශෝක් කුමාර් රංගනයෙන් පමණක් නොව නිෂ්පාදනයෙන් ද සිනමාවට දායක වූයේය. දශක හයක් පුරා චිත්‍රපට දෙසිය පනහකට ආසන්න සංඛ්‍යාවකට දායක වූ ඔහු ඉන්දිය සිනමාවට පතාක යෝධයෙකු වූයේය. නමුත් ඔහුගේ සිනමා ජීවිතය ආරම්භ වූයේ කාර්මික පුහුණුකරුවෙකු ලෙසිනි. ඉන්දියාවේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නළුවෙකු ද වන හිමන්සුරායි ගේ බොම්බේ ටෝකීස් චිත්‍රාගාරයේ සහායකයකු ලෙස කටයුතු කළ අශෝක් හට රංගන වරම් ලැබෙන්නේ අහඹුවක් ලෙසිනි. 1936 වසරේදී බොම්බේ ටෝකීස් ප්‍රථම නිර්මාණය වූ Jeevan Nayya චිත්‍රපටය ආරම්භ කළේය. එහි ප්‍රධාන නළුාවා වූ නජ්මුල් හසන් හදිසියේ ඉවත් විම හේතුවෙන් ඇති වූ ගැටළුවට විසඳුම වූයේ අශෝක් කුමාර්ය. ඒ අනුව Jeevan Nayya චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය අශෝක් හට භාර විය. මේ සමඟ අශෝක් කුමාර් නම් නළුවාගේ රංගන ජීවිතය ආරම්භ විය. ඉන් පසුව ඔහු රඟ පෑ Achhut Kanya චිත්‍රපටය අති සාර්ථක චිත්‍රපටයක් බවට පත් විය.
1962 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් ද 1989 වසරේදී දාදා සහබ් පාල්කේ සම්මානයෙන් ද පිදුම් ලද ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ. අශෝක් කුමාර් ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූවා සේම ක්ෂේත්රය තුළ ද කා අතරත් කතාබහට ලක් වූ සුවිශේෂ පුද්ගලයෙකු වූයේය. ඉන්දීය සිනමා ක්ෂේත්රය තුළ අශෝක් හැඳින් වූයේ දාදා මෝනි නම් ආදර නාමයෙනි. එහි අර්ථය වන්නේ සහෝදරත්වයේ මැණික යන්නයි. ඔහු ක්ෂේත්රයේ අයට කෙතරම් ළෙංගතු පුද්ගලයකු වූයේ ද යන්න එයින් මනාව පැහැදිලි වේ.
අශෝක් කුමාර්ගේ පියා කන්ජිලාල් ගංගුලි නීතිඥවරයෙකු වූවේය. මව ගෞරි දේවි නම් වූවාය.
අශෝක් කුමාර්ගේ කුඩා කළ නම වුූයේ කුමුද්ලාල් ගංගුලිය. එහෙත් ඔහු එම නම අතහැර අශෝක්
කුමාර් යන නම භාවිත කළේය. මෙම නම ඔහු හට වාසනාව ගෙන ආවේය. ඔහුගේ විවාහය සිදු වූයේ
ඥාතීන් ගෙන ආ යෝජනාවක් මඟිනි. ඇය ශෝභනා නම් වූවාය. අශොක් - ශෝභනා එක් පුත්‍රයෙකු හා
දියණියන් තිදෙනෙකුට මව්පියන් වූහ. පුතා දේව් ගංගුලිය. භාරති, රූපා, ප්‍රීති
දියණියන්ය. දෙවැනි දියණිය රූපා විවාහ වූයේ ඉන්දීය සිනමාවේ හාස්‍යමය රංගන ශිල්පියෙකු වූ දේවන් වර්මා සමඟිනි. බාලම දියණිය ප්‍රීති ගංගුලි පමණක් පිය උරුමයෙන් සිනමාවට සම්බන්ධ වූවාය. ඇය Khatta Meetha, Chor Ke Ghar Chor, Balika Badnu, Rani Aur Lalpari වැනි චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූවාය. ආදිත්‍ය දාස් අධ්‍යක්ෂණය කළ Aashiq Banaya Apne චිත්‍රපටය ඇයගේ අවසන් රංගනය විය.
