දරු මුණුබුරන් මැද
දරු මුණුබුරන් මැද
රංගන ශිල්පිනී
ශ්රියානි පෙරේරා
මම පොඩි දුවගේ බාබාලා දෙන්නා සමඟින් තමයි දැන් වැඩි කාල වේලාවක් ගත කරන්නේ. කලාවට
කොයි තරම් ආදරේ වුණත් දැන් කලා කටයුතුවලට දායක වෙන්නේ නම් නැහැ. ඒ වුණත් ප්රසංග
නරඹන්න නම් අනිවාර්යයෙන්ම කාලය වෙන් කරනවා. ඒ අවස්ථාවල පැරණි කලා හිතවතුන් හමු
වුණාම හරි සතුටුයි. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ගීත ගායනයටත් දායක වෙනවා. මේ හැමදේම
සමඟින් බොහොම සතුටින් කාලය ගත කරනවා.
|