ගායිකා අභිෂේකා වීමලවීර
මම අලුත් ගීත දෙකක් නිර්මාණය කරන්න සුදානමින් ඉන්නේ. එයින් එක් ගීතයක් මගේ සිඟිති දියණිය වෙනුවෙනුයි වෙන් වෙන්නේ. ඒ වගේම මගේ මංගල ඇඳුම් විලාසිතාගාරයේ කටයුතු සහ ආයුර්වේද වෛද්‍ය උපාධියේ අවසන් අදියරයේ කටයුතුත් කරගෙන යනවා. මේ සතියේ 11 වැනිදාට මගේත් මහත්තයාගේත් උපන් දින යෙදිලා තියනවා. ඒ වෙනුවෙන් මොකද කරන්නේ කියලා නම් තවම තීරණය කරලා නැහැ.