|
චීනයත් එහෙමයි කියුබාවත් එහෙමයි
සංස්කෘතික විප්ලවය නිසා සිපිරි ගෙට නියම කරන ලද මහාචාර්යවරයෙක් එයින් පැන එන්නේ තම බිරිය දකින්නටය.එය චීන තරුණ පරම්පරාව අතර විප්ලවය යනු මව්පියන් පවා අමතක කළ දැමිය යුත්තක්යැයි ඉගැන්වූ සමයයි.
බැලේ නර්තන ශිල්පිනියක් ලෙස ඉදිරියට යාමට සිතන දියනිය ඒ වන විට චීන විප්ලවීය
නාට්‍යයක් වන රෙඩ් ඩෙචමන්ට් ඔෆ් වුමන් නර්තනයේ ප්‍රධාන චරිතය දිනා ගැනීමේ අදහසින්
සිටිය ද කොමියුනිස්ට් පක්ෂය මගින් පියා ද්‍රෝහියකු ලෙස සළකන බැවින් ඇයට චරිතය අහිමි
වෙයි.පියා සහ මව අතර රහසිගත හමුව ආරක්ෂක අංශ වලට පාවා දෙන දියනිය එමගින්
ෂැං යිමෝ චීනයේ සිදුවූ ඊනියා සංස්කෘතික විප්ලවය මත්තෙහි ඇති වුණ මානව ඛේදවාචකයන් මෙලෙසෙ ගෙන හැර පාද්දි මෙවර විශේෂ අවධානය දිනූ රට වන චීනයේ අප නොදන්නා බොහෝ දෑ අනාවරණය කළාක් මෙන්ම එරට පිළිබඳ අපේ සිතුවිලි වෙනස් කරළන්නට ද සමත් විය.ජෙනුවින් ලව් නමින් සිල්සාටි යාකොව් සහ ක්ෂින් ෂෑන්ග් සම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය දරුවන් 17 දෙනකු හදා ගත් මවක් පිළිබඳ සත්‍ය සිදුවීමක් පාදක කර ගත් චිත්‍රපටයකි.
එය ගිය සියවසේ
මැද භාගයේ පමණ මොංගෝලියාවට නුදුරු චීනයේ සිදුවන්නකි.එහෙත් බ්ලැක් කෝල් තින් අයිස්
,ෆැන්ටාසියා, මෙන්ම බීජිං බ්ලූස් ද සමකාලින චීන සමාජය විවිධාකාරයෙන් විමසා බලන ලද
චිත්‍රපට විය.පසුගිය වකවානුවේ ලොව විශාලතම ධනවත් රාජ්‍යයන් අතර පෙරමුණට පිවිසීමට
ගත් චීනයේ එම උත්සාහය සඑල වුව ද ඒ සමග එහි මුදල කේන්ද්‍ර කොට ගත් සමාජයක් බිහි වීම
වලක්වා ගත නොහැකි විය.බ්ලැක් කෝල් තින් අයිස් (අධ්‍යක්ෂණය ඩියො යිනාන්) සහ බීජීං
බ්ලූස් (අධ්‍යක්ෂණය ගෙයා කොන්ෂියා) චිත්‍රපට යුගලම සමාජ ඛේදවාචකය නිරාවරණය කරනුයේ
ත්‍රාසය පිරි තේමාවන් සහිතවය.එහෙත් එය සුලබ කුංෆූ තේමාවන් ආකාරයෙන් නොවේ.එයට වඩා
වෙන ඔහුට ලියුකේමියාවෙන් පෙළෙන වග දැන ගත් පසු රෝහල් ගාස්තු ගෙවීම් සඳහා විශාල මුදලක් වැය වන්නට පටන් ගනී. පුත්‍රයා නන්නත්තාර ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා අතර දියනිය ජීවත්වීම සදහා ගණිකාවක් බවට පත් වෙයි.රෝහල් ගාස්තු සඳහා සැමියා ගේ සේවා ආයතනය මුලින් යම් සම්මාදමක් වුව ද නමුත් මසකට පසු ඔවුන් දන්වා සිටිනුයේ සමාගම බංකොලොත් වන බැවින් ඉක්මනින් රැකියා කප්පාදුවක් කළ යුතුව ඇති බවය.