|
හිතාමතා මම සෙරෙප්පු දැම්මේ නැහැ
එහිදී ඇය බෙහෙවින් අත්දැකීම් ද ලබා ගන්නීය. එතැන දිගු කාලයක් කාලය ගත කරමින් සිටියදී අනෝජා වීරසිංහගේ හමුවත් සමඟ අභින රංගන පාසලට ඇතුළත් වන ප්‍රින්සි තම හැකියාව තව තවත් ඔප මට්ටම් කර ගත්තාය. සපුමලී ප්රින්සිගේ පළමු ටෙලි නාට්‍ය රංගනයයි. අනතුරුව එක්ටැම්ගේ, තඹපාට හැන්දෑව, මල් දෙවට, සිහින සින්ඩරෙල්ලා සහ මා ඉහත සඳහන් කළ නාට්‍ය ත්‍රිත්වය ඇතුළු නිර්මාණ ගණනාවකටම ඇය සිය රංගන දායකත්වය සැපයුවාය. ඇය පවසන පරිදි නිළියක් හැටියට තමාව වඩාත් හඳුනා ගන්නේ ‘මලී’ ටෙලි සිතුවමෙනි. ‘මලී’ නාට්‍යයේ දෙවැන්න තමයි අත්තම්මා. මම එහි සිරියාගේ චරිතයට පණ පෙව්වේ හරිම ආසාවෙන්. මම කාලයක් සිරියාව අධ්‍යයනය කළා. කෙටියෙන්ම කිව්වොත් එම චරිතය මම සොයාගෙන රඟපෑවා කිව්වොත් වැරැදි නැහැ. මම සිරියාගේ චරිතය නිරූපණය කරද්දී සෙරප්පු පැලඳුවේ නැහැ. ඒක මම හිතාමතාම කරපු දෙයක්. එතකොට මට සිරියාව ඇඟටම කාවද්ද ගන්න පුළුවන් වුණා. මා වේදිකා නාට්‍ය දෙකකට රංගන දායකත්වය සැපයුවා. ඒ නග්න සහ ආදරණීය සංවාදයක්. මේවාට අමතරව ඉදිරියේදී මගේ නාට්‍ය කිහිපයක්ම විකාශයවීමට නියමිතයි. ඒ අතරින් චන්දන ධර්මප්‍රියගේ දුටු සතුටු මල නාට්‍යය විශේෂයි. එහි මම ප්‍රධාන චරිතයක් මවනවා.
|