|
අවුරුදු 40ට පසුව ෂෝලේ පාකිස්ථානයට
රමේෂ් සිප්පි අධ්‍යක්ෂණය කළ Sholay චිත්‍රපටය දැන් දශක හතරකට පසුව පාකිස්ථානයේ තිරගත කරන්න තීරණය කරලා. එම අවදියේ පැවැති ඉන්දු – පාකිස්ථාන යුද්ධය හේතුවෙන් හින්දි චිත්‍රපට පාකිස්ථානයේ තිරගත වුණේ නැහැ. විවිධ හේතු නිසා කාලය ගත වුණත් අමිතාබ් සහ ධර්මේන්ද්‍ර රඟන මෙම චිත්‍රපටය නරඹන්න ගොඩක් ආසාවෙන් සිටින ප්‍රේක්ෂකයන් රැසක් පාකිස්ථානයේ සිටින බව ආරංචියි. ඒ අතරේ වීඩියෝ කැසට් මඟින් Sholay චිත්‍රපටය නැරඹු අයත් ඒ අතරේ සිටිනවා. පසුගියදා මෙම චිත්‍රපටයේ පාකිස්ථානය තුළ සිදු කෙරෙන මංගල දර්ශනයය කලාකරුවන් රැසක් සහභාගි වෙලා. මේ වන විට මෙහි විශාල ප්‍රමාණයේ දැන්වීම් කරච්චි නගරයේ ප්‍රදර්ශනය කෙරෙන බවත් ආරංචියි. Sholay චිත්‍රපටය පාකිස්ථානයට ගෙන්වන්න කටයුතු යොදලා තියෙන්නේ නදීම් මන්ද්වාලා. එය හොඳ අවස්ථාවක් වේවි යැයි ඔහුගේ අදහසයි. තවත් අලුත් චිත්‍රපට කිහිපයක් සමඟයි ඔහු මේ පැරණි හින්දි චිත්‍රපටයත් තරගත කරන්න කටයුතු යොදලා තියෙන්නේ. ඒ වුණත් නවතම තාක්ෂණය සමඟින් Sholay චිත්‍රපටය පාකිස්ථානයේ විශාල පෙරළියක් කරනු ඇති බව නදීම්ගේ විශ්වාසය යි. |