එබැවින් තව දුරටත් ඔවුන්ට සිය සේවක සහෝදරයා වෙනුවෙන් කැපවීමට නොහැකිය.මෙම සමාජ ව්‍යසනයන් චීනය වැනි රටවල්වලට පවා පොදු කාරණා බව බොහෝ දෙනා දැන ගන්නේ සිනමා කෘතින් හරහාය.මෙබඳුම තවත් චිත්‍රපටයක් වනුයේ කියුබාව නියෝජනය කරන ලද බිහවියර් චිත්‍රපටය සමගය.එහි අධ්‍යයක්ෂණය අර්නස්ටෝ දරනාස් ගෙනි.මේ චිත්‍රපටයේ රඟපෑ ඇලිනා කෘස් එහිවියපත් ගුරුවරියක ලෙස විශිෂ්ට රංගනයක යෙදුණාය.මෙවර හොඳම නිළියට හිමි රජත මයුර සම්මානය ඊශ්‍රාලය හා සමග සමව බෙදීමට විනිශ්චය මණ්ඩලය තීරණය කොට තිබිණ.පෞද්ගලිකව මගේ මතය නම් එම සම්මානය ඊශ්‍රායල චිත්‍රපටය වන ද කින්ඩර්ගාට්න් ටීචර් චිත්‍රපටය් රඟපෑ සරිත් ලැරී සමග සමව බෙදීම ජූරිය ගත් වැරදි තීරණයක් බවය.ඇලීනා ගේ රංගනය මෙවර තරගකාරි අංශයේ පැවැති මට නරඹන්නට ලැබුණු චිත්‍රපට අතර හොඳම රංගනය බව මගේ හැඟිමයි.එයට හේතුව කින්ඩර්ගාට්න් ටීචර් චිත්‍රපටයේ රංගනය අති සුලබ රංගනයක් වීමයි.ඇලීනා කෘස් රඟපානුයේ කාමෙලා නම් ගුරුවරියක ගේ චරිතයයි.චිත්‍රපටය විකාශය වනුයේ ගුරුවරියක විසින් සිය අත්දැකීම් විස්තර කරමින් ලියන ලිපියක සමගය.මේ ලිපිය ලියනුයේ කාමෙලා නම් ගුරුවරියයි.ඇයගේ පංතියේ සිටින දරුවන් සියල්ලන්ම ඇයට ඉතා ඇළුම් කරන්නීය.කාමෙලා ගේ දරුවන් ජීවත් වනුයේ අමෙරිකාවේ වුවත් ඇය සිය මව්රට හැරදා නොයයි.ඇය හදිසියේ රෝගාතුර වෙයි.වෛද්‍ය නිර්දේශය නම් ඇය විශ්‍රාම ගත යුතු බවය.
එහෙත් ගුරුවරියක වන ඇය ගේ සිත එයට ඉඩ නොදෙයි.ඇය ගේ
පංතියේ ඉගැනුම ලබන දරුවන් වෙනුවෙන් යුතුකම ඉටු කිරිමට පාලකයන් ඉඩ නොදෙයි.ඇයගේ
පංතියේ සිසුවකු වන චාලා ඉතාම දඩබ්බරයෙකි.රජයේ නිර්දේශය නම් මේ දරුවා චොතෝදර් චෝටෝ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් දුලාල් සර්කාර් රඟපෑවේ සර්කස් කණ්ඩායමක විකටයෙකු ගේ චරිතයයි.බොහෝ විට ඔහුට එම සම්මානය පිදෙන්නට ඇත්තේ ඔහුගේ ශාරිරික ස්වරූපය නිසා ඇති වන අනුකම්පාව නිසාවෙන් ද යන්න වෙනම විමසා බැලිය යුතුය.පසුගිය සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත් කෞශික් ගංගුලි නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය ඔහුගේ පසුගිය වසරේ නිර්මාණය කරන ලද ඕපු පංචාලි හා සැසඳද්දී ආයාසයෙන් නිර්මාණය කරන ලද්දක් වග නොකියාම නොහැක. තවත් විශිෂ්ට චිත්‍රපට ගැන ලබන සතියේ |