|
නිවේදන මැද අවුරුදු කෑ හැටිඅලුත් අවුරුදු ගෙවී ගොසිනි. මේ අවුරුදු දවස්වල දවස පුරා විකාශය වූ ටෙලිවිෂන් වැඩ සටහන් මෙහෙය වූ අපේ හිතවත් නිවේදක, නිවේදිකාවන් ලැබූ අත්දැකීම් කොයි වගේද? අහල බලමු ඒ ගැන.
මෙවර ජාතික රූපවාහිනියේ අවුරුදු උත්සවය පැවැත්වුණේ තඹුත්තේගම මහජන ක්‍රීඩාංගනයේ. අපි එහෙට යනකොට හොඳටම වැස්ස. මේ හේතුවෙන් මුළු ක්‍රීඩාංගනයම හොඳටම මඩ වෙලා තිබුණේ. ඒ හින්දා පය තියන තැන් ලිස්සනවා. හරිම පරිස්සමින් අපි ඇවිද්දා. ඔන්න අවුරුදු උත්සවය පටන් ගත්තා. මමත් ඉතින් පුරුදු පරිදි නිවේදන කටයුතු කරගෙන ගියා. සුපුරුදු අවුරුදු ක්‍රීඩා ආරම්භ කෙරුණා. ඔය අතරේ තියෙන රසවත්ම ක්‍රීඩාව තමයි කඹ ඇදීම. පිරිමි පාර්ශවයේ කඹ ඇදීම තරගය නිම වුණා. ඊළඟට පටන් ගත්තේ කාන්තා පාර්ශවයේ කඹ ඇදීම. එයට සහභාගි වුණේ දැවැන්ත බවලත්තු කිහිප දෙනෙක්. හරියට තඹුත්තේගම යෝධයින්ගේ පරපුරෙන් පැවත එන අය වගෙයි. තරගය පටන් ගෙන පොඩි වෙලාවක් ගිය තැන එක් පිලක හිටිය කාන්තාවක් ලිස්සුවා. ඇය රූටාගෙන ආවේ මං නිවේදනය කර කර හිටපු පැත්තට. මට කරන්න දෙයක් නැහැ. මං ක්ෂණිකව නිවේදනය කිරීම පැත්තකට දාලා ඇයව එසෙව්වා. එතකොට ඇගේ ඇඟපුරාම මඩ තැවරිලා තිබුණේ. සජීවීව වැඩසටහන යනවා. මට ස්ථානෝචිත ප්‍රඥාව පහළ වුණා. මට කල්පනා වුණා මමත් මහතයි කියලා. මං එවලෙම කිව්වා අපි වගේ නිවේදකයෝ ඉන්න හින්දා හොඳයි මේ වගේ අයව උස්සන්න යනුවෙන් පවසලා යළිත් මුකුත් නොවුණා වගේ වැඩේ කරගෙන ගියා.
ප්‍රියාල් වීරසිංහ
මේ අවුරුද්දේ නම් මට එහෙම විශේෂ සිද්ධියක් වුණේ නැහැ. හැබැයි පෙර වසරක සිංහල
අවුරුද්දක නිවේදනය කරන්න ගිහිල්ලා මාරාන්තික අත්දැකීමකට මුහුණ පෑවා. එය අද මතක්
වෙද්දිත් ඇඟේ හිරිගඩු පිපෙනවා. සිද්ධිය වුණේ කඹුරුගමුව වැවක. ඔරු පැදීමේ තරගයක්
සංවිධානය කරලා තිබුණා. ඒ වැව අඩි විසිපහක් විතර ගැඹුරුයි කියලා ගම්වාසීන් කිව්වා. ඒ
හින්දා එදා නිවේදන කටයුතුවලට ඔරුවකට ගොඩ වුණේ මං ටිකක් බයෙන්. මොකද එදා සුළඟත්
වැඩියි. මාත් එක්ක නාවික හමුදාවේ පිරිසක් ද එකතු වුණා. දැන් අපි ක්‍රම ක්‍රමයෙන්
වැව මැදට යනවා තරඟකරුවන් එක්ක. ඔය අතරේ අපි දැක්කා සැඩ පහරකට ඔරුවක් පෙරළෙනවා.