සෂධාර් මුඛර්ජි සහ අශෝක් කුමාර් ඉතාම ගජ මිතුරන් වූහ. සෂධාර් ද අශෝක් සමඟින් බොම්බේ ටෝකිස්හි සේවය කළේය. එහෙත් පසුව සෂධාර්, අශෝක් සහ ගයාන් මුඛර්ජි එක්ව ෆිල්මිස්ථාන් සිනමා සමාගම ආරම්භ කළේ ඉන්දීය සිනමාව වෙනුවෙන් තවත් පියවරක් තබමිනි. ඉන්දීය සිනමාව වෙනුවෙන් පෙළපතක් බිහි කිරීමේ පුරෝගාමිත්වය අශෝක් හට හිමි වෙයි. ඔහු තම බාල සහෝදරයා වූ කිශෝර් කුමාර් තිරයට හඳුන්වා දුන්නේය. ඒ 1948 වසරේදී ඔහු අධ්‍යක්ෂණය කළ Ziddi චිත්‍රපටයෙනි. Ziddi චිත්‍රපටයෙන් කිශෝර් කුමාර් පසුබිම් ගායකයෙකු ලෙස කලඑළි බැස්සේය. අනතුරුව ඔහු බෙංගාලි, හින්දි, මරාති, ගුජරාටි, කණ්ණඩ, භෝජ්පූරි, මලයාලම්, දුර්දු වැනි භාෂා රැසකින් ගීත ගායනා කළේය. ගායකයෙකුට අමතරව පද රචකයෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර රචකයෙකු ලෙසින් ද තම අනන්‍යතාවය ගොඩ නඟා ගත්තේය. ඔහු හොඳම පසුබිම් ගායකයා ලෙසින් අට වරක් ෆිල්ම් ෆෙයාර් සම්මානයට පාත්‍ර වූයේය. චිත්‍රපට 86 කට ඔහුගේ රංගන දායකත්වය ලැබිණි. Kaukan, Miss Mala, New Delhi, Half Ticket වැනි චිත්‍රපට ඒ අතර විය.
ඉන් පසු කිශෝර් සුරූපී මධුබාලා සමඟින් විවාහ වූයේය. මධුබාලා හැඳින් වූයේ හින්දි සිනමාවේ වීනස් දෙවදුව ලෙසිනි. ඇය මුස්ලිම් ජාතික වූ අතර උපන් බිම ඇෆ්ගනිස්ථානය විය. 1942 දී Basant චිත්‍රපටයෙන් බේබි මුම්ටාස් ලෙසින් ඇය සිනමාවට පැමිණියාය. ඇය සිනමාවට හඳුන්වාදිමේ ගෞරවය හිමි වන්නේ හිමන්සුරායිගේ බිරිඳ වූ දේවිකා රාණි හටය. මධුබාලා ලෙස නම් තබන ලද්දේ ද දේවිකා රාණි විසිනි. Mumtaz Mahal, Pujari, Neel Kamal, Pardes Thumroo, Amar, Mr. & Mrs. 55, Barsaat Ki Raat වැනි චිත්‍රපටවල ඇය අපූරු රංගනයන් ඉදිරිපත් කළාය. හදවත් රෝගයකින් පෙළුණු මධුබාලාගේ ජීවිතය කෙටි විය. කිශෝර් කුමාර් සමඟින් විවාහ වී ලන්ඩනයට ගිය ද වෛද්‍යවරුන් ඇය සඳහා වූ ශල්‍යකර්මය ප්‍රතික්ෂේප කළේ නිර්වින්දනය කර සැත්කම සිදු කිරීමේදී ඇය මිය යාමට ඉඩ ඇති බව පවසමිනි. 1964 වසරේ පෙබරවාරි 23 වැනිදා බොලිවුඩයේ වීනස් දෙව්දුව හෙවත් මධුබාලා මිය යන විට 36 වැනි වියේ පසු වූවාය.
කිශෝර් කුමාර්ගේ තෙවැනි විවාහය යෝගීතා බාලි සමඟ සිදු විය. ඇය ද 1960 දශකයේ හින්දි
සිනමාවේ නිළියක වූවාය. Parwana, Mehbooba,
බොලිවුඩ් නිළියක වූ ලීනා චන්ද්රවාර්කර් සමඟ කිශෝර් සිව්වැනි වරට විවාහ විය. 1980 වසරේදී කිශෝර් ජීවිතයෙන් සමුගන්නා තෙක් ඔවුහු එක්ව වාසය කළහ. කිශෝර්ට පුතුන් දෙදෙනෙකි. චිත්‍රපට පසුබිම් ගායකයෙකු, නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු වූ අමිත් කුමාර් කිශෝර් සහ රූමාගේ පුතුය. සුමිත් කුමාර් කිශෝර් සහ ලීනාගේ පුතුය. අනුප් කුමාර්, අශෝක් හා කිශෝර් පවුලේ අනෙක් සහෝදරයාය. අනුප් ද ජනප්‍රිය නළුවෙකු වූයේය. ඔහු ඉන්දීය සිනමාවේ චිත්‍රපට 750 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූයේය. අශෝක් කුමාර්ගේ දෙවැනි දියණිය රූපා ගංගුලි විවාහ වූයේ දේවන් වර්මා සමඟිනි. දේවන් ඉන්දීය චිත්‍රපට මෙන්ම ටෙලි නාට්‍ය නළුවකු වේ. අශෝක්ගේ වැඩිමහල් දියණිය භාරති පටේල්ගේ දියණිය අනුරාධා පටේල් ද ඉන්දීය සිනමා නිළියකි. ඇයගේ සැමියා කන්වල්ජිත් සිං හින්දි සිනමාවේ මෙන්ම පන්ජාබ් චිත්‍රපට සඳහා ද දායක වන්නේය.
|