නාවික හමුදාවේ අය ඒ ඔරුවේ හිටපු අය බේර ගන්න පැන්නා. දැන් ඔරුවේ ඉන්නේ මමයි ඔරුව
පදවන කෙනයි විතරයි. ටික වෙලාවක් යනකොට තව ඔරුවක් පෙරලුණා.
මේසේ එහා ගෙදර මං බඩගින්නේ සම්පත් ශ්‍රී ජයසිංහ
මේ අවුරද්දේ තමයි මං වැඩිපුරම බයෙන් නිවේදන කටයුතු කළේ. එයට හේතුව අපි ඇන්ද
ඇඳුම. මාතර රොටුඹෙ තමයි අපේ අවුරුදු උත්සවය සංවිධානය කරලා තිබුණේ. අපි ඇන්දේ
පාරම්පරික චරිත නිරූපණය කරපු ඇඳුම්. මං ඇන්දා නිළමේ ඇඳුම. ඒ ඇඳුම ඇඳගත්තම හරියට
එළියට පෙහෙලියටවත් යන්න
පුටුව නැතිව හින්ට් වැදුණා දිනූෂා රාජපතිරණ
අපේ අවුරුදු උළෙල වෙනුවෙන් අපි ගියා සීගිරියට. ඔය යන අතරමගදී අපේ වාහනය හැප්පුණා.
හරියටම කිව්වොත් වාහන තුනක් එකට හැප්පුණා. තුන්වැනි වාහනය තමයි අපේ එක. ඒ කම්පනයත්
එක්කයි මං සීගිරියට ගියේ. එදා අවුරුදු දවසේ තිබුණා එක අංගයක් කලාකරුවන්ගේ පවුල්වල
අය එකතුවුණු අඩකවයක් ආකරයෙන් ඔවුන්ව වාඩි කරවලා මමත් හරේන්ද්‍රත් වැඩසටහන
මෙහෙයවමින් එතනට ගියා. නිෂ්පාදන කණ්ඩායමේ අය අපට වාඩිවෙන්න කියලා තිබුණේ ලීවලින්
හදපු බංකු. එතන හරේන්ද්‍රගේ බංකුව තිබුණට මගේ බංකුව තිබුණේ නැහැ. හරේන්ද්‍ර වාඩි
වුණා. ඒත් මං හිටගෙන. එ
හච්චිං... මැද කතා ගොඩක් මාධව විජේසිංහ
මේ වසරේදී නම් මට මතක හිටින යමක් වුණේ නැහැ. හැබැයි පසුගිය අවුරුද්දක නම් මට ජීවිතේට අමතක නොවන වැඩක් වුණා. මේක කියවන කෙනාට නම් එය ඉතා රසවත් එකක් වුවත් මට නම් තරු විසිවෙන අත්දැකීමක් ඒක. අපි එදා අවුරුදු සැමරුවේ ලිට්ල් ස්ටාර් එකේ ළමුන් එක්ක. නිෂ්පාදන කණ්ඩයම තීරණය කළා මාවයි මාගෙත් එක්ක නිවේදන කටයුතු කරන සචිනිවයි ආච්චිටයි සීයටයි අන්දන්න. මට කෙඳිවලින් රැවුලක් ඇලෙව්වා. මට පොඩි ලෙඩක් තියෙනවා. ඒ කෙඳි වගේ දේවල් නහයයේ ගෑවුණගමං කිවිසුම් පිටවෙන එක. මේ රැව්ලත් අලවපු ගමන් එක දිගට කිවිසුම් යන්න පටන් ගත්තා. දැන් ඉතින් නොනවත්වාම කිවිසුම් යනවා. එතැන හිටපු අයත් දැන් බය වෙලා. වෙලාවට ඒක සජීවී නොවන වැඩසටහනක්. මං එදා නිවේදන කටයුතු කලේ කිවිසුම් යව යව. සෑහන්න වෙලාවක් යනකම් වැඩසටහන පටිගත කළා. |